19 April 2018
උගත් පාඩම් හා ඉගෙන ගත යුතු පාඩම්
- Details
- Created on Tuesday, 28 July 2015 09:30
- Category: නෙළුම් යාය

මේ ලිපිය ලියන්නේ අම්බානෙක වැඩ අව් අස්සේය. වැඩ බල්ලට දමා බ්ලොගයේ කොටන්නේ ඊයේ පිට පිටම සිව්වෙනි වතාවටත් මගේ හිත කීරි ගැහි ගිය නිසාය
ඔබතුමා ප්රභාකරන් නමැති ත්රස්තවාදියා සමග සාම සාකච්චා කොට යුද්ධයට පිළියම් සොයන්නට ගොස්, සාකච්ඡා වලන් ත්රස්තවාදියා කට්ටි පැන්න කල, හොඳින් හෝ නරකින්
වැඩේ ඉවරයක් කර දමන්නට හිතාගෙන නෙලාගෙන නෙලාගෙන ගියාය.ඔය යුධ අපරාධ ගැන ගිරිය කඩාගෙන කෑ ගහන ඇමෙරිකාව නෙලන නෙලිලි දිහා බැලුවාම මේවා නොගිනිය හැකි තරම්ය. සිංහල , දෙමළ , මුස්ලිම් බේදයකින් තොරව යුද්ධයෙන් බැට කෑවෝය. ඒ සමයේ බඩුමිල , විදුලිබිල, තෙල් මිල මොනාවයින් මොනවා උනත් රටවැසියා ඉවසා වදාළේ මේ මගුල මොකක් හෝ කර ඉවරයක් කර දමන්නට හැමෝටම උවමනා වූ නිසාය.
යුද්ධය ඉවර උනාය. සිරි ලංකා වාසින් පස්වනක් ප්‍රීතියෙන් ඉපිලුනහ. තුවාලේ තරම දන්නේ වටේ ඉන්නා එවුන් නොව තුවාලේ ඇති ඒකාය. එනිසා තුවාලේ සුවවීමේ සතුට තුවාලය තිබුණු එකාටය.
නමුත්මෙතැනදී හැමෝටම අමතක වූ එක දෙයක් තිබුණාය. එනම් තුවාලය වසාගෙන හුන් ඉහඳ පනුවන් ඔක්කෝම නොමැරුණු බවය. එයින් එකෙක් හීන් සීරුවේ ඔබතුමාගේ ඔලුව ඇතුලටද බැහැගන්නට සමත් වී උන්නාය. එදා සිට හැමදාම ඌ වලිකෑවේ තමුන් මුලින් සිටි තුවාලයේ රසය නැවත නැවත මතක් කරමින් ඒ සමග රමණය කරන්නටය.
ඒ අස්සේ පාරවල් හදා, නගර සංවර්ධනය කර ලොකු සංවර්ධන වැඩ පිළිවෙලක්ද තිබුණු බව සැබෑය.සිරි ලංකාවට බොහොම දුර හීනෙක තිබූ අධිවේග හෙම හදා පෙන්නුවේ ඔබතුමාය.නමුත් මා නම් අසා ඇත්තේ රටක් ලබා ගන්නා ණය ආයෝජන වල යොදවා එයින් ගලා එන මුදලෙන් සංවර්ධන වැඩ සිද්ද කල යුතු බවය. නැත්නම් ජනතාව අධිවේග වල පිනුම් ගගහා ගොස් අන්තිමේ නවතින්නේ ග්‍රීසිය නැවතුනු තැනය.
