21 September 2018
RSS Facebook Twitter   

වැස්ස…!! (Is it going to rain?)

nude womenඋදේ වරුවේ ඉතා සිහින් වැහි පොදක් වැටී තැනින් තැන තෙමුන තාර පාරේ මා වෙනදා මෙන්ම ඇවිදිමින් සිටියෙමි. ලෝකය පුරාම මේ වෙලාවට සිදුවන හැමදේම ඒකාකාර යැයි සිතෙන තරමටම පාර තොටේ හමුවන, ඇස ගැටෙන හැම දෙයම ඒකාකාරී වී ඇත.
එලෙසම මාද, ජිවිතයේ යම් ඒකාකාර බවක සිරව ඇති බවක් දැනී හදවත තුල නැගුණු වියලි සුසුමක් එක් වරම මගේ ජිවිතය මහා පාලු ලෝකයක් බව ඒත්තු ගන්වන්නට විය. දස දෙසින් ඇසුන නොයෙකුත් ශබ්දයන් කර්ණ පටලය තුලින් මොලයට ඇතුල් වුවද, මොළය තුල ශබ්දවාරක තරංගයක් ක්‍රියාත්මක වන තරමට මා තුල නිශ්ශබ්දතාවයක් තිබිණි. එහෙත් පිටතින් ඇසෙන ශබ්ද අබිබවා යන තරමේ මහා ගාලගෝට්ටියක් මගේ හිත තුල නිතරම පැන නැගෙන බව මා දැන සිටියෙමි. එය අවසන් වන්නේ නින්දට යන විට පමණක් බව සිතුවද, නින්දේදිද විටින් විට ඇහැරෙන්නේ මේ ගාලගෝට්ටිය නිසාම බවද මම දැන සිටියෙමි. කිසිවෙකුගේ හෝ අනුකම්පාවක්, පිළිගැනීමක් නොපැතු මම, හිත තුලම ගුලිව තනිව වාසය කරන්නට බොහෝ සේ කැමතිව සිටියෙමි.
 
එහෙත් මාගේ ඒකීය ලෝකය, අලුතින් ලැබුන රැකියාව නිසා වරින් වර මගෙන් පලා යන ආකාරය පුදුමයෙන් සේ මා බලා සිටියෙමි. දුරකට යාමට නොදී නැවතත් එය ඇදගෙන ගොස් බොටුවෙන් අල්ලා මගේ ඒකීය පාලු ලෝකය තුලම සිර කරන්නට මා දැරූ තත් විටෙක නිශ්පල විය. කිසිවෙකුගේ කිංකිණියකට, මුව පුරා පැතිරෙන සිනහවකට, හැක හැකයකට, ශබ්ද පිරුණු දෙතුන් දෙනෙකුගේ සමාගමයකට, කාර්යාලය තුලදි මගේ සිත තව දුරටත් මට වහල් නොවන බව තේරුම් යාමෙන් ඊට ඉඩහසර නිරායාසයෙන්ම සලසා දීමට මා හට සිදු විය. වතුරේ ඔබා පාගාගෙන සිටි රබර් බෝලයක් මතු පිටට පැමිණිමට දරණ වෙහෙසට සමාන වෙහෙසක් දරමින් මගේ තනිකම, පාලුව මගෙන් පලා ගොස් කොතැනක හෝ සිට මටම විරිත්තන විට දැනෙන කටුක වේදනාව, විටෙක සතුටක්ද, නැතහොත් සිහින්ව පාරන සිතුවිල්ලක්ද යන්න හදුනා ගත නොහැකිව මා ලත විය.
 
“බලහල්ලකෝ. අපේ සනුදි මැඩම් නිස්සද්ද විලියොං වගේ නේ“
 
කාර්යාලයේ වැඩ කරන කට හැකර පියන් කොලුවා මගේ සිතුවිලි, ලෝකය හදුනාගත්තාක් මෙන් මා එහි සේවයට ගොස් දින දෙකක් ඉක්ම යන්නට පෙර මගේ සිතුවිලි නහර ස්පන්දනය වෙනස් කිරීමට සමත් විය. එයට කොක්සන් දී පිළිතුරු දුන් අනෙකුත් අයගේ ලෝකය පෙරලෙන සිනහවන්ගෙන් බිරන්තට්ටු වූ, ඒ කිසිවක් නුපුරුදු මගේම සිතුවිලි අතරංමං වෙද්දී, සාමාන්‍ය ලෝකය තුල ජීවත් විය යුත්තේ මේ ආකාරයට වන්නට ඇතැයි නවමු සංඥා මගේ මොළයට ගමන් කරද්දී ඒ අනුව කටයුතු කිරීමට සිදු විය. මුලින්ම සිහින් සිනාවක්ද, පසුව වචන දෙක තුනක්ද, ඉන් පසුව එකතුව ගත් දවල් කෑමක්ද හේතුවෙන් කලින් කී පාලු ලෝකය බිදී යන්නට විය.
 
