22 May 2018
RSS Facebook Twitter   

මොඩ්ලීන් කිරිල්ලී

bassi

තුන් රෝද රියේ ෂූටින් වලට ඉගිල්ලී
කොට සාය අතින් ඇද ඇද හදන කිරිල්ලී
අඟල් හතරක හීල් එක උඩද නොසෙල්ලී
ඔෆිස් පඩිපෙල නගියි මොඩ්ලීන් කිරිල්ලී

දිගු නීල දෙනෙත මත හරිත පැහැ අඳුන් ලා
අයන් කල කෙස් කැරලි ඉස් මුදුනෙ බැඳුම් ලා
රෝස තොල් පෙති වසා රතට සායම් උලා
මද සිනහ නගන්නී පාට සිත්තම සලා

කැමරාව සහ අඩුම කුඩුම ටික අතට හුරු
දෑත් ගොබ පුරාවට නෙක ටැටූ රටා දැරු
ෆොටෝ ෂූටින් එකට නැතුව බැරි වටින විරු
කුරුල්ලෝ වෙලෙති ඇගෙ අඳුන් සුවඳක සොඳුරු

හත්දහස ඉක්මවයි ඇඟලාපු මිනිගවුම
දහදහට ගන්ට බෑ උල් පාවහන් දෙකම
හුරුබුහුටි පසුම්බිය වටියි පන්දාහක්ම
තිස්දහස ඉක්මවයි මාල මුදු ඇන්දාම

එක ෆොටෝ ෂූට් එකකට ඇඳුම් විසිපහයි
ඒ වුනත් ටයිම් එක සේරටම පැය දෙකයි
ලහි ලහියෙ කොස්ටියුම් එකින් එක ගත වෙළයි
එකින් එක ලෙන්ස් මත සොඳුරු සිත්තම් මවයි

මූණ නොපෙනෙන ලෙසට පිංතූර ක්‍රොප් කරන්
දිගු දෙපා යුගලයට ග්ලෝ එකක් මුහු කරන්
ඕඩියන්ස් වැඩි වෙන්න සෙක්සි ටච් එක අරන්
ඩිසයිනර් වැඩ දමයි ෆොටෝ ෂොප් දිග ඇරන්

ෂූට් එක නිමා වී මහන්සිය සෝදලා
දහදියෙන් වෙලුනු මුව අලුත් වත්සුනු උලා
දාහෙ කොළ තුන මිටට අරන් හසරැල් සලා
විඩාබර දෙපා අද්දමින් යයි පිටවෙලා
උපුටා ගැනීම - http://bassigenawathana.blogspot.co.uk/

 

 

සයිබර් පවුර