කිඹුලා කනවා ඉවසුවාට කොහිල කටු ඇනිම ඉවසන්න බැරි ලෙසම ඔබ තුමාගේ වටේ උන් හෙන්චයියන් දැමූ ඩාන්ස් රටේ ජනතාවට තිත්ත වී තිබුනේය. එහෙව් සමයක තුරුම්පු එකක් වත් නැති කාඩ් අතක් දරාගෙන ඔබතුමා නියමිත කාලයෙන් අවුරුදු දෙකකට පෙර ක්‍රීඩා පිටියට එන්ටර් උනේ සුමනයාගෙන් ලද ගුලියක්ය නිසා කියන කතාව නිකම්ම නිකං සුරංගනා කතාවක් විතරය. ඔබතුමා වැනි දේශපාලන ඥානයෙන් අගතැන්පත් අයෙකු මේ දෙකයි පනහේ බයියන්ගේ ඔපිනියන් නිසා ඔවැනි විජ්ජුම්බරයක් කර ගන්නේ නැත්තේය.
මගේ හිත මුල්වතාවට කිරි ගැහුනේ එන්න එදාය…
ඔබතුමා ගේ රශ්මියෙන් බැබලෙමින්, සියලු යස ඉසුරෙන් ආරුඪව වැජඹුණු බලුගැත්තන් “ඔබට මිස බටුවලට සේවය නොකරමි ” න්‍යායෙන් යුතුව ඔබ ඉදිරියේ මවා තිබුනේ සක්විති රජ පොස්ට් එකක්ය. එහි අඥාදායකයාද, පාලකයාද, දේශකයාද, තීරකයාද උනේ ඔබ තුමාමය. එයින් මත්ව කරන්නට යෙදුනු අයිෆා, නයිට් රේස් වැනි රටට දරන්නට බැරි බහුරූ කෝලම් දෙස බලාන ජනතාව චූන් වුනේ නැත්තේය. ඒ විගඩම් නිසා සංචාරක ව්‍යාපාරයට සිද්ද වුනු ඇටිකෙහෙලකුත් නැත්තේය.ඒ දින වල කොටස් වෙළඳ පොළ ගැන කතා නොකරමි. හැඟී හැඟී වෙස්මුනු බඳින අයට එළිපිට නටන්නට වෙන නැටුම් ගැන පමණක් මතක් කරමි
බලන්නට අප්පිරියා හිතෙන අන්දමේ චන්ද ව්‍යාපාරයක් සිද්ද කිරීමට තරම් ඔබ තුමා ජනතාවගේ අප්‍රසාදයට බදුන් වී උන්නේ නැත. මිටරයෙන් මීටරය ට කටවුට් ගසා ඔබ තුමා කව්දැයි අඳුන්වා දීමට තරම් ඔබව ජනතාවට අමතක වී තිබුනේද නැත. කෝලම් බට්ටෙකුට වෙස් ගැන්වුවාට නියම මයිත්රිපාල සිරිසේන මහතාව වෙන්කර අඳුනා ගැනීමට නොහැකි තරමට ජනතාව අන්ධව උන්නේද නැත. ඔබ තුමා කල කී දෙය අමතක කිරීමට තරම් ජනතාවට අමතක වන රෝගයක් තිබුනේද නැත. මාස අටක චු කොල්ලෙකුට “ජයවේවා” කියා කෑ ගහන්නට තරම් ආශ්චර්යක් තිබුනේද නැත
මගේ හිත දෙවෙනි වතාවට කිරි ගැහුනේ අන්න එදාය….
චන්දයකින් පරාද වූ පළමු ශ්‍රී ලංකාවේ පළමු ජනපති ලෙස ඔබ තුමා අරලියගහ මන්දිරයෙන් එලියට බහින විට මගේ හිත හෝස් ගා ගියාය. ඒත් ඊළඟ දවසේ සිට ඔබතුමා යලිත් කරලියට පැමිණි කල මේ මොන ඇන්නාවක්දැයි හිතුනේය. තමුන්ට ලැබුණු චන්ද වලට චරිත සහතික නිකුත් කරමින් ඒවා යේ පැටිකිරිය කියන්නට යෙදුනු කල ලංකාවේ ඉන්නේ “ශ්‍රී ලාංකිකයන්ය” යන්න පවසන්නට යෙදුනේ ඔබ තුමාම දැයි සිතුනේය.