තවමත් නොතෙමුනු තාර පාරෙ තැනින් තැන වැටී ඇති දුහුවිලි අංශු වාහන මගින් තෙරපෙන සුළගින් පවා ඉහලට එස වෙන්නට වෙර දරන බව දකින මගේ මුවට මදහස් නැගිනි. මම තරමක් වෙනස් වී සිටිමි. ඔව්.. මම මෙපමණ කලක් ජීවත්ව ඇත්තේ අඳුරුම අඳුරු ලෝකයකය. එහි ආලෝකයක් ඇති බව මෙපමණ කලක් තිස්සේ මා නොදුටු බව සිහිපත් වී අතීතය දෙස හැරී බැලීම පවා කෝපය ඇති කරවන්නක් විය. ගෙවී ගිය කාලය අපරාධසහගත කාලයක් බව මට පසක් විය.
 
අපොස උසස් පෙළ ලියා මා බලා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රෙව්ශය මා හට ලැබෙනු ඇතැයි කියාය. එහෙත් ප්‍රතිඵල පැමිණි විට මා වික්ෂිප්ත වීමි. යන්තම් සමත් වී සිටියා විනා ඒ අසලකටවත් යාමට මට ඉඩක් නැතිය. දෙවැනි වරකට හෝ උනන්දු වීමට ආසාවක්, උනන්දුවක් නැතිව මගේ පාලු ලෝකයේම හුදකලාව ජීවත් වූ මා හට රැකියාවක් සොයා ගැනීමට සිදු වූයේ, අම්මාගේ තිබූ බලවත් පෙරැත්තය නිසාවෙනි.
 
“උඹ කාමරේට වෙලා හැංගිල හිටියට වැඩක් නෑ දුවේ.. උඹට ජීවත් වෙන්න වෙන්නේ ඔය කාමරෙන් එළියෙ තමයි ඉතිං“
 
එවන් විටක මා ඇයට සැරපරුෂ වචන කියු බව දැනුදු සිහිපත් කරන්නේ අසීමිත වේදනාවකිනි. යම් ව්‍යාධියක් මා තුල තිබෙන්නට ඇත. එය පිළිගන්නට හෝ දැනුම්වත් වීමට පවා නොහැකි උද්දච්ච හිතක් මට හිමිව තිබෙන්නට ඇත. කාමරයෙන් එළියට ගෙන දොරපත්තෙන් එළියට තල්ලු කර දැමීමට අම්මා දැරූ සියලු උත්සාහයන් මගේ සැරපරුෂ බව නිසා අත් හැර දැමීමට සිදු විය. තාත්තාද නැතිව ඇය මා රැක බලා ගෙන සිටියා නොවේදැයි කිසිදු වෙලාවක මට කල්පනා නොවීය. මට වැදගත් වූ එකම දෙය මනෝ ලෝකයක්, සිහින ලෝකයක්, නැත… මට අයිති මගේම ලොව තුල සැරි සැරීමට පමණි. එහෙත් මට අවසන ඇයට කීකරු වීමට සිදු විය. ළග ළගම පැමිණෙන විපත්තියක් තේරුම් ගත් මුව දෙනක සේ මම එක් වරම රැකියා සදහා අයදුම් පත් යැවීමට පටන් ගත්තෙමි. සම්මුඛ පරික්ෂණ සදහා වන කැදවීම් රාශියක් මගේ ඇඳ මෙට්ටය තුල සුරැකිව තිබුනද, එකම එක වරක් එළියට ගත් කැඳවීම් ලිපියකින් මගේ අරමුණ වෙනස් විය. අද මා රැකියාව කරන්නේ එතැනය.
 
