තර්ස්ටන් පිහිනුම් තටාකයේ පනස් වියැති ආදි සිසු මළ සිරුරක්! - පුවතක්
- Details
- Created on Friday, 05 June 2015 15:42
- Category: සයිබර් පවුර
අවුරුදු තිහ හතලිහක
පරණ පෙර පුරුද්දට
ඉස්කෝලෙ ආවාද.....?
හැත්තෑ ගණන් වල
අසූව දශකයේ මුල
සොඳුරු මතකය දිගේ
වල්මත්ව ආවාද.....?
නාවින්න හන්දියේ සිට
හයිලෙවල් පාර දිගේ
ස්කූල් බස් එක මග ඇරී
රෑ බෝව ප්‍රමාදව
ආවාද මිතුර නුඹ......?
තර්ස්ටන් පාරේ
විසල් මැයි ගස් යටින්
අතීත පා සලකුණු දිගේ
විකල් වී පැමිණුනිද.....?
සිප් කිරි පොවා
නැණ නුවණ කියාදී
හිස් දෑතින්ම
සුරලොවට පා නැගූ
ගුරු දෙවිවරුන් සොයා
ඔවුන් හා එක්වන්න
ආවාද මිතුර නුඹ.....?
කැණිමඩල ගිණි ගැනී
පියඹගෙන් වෙන් වී
වැරදුණු ජීවිත පාඩම
යලිත් හරිගසා කියවන්න
ආවෙහිද මිතුර නුඹ.....?
නුග ගහ එපිටින්
බුදු මැදුර ළඟ පාරෙන්
විදුහල්පති නිවස අසලින්
කට්ටි පැන ගිය
අතීතේ පුරුද්දට
පිහිනුම් තටාකය මැද්දෙන් මෙදා
ඇවිදින්න හිතුනාද.....?
කාලයේ ගංඟාවෝ
ජීවිතය විනිවිද
අඩසිය වසක් ගැලුවත්
ලෝකය පුරා
කුමන හෝ කොදෙව්වක
ජීවිතය ගැට ගැසුනත්
කිසිදා නොමියෙනා
පාසැලේ මතකය
නුඹේ මරණයෙන්
ඉකි ගසයි තවමත් ...............!!
- සමකාලීන තර්ස්ටන් ආදි සිසුවෙකු විසින් රචනා කරන ලද්දකි-
සයිබර් පවුර
- තහනම්..! - අනුරසිරි හෙට්ටිගේ
- අනාගත ගුරුවරුන්.. සිරගතව හිඳියි අද...
- උගත් මැවිසුරු බළලුන්
- කුවේණිට - වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
- පාරුවට පවා සැනසුම දැනේ!
- මටත් ආසයි තනිවෙන්න...
- පේරාදෙණි මතකය.. - සමන් ජයතිලක
- මං මුලාව
- ග්‍රේරෝ..
- නොනැවතෙන හුස්මකි පණ ගැහෙන සිරුරකි ...
- දෙවියො අල්ලස් ගන්නවා
- පාරමිතා.......! - සමන් ජයතිලක
- කාලෝ අයන්තේ
- මරභිය චක්‍රය-cycle of fear for your life to continue if you are not vigilant?
- බල්ලෝ සහ මිනිස්සු
- කවි ගලන සමවාරයක්*
- මං රාහුල, සිදුහත්ගේ පුතා... ඔව් එකම පුතා
- තර්ස්ටන් පිහිනුම් තටාකයේ පනස් වියැති ආදි සිසු මළ සිරුරක්! - පුවතක්
- අතීතයෙන් අහුලා ගත් කවියක් - ජයතිලක කම්මැල්ලවීර
- ළමා කෝමල පෙතී - සුනිල් ගාමිණී