22 January 2018
RSS Facebook Twitter   

සිංහල බෞද්ධ සමාජය හැදුවේ මහින්ද නෙමෙයි ප්‍රභාකරන්!

 

london pub large

ලන්ඩන් පබ් - 05 London - 05

පසුගිය බ්‍රහස්පතින්දා ලන්ඩන් පබ් එකට කට්ටිය සෙට් වුනේ ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් මැච් එක බලන්න වගේම එදා දවල් ජිනීවා මානව හිමිකම් සමුළුවේ තොරතුරු කතා කරන්න. එංගලන්තෙ හිටියත් අපේ කට්ටිය සපෝට් කරන්නෙ ලංකාවට මිසක් එංගලන්තේට නෙමෙයි. පුරුදු පරිදිම ක්‍රිකට් මැච් එක ගැනත් ජිනීවා මැච් එක ගැනත් අපේ කට්ටිය විවිධ දේවල් කිව්වා. පමණක් කතාබහ විහිළුවගේ පෙනුනට ඊට වඩා ගැඹුරක් ඒව තුල තිබ්බා. හැමදාම වගේ පබ් එකට යන එන චරිත තමයි එදත් ඇවිත් හිටියෙ. එංගලන්තෙ වැඩිපුරම ක්‍රිකට් මැච් බලන්නෙ ආසියාතිකයො වන අපි. සුද්දො කියන්නෙ ක්‍රිකට් හරිම ‘බෝරිං ගේම් ' එකක් කියල. ෆුට් බෝල් කිව්වොත් පණ වුනත් දෙයි. බාර් මෑන්ට හිතෙන විදිහට T - 20 ක්‍රිකට් තරඟ නිර්මාණය කරල තියෙන්නෙ ක්‍රිකට් වලින් ඈත් වෙන ෆුට්බෝල් රසිකයන් වෙනුවෙන් කියල. හැබැයි ඒකෙන් වෙන්නෙ ක්‍රිකට්වල තියෙන ‘මහත්මා ගුණය' විනාශ කිරීමක්. කොහොම වුනත් ක්‍රිකට්වල අනාගතය රැදිල තියෙන්නෙ ක්‍රිකට් ඉපදුන එංගලන්තෙ නෙමෙයි. අපේ වගේ ආසියාතික රටවල. ඉන්දියාවෙ IPL මැච් එකකුයි ලන්ඩන් වෙම්බ්ලි වල ෆුට් බෝල් මැච් එකකුයි අතර කිසිම වෙනසක් නෑ. සුද්දන්ට ෆුට් බෝල් අපිට ක්‍රිකට්. අර කවුද කිව්ව වගේ ලංකාවෙ තියෙන්නෙ ආගම් තුනයි. ඒ තමයි යූඑන්පී, ශ්‍රී ලංකා සහ ක්‍රිකට්. බාර් මෑන්ට තාම මතකයි ලංකාවෙ ඉන්දැද්දි කියෝපු ක්‍රිකට් ගැන පුංචි කවියක්.

Read more...

මානව හිමිකම් මක්කටෙයි?

 

siyage blogeka 1පියදාස මුදලාලිගේ දේශපාලන විග්‍රහය

මට නම් හිතෙන විදිහට අපේ රටේ තියෙන්නෙ ප්‍රශ්න 2 යි. එකක් ත්‍රස්තවාදය. අනික මානව හිමිකම්. පලවෙනි ප්‍රශ්නෙ පර්සි මල්ලියි (ජනාධිපතිතුමා) හිච්චි මල්ලියි (ගෝඨාභය) එක්කහු වෙලා විසදුවා. දැන් තියෙන්නෙ එකක් විතරයි. ඒ තමයි මානව හිමිකම් ප්‍රශ්නෙ. ඇත්තටම ලංකාවෙ අපිට ‘මානව හිමිකම් මක්කටෙයි' එහෙම නැත්තන් මොකටද? කියල මේ ගමන මට ලියන්න හිතුනා. මම කියෝගෙන ගියපු දේ නිපුණ මුණුබුරා කොම්පියුටරේ ටයිප් කරා.