කණ්නාඩියකින් මුහුණ බැලීම මට ඉතා අප්‍රසන්න දෙයකි. වම් කම්මුලේ කන අසලට වන්නට ඇති කලු පැහැ සබන් කුට්ටියක් තරම් විශාල උපන් ලපය මගේ ජීවිතයේ මා දකින්නට වඩාත්ම අකමැතිම දෙය විය. එයින් මිදෙන්නට, එය නොදැක ඉන්නට පාසැල් කාලයෙ සිටම දැරෑ සියලු වෙර නිශ්පල විය. උපන් ලපය නිසාම පාසැලේ මට තිබු විහිලු නම් ප්‍රමාණය අඩුම ගානේ හත අටක් වත් විය. කිසිවෙකු හෝ ඊට සමාන වචනයක් කියනු මට ඇසුන විටක, එතැන නොරැදී හැකි ඉක්මනින් පලා යාමට මම පසුබට නොවුයෙමි. උසස් පෙල ටියුෂන් වලදී මේ තත්වය ඉතා දරුණු විය. සුදු මුණේ කළු වලා නමින් හැදින්වු මට, නොයෙක් විට අන්ඩ කොල්ලන්ගේ උසුලු විසිලු දරාගැනීමට සිදු විය. ඒවා දරාගත නොහැකි තැන ටියුෂන් යාම නවතා දැමීමට මට සිදු විය.
 
එහෙත් අලුත පැමිණි කාර්යාලය තුලදී මගේ උපන් ලපය හෝ මගේ නිශ්ශබ්ද බව හෝ කිසිවෙකු මායිං නොකිරීම සිතා ගත නොහැකි තරම් පුදුමයක් විය. කුමන මෙහොතක හෝ ඒ පිළිබඳව ඔවුන් රහසින් හෝ කතා කරන්නේ දැයි දැන ගැනීමට මගේ ඉන්ද්‍රියන් නිරන්තරව සුදානම්ව දස දිසාවටම පැතිර තිබුණි. සතියක් දෙකක් කල් ගත වුවද එවැන්නක් ඇසට, කනට නොවැටීමෙන් උපන් ලපය කාර්යාලයේදී දියවී යන්නට විය. දවස් දෙකක් ඉක්ම යන්ට පෙර එකතුව ගත් දහවල් ආහාරය උත්තේජකයක් වී තනිකම පලා යන්නට විය. මේ අවසරයෙන් විවෘතව මගේ ඇස් යොමු කොට පුද්ගලයන් හා අනෙකුත් දේ පිළිබදව වඩ වඩාත් සැලකිලිමත් වන්නට මට හැකි විය.
 
ඔහුගේ බැල්මට මා හසු වූ බව දින කිහිපයක් යන තෙක්ම මා දැන නොසිටියෙමි. ඔහු අප අංශයේ ප්‍රධානියාය. තරුණ විය ඉක්මවා හතලිස් වසරට ආසන්නව ඇතැයි මා ගණන් හදා බැලුවද, ඔහුගේ වයස අවුරුදු තිස් අටකට වැඩි නොවන වග සගයන්ගේ කතා බහින් දැන ගන්නට හැකි විය. විටින් විට කාර්යාල කාමරයට මා ගෙන්වා ගෙන මගේ අතපසුකම් කරුණාවෙන් පෙන්වා දෙන ඔහු අනෙකුත් අයට එවැනි වරදකදී චන්ඩ ලෙස හැසිරෙන බව මා දුටිමි. එවැනි චන්ඩ බවක් මට පෙන්වා තිබුනේ නම් එය වාසනාවක්ද නැතහොත් අවාසනාවක්ද යන්න තේරුම් බේරුම් කර ගැනීමට මා නොදනිමි. එය එසේ වූයේ නම් මා නැවත කිසි විටෙක රැකියාවක් නොකරන්නට ද ඉඩ තිබුනි.
 
