22 May 2018
RSS Facebook Twitter   

සූරිය සදිසි පුතු - අනුරාධනී ජීවන්දර

 

suriyakanda

 

සූරිය උදාවන විට සැඟවෙන මලක
සූරිය රැස්‌මතින වියෑලෙන පිනි බිඳක
සූරිය කන්ද ළඟ ඉහිරුණු කිරි බිඳෙක
සූරිය සදිසි පුතු සොයනෙමි මම තවම

 

යනෙන ගමන් නුවරුන් තම නුඹ ගැනම
අසන කරුණු කිම කල් ගෙවුණත් බොහොම
මතක සුවඳ ඇත අද ඊයේ ලෙසින
කොහොම හිතන්නද නුඹ ළඟ නැති කරුණ

නයන නිවන නුඹෙ රුව වාසනා වුණ
තිබුණ රතු පාට පොත් විණි අවනඩුව
රැයත පැමිණි නන්නාඳුනනා පවන
පහන මගේ නිවලා සැඟවෙලා ගිය

දෑත හොවා ඉස මුදුනේ බෝ බැතිනී
සෑය වටා පැදකුණු කරනෙමි සෙමිනී
දෑස රිදෙන තුරු තාමත් මඟ බලමී
නෑර දවස නුඹ සිහිකරමින් හඬමී

'කවි සියපත' කවි එකතුවෙනි.
උපුටා ගැනීම - වටමඬල- දිවයින

 

 

 

සයිබර් පවුර