Read more...

ඉන්දියාව මිනීමරා මහින්දව හිරේ යැවීම

 

london pub largeලන්ඩන් පබ් - 04 London Pub - 04

ළඟදී ‘ලන්ඩන් පබ්' එකට ආපු සහන් මල්ලී නියම කතාවක් කිව්වා. සහන්ගෙ සීයට තිබ්බලු මාතර කතරගම පාරේ කිරි හට්ටි කඩයක්. දවසක් සුද්දෙක් ඇවිත් කිරි හට්ටි කීපයක් අරගෙන සල්ලි ගෙවලා බඩුටික කැෂියර් කූඩුව ගාව බිමින් තියලා වෙන වැඩකට එලියට ගිහින්. ඒ අතරතුර දඩාවතේ යන බල්ලෙක් ඇවිල්ලා කැෂියර් කූඩුව ගාව බිම තිබුනු කිරි හට්ටි ටික පෙරළගෙන කාලා. සීය ඒක දකින කොට බල්ල කිරි හට්ටි ටිකට වැඩේ දීලා ඉවරලු. පස්සෙ සුද්දා කිරි හට්ටි ටික අරන් යන්ඩ ආවහම වෙලා තියෙන දේ දැකලා සීයගෙ බෙල්ලෙන් අල්ලගත්තලු. සුද්ද හිතල තියෙන්නෙ සීයයි මේ වැඩේ කරේ කියල. වෙච්ච දේ සුද්දට පැහැදිලි කරල කියන්ඩ සීයට ඉංග්‍රීසි බෑ. සුද්ද කෑ ගගහ සීයගේ බෙල්ලෙන් අල්ලගෙන සීයට බණිනවලු. අන්තිමට බැරිම තැන සීයා කෑගහල හතරවටේ හිටපු අයට කිව්වලු ‘යකෝ දන්න එකෙක් කියපල්ලා මේ කිරි හට්ටි මං කෑවෙ නෑ. අර බල්ලා කෑවෙ කියල'නමුත් ඒටික සුද්දට පහදල දෙන්න එකෙක්වත් ඉදිරිපත්වෙලා නෑ. ඒ වෙනුවට අහල පහල කට්ටිය එක්කහුවෙලා සුද්දගෙ බෙල්ලෙන් අල්ලලා කඩෙන් එලියට තල්ලු කරල දැම්මලු. අන්තිමට සුද්දා කිරි හට්ටි ටිකත් දාලා ගුටිත් කාලා සීයට බැණ බැණ යන්න ගියාලු.

Read more...

පියදාස මුදලාලි ජිනීවා යවමුද?

 

siyage blogekaපියදාස මුදලාලිගේ දේශපාලන විග්‍රහය හෙවත් සීයාගේ බ්ලොග් එක

මගෙ නම ඇම් ඒ පියදාස. ඒ කියන්නෙ මාතර ආරච්චිගේ පියදාස. ලබන පොසොන් මාසෙට වයස හැත්තෑ දෙක අහවරයි. උපන්නෙ තංගල්ලෙ වීරකැටියෙ. දැනට පදිංචිය කිරිල්ලපොනේ. කොළඹට ආවෙ බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තිබ්බ අවුරුද්දෙ. ඒ කියන්නෙ නමසිය පනස් නමේ බිනර මාසෙ. පිටකොටුවෙ ‘මාතර ස්ටෝර්ස්' කියන්නෙ මගේ ව්‍යාපාරය. දැන් ඒක පුතාලයි බෑනලයි තමයි කරගෙන යන්නෙ. ව්‍යාපාර රාශියක් නිසා දැන් ඒකට කියන්නෙ ‘‘මාතර ගෘෘප්'' කියල.

Read more...

‘කවුද කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂයක් කියලා ?'

