20 April 2018
RSS Facebook Twitter   

හොරු සුරකින Law දෙවඟන..

lawඇත්ත කියන්න..!
ඔයා තවමත්,
බලනවා නේද හොරෙන්...,
හීනියට...?

තාරාදිය අභයාරාමෙට
කඩුව කටුගෙට
මාංචූ
අත් දෙකට...!

නොදැම්මොත්
අබ සරණයි
නීතියට...!!!


-x-

-http://maathalan.blogspot.co.uk/2015/05/law.html

සුරතල් නංගියේ අපෙ සන්නා - ඉන්දික ගුණවර්ධන

kacka sana Read more...

සීවලී යන්ත්‍රය

sivalithero
"සීවලී රුව තිබෙන ගෙයි නම්
බතින් කිසිවිට නොවේ අඩුවක් "

මසැසින් දුටුවිට සීවලී හිමි රුව
මනසට නැගුනේ පෙර ඒ කී බණ
සත්‍යක්මද?
පසක් කරගන්නට සිතුනි මට
නමුත් පෙනෙනා පරිදි නම් ,


පියෙකු දුක්වී හෙළු කඳුළැල්
දෑත මත කහවණුව හැරුණේ
ලැබුණු කහවණු ගෙදර වළඳේ
බතක් වී කුසගින්න නිවුණේ...

පියෙකු නැති කළ කාසි ලැබුවට
මවක නැති කළ උයා පිහුවට
ගෙදර ඇති සීවලී හිමිසඳ
කන්ට දුනිදැයි නොඒ මතකෙට

පොළව මත පය තබා කදිමට
වෙහෙස වී දිවි ගෙවන තරමට
යසස් ලැබිලා කුසත් පිරිලා
දිවිගෙවන්නට හැකිය සදහට

දෑත බුද්ධිය
වෙහෙසා තම
දිරිය ගෙන කල් ගෙවන තරමට
ලොවේ ඇති නැති බෝ දනන් හට
හැකිය තම කුස පුරව ගන්නට
ඇතත් නැතුවත් විරාජමානව
බබලෙත් සීවලී රුව
ගෙදර බිත මත

-http://dilagelokaya.blogspot.co.uk/2015/05/blog-post_12.html

කරනව නම් ලොකු හොරකම් - උදය ආර්. තෙන්නකෝන්

basil 12 Read more...

කණකැස්බ ළඟටවත් විය සිදුර නාවාද​​ - ඥානසිරි කොත්තිගොඩ​

 

somawansaදඩයමේ ගිහිල්ලා මංමුලා වූවාද​
උං මළා කියලවත් මුන්ට ගානක් නැද්ද​
කණකැස්බ ළඟටවත් විය සිදුර නාවාද​
පියාපත් ඇති පැස්බ ඉගිල්ලෙනු දුටුවාද​

උතුරෙ නැඟී දූවිල්ල සාටකෙන් පිසුවාද​
මුවට නැඟි හසරැල්ල පිණි බිඳක් වූවාද​
කොල්ලැ ඔරුවේ නැඟී දියවන්න පැද්දාද
නටපු තොවිලෙකුත් නැහැ බෙරෙත්පලු ගිය නේද​

අපිගියා දුර වැඩියි බැලන්ස් එක බිඳුනාද​
ටෝන් එක මාරුකර ටර්න් එක ගත්තාද
දෑකැත්ත මිටි කිව්වෙ ස්වස්ථිකෙ දැකලාද​
අට්ටලෝ දහමවත්  කියෙව්වොත් හොඳ නේද
(නිමිත්ත​;සෝමවංශ පක්‍ෂය හැර යයි.)

නුඹ නොවේ පළමු මල

sad grlනුහුරු කටු මත ඉපදුනේ නුඹ
නපුරු බව දැනගෙන නොවේ
සැලෙන නල කටු තුඩින් ඇනුනද
නොහඬනා මල් කැකුළියේ

විහඟ ගීයක සැදැහැ දෑතක
නොගැටී පින්මද බොලදියේ
කටුක දුක් කප්පරක් නුහුලන
ගැහැනියක දුටුවෙද ලොවේ

සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ
බමරු වෙත ආපසු යවා
උරණ හිරු හා පෙමින් බැඳුනද
ළපල්ලක මදහස පොවා

රතුම රතු බිම පතිත පෙති මත
කඳුළු බිඳු රැඳුනද මගේ
කියමි කුමරිය මෙලෙස මියදුනු
පළමු මල නම් නුඹ නොවේ........

-http://dilagelokaya.blogspot.co.uk/2015/04/blog-post.html

අටපට්ටම්

vesak-3"අන්න බලහං පුතේ
උනුත් ආසයි මෙව්වා කොරන්නට "

අටපට්ටම මට දෙමින්
නැන්දා හිනැහී කියයි මට...

