15 December 2017
RSS Facebook Twitter   

ඔෆිස් කතාවක්

officeසාමාන්‍යයෙන් රජයේ ආයතන වල දී යම් ගැටළුවක දී තීරණ ගන්නේ ඉහළ නිළධාරීන් , ලිපිකරුවන්ට තියෙන්නේ ඒ තීරණය අදාළ අයට ලිපි මගින් දැනුම් දීම.
 
එතන දි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලිපිගොනු හරහා…. ලිපිකරුවා හෝ ලිපිකාරිණිය කරන්නේ තීරණය අවශ්‍ය වන අදාල ලිපිය ,ගොනුවේ අමුණලා . සිද්ධිය ගැන අතීත කතාව පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරලා , තමන්ගේ අදහසක් එහෙම තියනව නන් තීරණය ගන්න ලේසි වෙන්න
ඒකත් ලියල උපදෙස් සදහා ඉ/ කරමි කියල සටහන අවසන් කරනෙක.
 
මෙතනදි ඉ/කරමි කියන්නේ ඉදිරිපත් කරමි කියනෙක.
 
මේ වගේ කෙටි යෙදුම් ගොඩක් කාර්යාල සටහන් වල තියෙනවා…..
 
උදාහරණ විදිහට මෙහෙම යවන සටහන යටින් සමහර වෙලාවට ලොක්කා ලියල එවනවා අ/ කරමි කියල. පොඩි අත්සනකුත් එක්කම. ඒ කියන්නේ ලිපිකරුවා ලියල තියෙන අදහස අනුමත කරමි කියනෙක.
 
ඊට පස්සෙ එම ගොනුව ලිපිකරුවාට ආවම එයා කරන්නේ ඒ අදහස අනුව පිළිතුරු ලිපිය සකස් කරලා ලොක්කට වඩා පහළින් ඉන්න චූටි ලොක්කෙක්ට යවලා අත්සන දම්මලා ලිපිය අදාල කෙනාට යවනෙක.
 
මෙතන දී ලොක්කා නේ තීරණය අනුමත කලේ ඒ වෙලාවට ඉතින් සූටි ලොක්කගේ අත්සන තිබ්බත් අ/කළේ කියලා ලොකු ලොක්කගේ නමත් දානවා.ඒ කියන්නේ ලොකු ලොක්කා අනුමත කරපු බව.
 
දවසක් ලිපිකාරිණියකට ආවලු ලොකු ගැටළුවක් තියෙන ලිපියක්. මේකට ඉක්මනින් පිළීතුරු යවන්නත් ඕනි නිසාත් ගැටළුව බරපතල නිසාත් ලිපිකාරිණිය ඉක්මනින් ලිපිය ගොනුවේ අමුණලා…සටහන් කොළේ විස්තරයත් ටිකක් ලියලා, තීරණය ගන්න උදව්වෙන දේවලුත් ලියල ඉ/කරමි කියල ලියල සර්ට යැවුවලු….
 
ලොක්කා ටත් මේ ලිපියේ ගැටළුව හෙනම ගැටළුවක් ලු. කොහොම හිතුවත් උත්තරයක් තීරණයක් හිතා ගන්නත් බෑලු. අන්තිමට ලොක්කා සටහන යටින් ලීවලු. ඕ/පු කියලා. කෙටි අත්සනක් දැම්මලු…….
 
මේ ලිපි ගොනුව ලිපිකාරිනිය ලගට ආවම එයා තක්බීර් වෙලා ගිහින්. මොකද කියනව නම් මෙහෙම කෙටි යෙදුමක් ඇය දැනගෙන ඉදලම නැහැ…………. ඒත් මං දන්නවා ඒකේ තේරුම මොකක් ද කියලා………………..හෙහේ……………..ලොක්කන්ටත් එහෙම හිතෙන නම් අපිට මොනා හිතුනම මොකද නේද ?
 
ප/ලි – ජීවිතේ මොන දේ උනත් ඕ/පු කියල ඉන්න පුලුවන් නම් කොච්චර හොදද ?
 
ප/ප/ලි – ඒත් ඉතින් එහෙම මම ඉන්නත් බෑනේ ……….
 
ප/ප/ප/ලි – නෑ ඕනි නැහැ…………
 
ලොක්කගේ සටහන දැකලා තක්බීර් වුනු ලිපිකාරිණිය
 
මම
 
සොඳුරු සිත
 

 

 

නෙළුම් යාය සහෘද සමුහය