1983 ජූලියක් සිරි ලකට නැවත නොම වේවා.
- Details
- Created on Thursday, 23 July 2015 22:58
- Category: නෙළුම් යාය
මෙලොවට දරුවෙක් උපදින විට ප්‍රථමයෙන් දෙමාපිය රැකවරණය ලබයි. ජේසු බිලිඳා සහ සිදුහත් කුමරා යන දෙදෙනාම ඉපදුනේ එළිමහනේ අනපේක්ෂිත ස්ථාන දෙකකය. ඔවුන් දෙදෙනා ලද දෙමාපිය රැකවරණය සහ ආදරය නොවන්නට සාමයේ පණිවිඩ ලොවට නොලැබෙන්න ඉඩ තිබුණි. එසේ වැඩෙන දරුවෙක් තාරුණ්‍යයට එළබෙන විට රටක ව්‍යවස්ථාවෙන් හා ඉන් ව්‍යුත්පන්න වන නීති රාමුවෙන් රැකවරණය ලබය්. එසේ නීති රාමුවෙන් රැකවරණය ලබා පෝෂණය වන තාරුණ්‍යය රටක ඉදිරි ගමන ශක්තිමත් කරයි. නමුත් මානව සම්භවයේ සමහර තැන් වල එම නීති රාමුවේ රක්ෂණය අභිබවා ගෝත්‍රික හැගීම් නැගී සිට ඉතා ඛේද ජනක ලේ වැගිරීම් සිදු කර ඇත.
1983 මෙවැනි දිනක රටේ නායකයා වුයේ ධර්මිෂ්ට සමාජයක් බිහි කිරීමට ආ ජේ. ආර්. ජයවර්ධනය. ඔහුට 1983 ජුලි මස අද දවසේ කොලබ ඇවිලුණු ජාතිවාදී ගිනිදැල් නිවාලීමට අඩු තරමේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සතියක් ගත විය. කොළඹ ගිණි ගෙන අලු වෙන අයුරු ඔහු බලා සිටියේය. අද දින දක්වා කිසිදු අපරාද කාරයෙක් නීතියේ රැහැනට ගෙන නැත. එත් සමග වේලුපිල්ලේ ප්රභාකරන් උතුරෙන් දියත් කරෙත් ජාති වාදය හා ද්වේශයය්. ලෝබ, ද්වේශ, මෝහ, යන මේ තුන් ගින්නම වැඩෙන්නේ නාභි දෙකක් හෝ වැඩි ගනනක් වටාය. උතුරින් එක නාභියකුත්, දකුණෙන් තව නාභියකුත් මුල් කරගෙන සහ-පෝෂණය වී වැඩුන ගින්න වසර 30 ක් සිරි ලක මානවයා දවාලුය.
අපි පනාගොඩ කඳවුරේ සමහර තාක්ෂණ හමුවීම් පාන්දර දෙකට පමණ හමාර කොට නිදි මරගාතෙ ගෙදර යනකොට මෙවන් ගින්නක් අපේ දරුවන්ට නොලැබේවා කියල සැමදා පැතුවෙමු. උදේ සතරට විතර ගෝටගේ ගෙදර සමහර හමුවීම් වලට ගිහින් පාන්දර සරසවියට ගියේ අපි මත යැපෙන සිසුන්ට මෙවන් දුකක් නොලැබේවා කියන ප්රර්තනවෙනි. නමුත් අපේ යම් කරුමෙකට සිරි ලක මානවයාට යුධය හා ගැටුම යන දෙක වෙන් කර හඳුනාගත නොහැකි විය. ඔවුන්ගෙන් බොහොමයක් යුද්දයේ අවසන ගැටුමේ නාභි වල නිරෝධ වීම යයි සිතුවෝය. එසේ සිතා දැනටත් දැවෙන උතුරේ නාභිය පෙන්නා දේශපාලනය යහමින් කරගෙන ගියේ දකුණේ නාභියක් නැතය් අවධාරණය කරගෙනය්.
අද දින නැවතී සිතන දිනයයි. ගැටුමේ නාභි සියල්ලේ නිරෝධයට එක් ප්‍රධාන සාධකයක් වනුයේ සියලු පුරවැසියන් හට ව්‍යවස්ථාවෙන් අවංකවම රක්ෂණයක් ලබා දිමය්. එයට නීතියේ අධිපත්‍යය, පුරවැසි භාවය හා ජනතා පරමාධිපත්‍යය යන පරම අයිතීන් වෙනුවෙන් ජනතාව පෙළ ගැසේවා. ඒ අතර සිදුවූ අතපසු වීම් ගැන එකිනෙකා අවංකව විමසා බැලීමට ජනතාවට දිරිය ලැබේවා. 1983 ජූලියක් සිරි ලකට නැවත නොම වේවා.
ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර
නෙළුම් යාය සහෘද සමුහය
- බයියන් සීනුවටත් බයයි
- උගත් පාඩම් හා ඉගෙන ගත යුතු පාඩම්
- සිංහල ජාතිවාදීන්ගේ NGO භීතිකාව
- ආච්චිගෙ රෙද්ද
- ගිනිගත් නගරය
- 1983 ජූලියක් සිරි ලකට නැවත නොම වේවා.
- අබයාරාමයේ විත්ති - අහෝ දුකකි, බේදයකි..අප්පච්චිට අවසානයේ වැලේ වැල් නැතිවූ වගයි.
- ඒ කාලෙ මේ කාලේ සහ ඉදිරි කාලේ....
- සියාමා ගේ කතාවට පසු වදනක්
- සයිබර් සහෝදරත්වය පොළවට ගේද්දි අවුල් උනාද ?
- ඇයි අපි කළුද ?......ඔබේ වටිනා චන්දය නිවැරදිව පාවිච්චි කරන්න
- ඔෆිස් කතාවක්
- ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමී
- 17 වසරක සාපයක් යලිත් ඕනද?
- වට වංදනාව නොහොත් Circle Pilgrimage
- වැස්ස…!! (Is it going to rain?)
- තළවකැලේ ගියෙමි, සංවේගයට පත් වීමි.......෴
- තාමරෛකුළම් මැද පිපුණු හෘදයාංගම නෙළුම් කැකුළු.. Inside out of 'Journey to Thalawakele' by Katussa
- මහින්දට ආ අභිරහස් දුරකථන ඇමතුම කුමක්ද?
- මහින්ද පිල සාර්ථක ඉනිමක් අවසන් කර තිබේ!