මගේ හිත තෙවන වතාවට කිරි ගැහුනේ අන්න එදාය…
කොහෙමෙන් නමුත් ජාතිවාදී ලේබල් ගලවා නැවත ඔබ තුමා සබාවට එන විට තුරුම්පු යලිත් එක් රැස් වන සෙයක් පෙනුනේය. නමුත් ඊයේ ඔබ තුමා අර කාටදෝ ගහන්නට පනින වීඩියෝවක් දුටු තැන මගේ හිත යලිත් වතාවක් කිරි ගැසී ගියාය
මගේ හිත සිව්වන වරටත් කිරි ගැසුනේ ඊයේය…
මේ වෙලාවේ ආසියා ඔබේ අතේ නැත්තේය. වටේ පිටේ නියවා උන් දහයක් දොළහක් පයින් ගසා එලියට දැම්මා නම් ආසියා ඔබේ අතේ තව අවුරුදු හයක්වත් රැදී තිබෙන්නේය. “මොකෙක්වත් කියන දේ මම අහන්නේ නෑ” යන්න හනගැසී තිබූ ඔබතුමාගේ ඔලුව පොඩ්ඩක් වෙනස් කර ගත්තා නම්, ඔබ ඉන්නා තුරු ආසියා ඔබ අතේය.
කලාවට, ජන මාධ්‍යට දේශපාලනය ඕනෑම නැත්තේය. විපක්ෂය කියා දෙයක්ද තිබිය යුතුමය. විපක්ෂයේ පොඩ්ඩක් නැගී එන විට ඇමක් දා ආණ්ඩුවට බිලී බා ගැනීම අනුමත කල නොහැක්කේය. (එසේ ඇම කන ඈයන් ඊළඟ සැරේ ගෙදර තබා ගැනීම ජනතාව සතුය). වැරදි කරපු එවුන් ළඟ තබා ගැනීම හෝ කැලෑ නිතිය ක්රියාවේ යෙදවීම නොකළ මනාය
ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. ඒවා දැන ගැනුම කාට කාටත් අගනේය. ජනතාව මෝඩයන් නොවන්නේය
ගෑණු ළමයා වෙනුවෙන් ලියා පලකලේ
රොටියා
නෙළුම් යාය සහෘද සමුහය
- බයියන් සීනුවටත් බයයි
- උගත් පාඩම් හා ඉගෙන ගත යුතු පාඩම්
- සිංහල ජාතිවාදීන්ගේ NGO භීතිකාව
- ආච්චිගෙ රෙද්ද
- ගිනිගත් නගරය
- 1983 ජූලියක් සිරි ලකට නැවත නොම වේවා.
- අබයාරාමයේ විත්ති - අහෝ දුකකි, බේදයකි..අප්පච්චිට අවසානයේ වැලේ වැල් නැතිවූ වගයි.
- ඒ කාලෙ මේ කාලේ සහ ඉදිරි කාලේ....
- සියාමා ගේ කතාවට පසු වදනක්
- සයිබර් සහෝදරත්වය පොළවට ගේද්දි අවුල් උනාද ?
- ඇයි අපි කළුද ?......ඔබේ වටිනා චන්දය නිවැරදිව පාවිච්චි කරන්න
- ඔෆිස් කතාවක්
- ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමී
- 17 වසරක සාපයක් යලිත් ඕනද?
- වට වංදනාව නොහොත් Circle Pilgrimage
- වැස්ස…!! (Is it going to rain?)
- තළවකැලේ ගියෙමි, සංවේගයට පත් වීමි.......෴
- තාමරෛකුළම් මැද පිපුණු හෘදයාංගම නෙළුම් කැකුළු.. Inside out of 'Journey to Thalawakele' by Katussa
- මහින්දට ආ අභිරහස් දුරකථන ඇමතුම කුමක්ද?
- මහින්ද පිල සාර්ථක ඉනිමක් අවසන් කර තිබේ!