15 August 2018
RSS Facebook Twitter   

ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නෑ පුතේ .............-තුෂාර විතාරණ

 

childහිනා වෙන වත වහං කරනවා වේදනාවන් බෝමයක්
අැල කරං ඔය මූණ කියනවා දරා ගන්නට බැරි දෙයක්
ගතේ වැරහැලි හිතේ දුක් ගිනි කුසේ ගින්දර මහ ගොඩක්
පුතේ ඔය නෙත පුංචි කරලා කියනවාදෝ මට කුමක්

කොහෙන් අහුලා ගත් දෙයක් දෝ දරාගෙන ඔය කිහිල්ලේ
වතුර බෝතල් එවන උන්මයි ගිනි ගැහුවෙ උඹෙ කැදැල්ලේ
මටත් ගෙවලා මාව එවලා අැත්තෙ පෙන්නන්නට බලේ
කොහොම කරමිද මගේ පැටියත් උඹ වගේමයි හුරතලේ

අාවෙ අැයි දැයි අහයි නම් උඹ කුමක් කියමිද මං පුතේ
උඹේ අම්මා අප්පා මරනට තිබුණේ නෑ තරහක් හිතේ
ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නං නැතේ
මූට අණදෙන මාමලා ගැන කියන්නං දවසක පුතේ

පුංචි අත් පා කන්න මොකවත් අහනවා නම් මං වෙතිං
කුසේ අැතිවත් අරං දෙන්නම් නිවන්නට කුස ගිනි උඹෙං
ඒත් උඹගේ හෙට දවස ගැන අහයි නම් දැනෙනා සැකෙං
කියන්නට දේ බොහෝමැයි මට නොතේරේ අරඹනු කොහෙං ..............


තුෂාර විතාරණ

-http://kurutugegeepawra.blogspot.co.uk/2015/03/blog-post_7.html

 

 

 

සයිබර් පවුර