 

london pub largeලන්ඩන් පබ් - 03 London Pub -03

ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂයක් ද? නැද්ද? කියන කාරණය පහුගිය පෙබරවාරි 02 වෙනිදා ‘ලන්ඩන්වල අපේ කට්ටිය' ලන්ඩන් පබ් එකට සෙට් වෙලා විවිධ ආකාරයට සාකච්ඡා කළා. එදා තමයි ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා අනුර කුමාර දිසානායක තෝරා පත්කර ගත්තෙ. ජවිපෙ සියළුම යුගයන් නියෝජනය කරපු උදවිය එදා ‘ලන්ඩන් පබ්' එකේ කතා බහේ නියැළුණා.

Read more...

සිංහයින්ට විතරක් නෙමෙයි කොටින්ටත් අං තියෙනවා!

london pub large

ලන්ඩන් පබ් London Pub -02

ලංකාවේ ‘පබ්' වලට කියන්නේ ‘බාර්' එහෙමත් නැත්නම් ‘ටැවර්න්' කියල. ඒවා වලට යන්නෙ කෙලින්ම කට කපලා දෙකක් දාගන්න. පමණක් වෙලාවට ප්‍රයිවට් බස්වල කොන්දොස්තරලා බස් එක ලෝඩ් කරනකන් ඩ්‍රයිවර්ලා බාර් එකට ගොඩවෙලා එනව. ඊට පස්සෙ කොන්දොස්තර යනව. ත්‍රීවීල් මල්ලිලත් ඒ විදිහම තමයි. ඉස්සර බාර් මෑන් බොරැල්ලෙ හන්දියෙ ‘ඩියුරෝ' බාර් එක ඉස්සරහ මේ ක්‍රියාවලිය විනෝදෙන් බලාගෙන ඉදල තියෙනව. ඩියුරෝ එකේ බාර් මෑන් වැඩේට දක්වන්නේ පුදුම දක්ෂතාවයක්. ගල්බෝතලේ කඩල අසෝක වීදුරු හතරට එකගානට පුරවන්නෙ වීදුරුව දිහා බලන්නෙත් නැතුව.

Read more...

විදුලි ආ‍ලෝක යට නිරුවත් සෝදිසි පරික්‍ෂාවන්!

gana nonimiවාර්තාකරුවෙකුගේ කතාව - 2 වන පරිච්ඡේදය | තෙවන කොටස

උරස්තලය සහ ගෙළ පෙදෙසට බරපතල තුවාල සිදුව ඇති නමුත් සිහි කල්පනාව රැඳි මවක් සිය දරුවා ඉල්ලා මොරදෙනු, දිනක් රෝහලේ මළ සිරුරු සහ තුවාල ලැබූවන් ගණන් කරමින් සිටි ලෝකීසන් දුටුවේය. මිත්තණිය යැයි සිතිය හැකි වියපත් කාන්තාවක්, හය මසක් පමණ වියැති සුළු තුවාල සිදු වූ දරුවෙක් රැගෙන ආවාය.

Read more...

සිවිල් වැසියන් මතට සුදු පොස්පරස් ප්‍රහාර

වාර්තාකරුවෙකුගේ කතාව - 2 වන පරිච්ඡේදය | දෙවන කොටස

gana nonimiLankanewsweb - සෙස්සන් මෙන්ම, ලෝකීසන් සහ ඔහුගේ පවුලේ ඈයින්ද, ගමින් ගම හරහා පලා ගියේ ඒ සෑම තැනක්ම ආරක්‍ෂාව ගෙනෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

Read more...

'අන්තිමේ දී අපි බිව්වේ මළකුණු පාවෙන කළපු වතුර'

වාර්තාකරුවෙකුගේ කතාව - 2 වන පරිච්ඡේදය | පළමු කොටස

 

අහඹු ඝාතක භූමියක් ‍බවට පෙරළාගත් නිවර්තන වෙරළතක රන්වන් වැලි තීරයක් ඔස්සේ ලෝකීසන් පලා යමින් සිටියේය. රළු දිගු රැවුළින්ද, නොපීරෑ හිසින් ද යුත් අඩි හයක් උසැති සත් විසි වියැත්තෙකු, දරුවෙක් රැගෙන යන්නාක් බඳුව සිය පියා දෑතින් ඔසවාගෙන ගියේය.

Read more...