දුන්නු අටපට්ටමට සෑහෙන
මොණර කොලයක් පතාගෙන
බලාගෙන හිඳියි
'මොහොමඩ්' මා දෙස

-http://upekshad.blogspot.co.uk/2015/04/blog-post_7.html

දයා ගියා

DAYA-ALVIS

මීට වසර 30 කට පෙර
මං ගොඩාක් ගැටවර කාළේ
නුඹේ කවට කියුම් අසා
බඩ අල්ලං හිනා උනා

මං විතරක් නෙමෙයි අපි ඔක්කොම

හම්බ වුණොත් මහ මඟකදී
‘බොන්න වරෙන් හවසක ගෙදර’
කියයි දයා අයියා
කහටක් නැති හිතින්

යන්නෙ නැති එක මළ ගෙවල් වල
කැත ගතියක් වෙන්නැති මගෙ
එ්් නිසා නෑ එන්නේ
උඹ බලන්න

ආවොත් යන්නම වෙනවාමයි
ඉතිං උඹ පලයං තනිවම
යනකං උඹ පස් යටටම
බොනවා මං එක දිගටම

හැම එකාටම බෑ - රසවතෙක් වෙන්න
හැම එකාටම බෑ - හිනා ගස්සවන්න
හැම එකාටම බෑ - යාලූවෙක් වෙන්න
හැම එකාටම බෑ -
ඔය ගමන නොගිහින් ඉන්න

ඉතිං අපිත් එනවා ලඟදිම
ඉඳින් එ් වෙනකං භාගයක් තියාගෙන

ගිය එකෙක් වෙනුවෙන් කවි කෑල්ලක්
ලියැවුණේ නැහැ කල්පෙකින්
අද උඹ ඇවිස්සවා
මගේ දුක් සිත

ඉතින් පලයං තනියම
සත්තයි එනවා ලඟදිම
දැනුත් යමින් ඉන්නෙ අපි
එක පෙළට

සිරිමල් විජේසිංහ

ප්‍රතිඋපකාරය...

 

mas-factory-workerඅප්පච්චිගෙ අසනීපෙට පොඩි මල්ලිගෙ ඉස්කෝලෙට
නිදිමරනා දෙනෙත පියෙන මගේ සැවුල් නවාතැනට
ගෙවා නිමාවෙන විට පඩිපත ඉතිරිවුනේ කොච්චරක්ද
ඒ හැම සතයම වැයකලේ උඹටයි මම ආදරේට

අම්ම නමට ලියුම් යවා ෆෝන් කාර්ඩ් දමා නුඹට
එළිවෙනකන් අකුරු කෙටුවේ උඹ මට වටිනා හින්දම
දමා සීට්ටුව ගෙලලන පවුම් භාගේ මාල හීන
වීසි කෙරුවෙ එලියට මම පළඳවන්න ඔටුනු නුඹට

නොකා බඩට ගත් කමිසය අරගන නුඹහට දුන්නම
මුවමත ඇඳෙනා සිනහව වටිනව මට රටක් සේම
තිසරපටේ ගැසුව කට්ට ඇනුණත් ඉදහිට පිට මත
එයට වඩා රිදුනා මට එකම කමිසෙ අදිනා විට

ලබා උපාධිය නුඹ හෙට කැන්දන් යන හීනය උඩ
උකස් කෙරුවෙ මගේ උපාධිය මැශිමට කම්මල යට
තනිවුන විට නුඹත් සමග පුස් ගඳ පිරි කාමරේක
පළල්වුනේ මගේ දෙපා නුඹ මත බැඳි විශ්වාසෙට

රස්සාවට ගිය දිනයෙදි ඇඳුන සිනා සිහිවෙන කොට
අනේ උඹට හොදක් වියන් දෙවියෝ යැද්දා මගෙ සිත
මම කොටනා මැසේජ් වලට උඹේ උත්තර අඩුවෙන කොට
සනසගත්තේ මගෙ සිත මම ඔබ වැඩයැයි සිතා සැරට

දිනක නුඹම ගුණ වැයු රුව මදිවන විට නුඹේ ඇසට
මගේ සරල පුරුදු නුඹට අසංවරයි සිතුන විටක
මූණට ගසනා අයුරින් නුඹ මට එය පවසන විට
දන්නවාද වැටුන කඳුළු නෙත් බොඳවී මැශිම මතට

ලයින් ලීඩර් අනුලක්කගේ බැණුම සැරනිසා සවනට
අමරදේව මාස්ටර්ගෙ ගීත සැරයි මගෙ ඔළුවට
මොනවද මේ අහන සිංදු ඕවත් සිංදුද ඇහුවට
මගෙ හද කොඳුරන ගීතය ඇහුනෙ නැද්ද නුඹේ සවනට

අපි වෙන්වෙමු හරියන්නෑ අපේ ඇසුර මේ විදිහට
නොකිය කිවුවේ නුඹ මා හට මා මදි බව උඹේ තත්වෙට
මේ තත්වෙන් ඉදන් මෙමා ජීවිතයක් ගොඩනැගුමට
කරපු යුද්දේ අවසානයේ දිනුවේ කවුද කියන් මෙමට


කටුස්සා....

-http://katusuhadawatha.blogspot.co.uk/2015/04/blog-post_32.html

 

ගර්භාෂයක පාළුව - රසිකා ගුණවර්ධන

 

 rasika guna poem 2 Read more...

අඳුරගන්නම බැරි අඳුරක - මංජුල වෙඩිවර්ධන

manjula w poem Read more...

 

 

සයිබර් පවුර