වටින් පිටින් වළාකුලු එකතු වෙමින්, වියරුවෙන් දැවෙන හිරුගේ කදම්බයන් මුවා කරද්දී හමා යන සුළගක් නිසා ඉපදෙන සිහින් සීතලෙන් හැකිලී තව තවක් එකතු වී පෙන කැටි වන් වළා රොද යන්මින් කළු පැහැ වන්නේ කුමකට ද යන්න පෘතිවි තලයේ ජීවත් වන සියලු සත්තවයන් ස්වයං අධ්‍යයනයෙන්ම දැන සිටිති. තව තවත් වළාකුලු එක් රොක් වී සුර්යාලෝකය පලවා හැර අවට අඳුරු කොට සිහින් සුලං හමන්නේ වැඩි හොදකට නොවන බව දන්නා සැවොම, ආරක්ෂාකාරී වන්නට කටයුතු කරන්නේ කෙසේද, එලෙසම කටයුතු කළ යුතු අවස්ථාවක් මා ඉදිරියේ ක්ෂණයකින් මතු විය. සියලු දෙනා වැස්සෙන් ආරක්ෂා වීමට සිතද්දී, මා වැස්සේ තෙමීමට ආසා කළෙමි. කුඩා කාලයේ දී පවා වැටෙන වැස්සට කාමරයේ ජනේලයෙන් අත දික් කොට අත දිගේ බේරෙන වැහි ජලයෙන්, අත මත පොලා පනින වැහි බින්දුවෙන් සතුටට පත් වීමට දැඩිම ඇලුම් කළෙමි. චිරි චිරි ගා අත්ලට වැටෙන වැහි බිංදු දෙක තුනට කැඩී මගේ මුහුණත මත සිහින් හිරියක් ගෙනෙද්දී එය අත් විදීමට මම ආසා කළෙමි. වැහිමන්දාරම් අතරේ කෙතරම් අකුණූ කෙටීම් තිබුනද කිසිම දිනෙක ඒවාට බය වී මම අත ඇතුලට ඇද ගෙන නොමැත්තෙමි.
 
එක් වරම ඔහු කළ යෝජනාව ඇත්තෙන්ම භූමිකම්පාවක් මෙන් මගේ හදවත තුල පැතීරී හදවත කිහිප පොලකින්ම පුපුරා යන්නට ඇතැයි සිතෙන තරම් වේදනාකාරී විය. පුටුව තල්ලු කොට නැගිට ඔහුගේ කම්මුල හරහා අතුල් පහර එක පිට එක එල්ල කළ යුතු යැයි පසක් වුවද එලෙස කිරීමට තරම් ශක්තියක් ශරීරය තුල කුලුගැන්වී නොතිබිනි. ඔහුගේ දිහාවට ඇස් යොමු කර ගත නොහැකිව සිටියදී, මේසය මතින් වීදුරුවේ රැදි ඔහුගේ රෑපකාය දෙස බලා සිටි මගේ ව්‍යාකූල තත්වයන් වෙනස් වන්නට විය. හරියට මේසය වැස්සට තෙමී ඇත්තාක් සේය. උඩින් එල්ලෙන ප්ලුරෛාසන්ට් බල්බයේ එළි වැදී ඇස එහාට මෙහාට වන ඩිංගට එහි ආලෝක කදම්බය සෙල්ලම් දමන්නට පටන් ගති. එය නතර කිරීමට මම නොසෙල්වී සිටියදී, සුලගට පැද්දී ආලෝකය සෙල්ලම් කරන බව දැක මට නැගි සිනහව නතර කර ගැනීමට නොහැකි විය. එය ඉතා කුඩාම කුඩාම සිනහවක් වුවද, ඔහු එය ග්‍රහණය කරගෙන ඇත.
 
“මං නිකමට කිව්වේ.. අපි කොහේ හරි රවුමක් ගහල එමු මයේ කාරෙකේ.. සීතල පලාතක… වැස්සට තෙමිලා.. අපි ඇවිදිමු“
 
සීතල පලාතක…. ඒ මදිවට වැස්සට තෙමිලා… හතර අතින්ම මම ඔහුට නතුව ඇත. මට එක්කෝ පිස්සු හැදී ඇතැයි සිතෙන්නට විය. අම්මා අද සිටියා නම්.. ඔව් ඇයට වචන වලින් පහර දී මම කැමති දේම කරනු ඇත. තව දුරටත් සිතීමට නොහැකිය.. මම ඔහු දෙස බැලූ නිමේශයේ මගේ සියලු සිතුවිලි, පැරණි සිතුවිලි ගිනිබත්ව ඇත. අලුත් ඉරක් දෙස බලන්නාක් මෙන් මම ඔහු දෙස බලා සිටියෙමි..
 
අප විටින් විට වැස්සට තෙමුනෙමු. විටෙක මුරුගසන් වරුසා වැස, චන්ඩ මාරුත හමා යන්නට විය. වළාකුලු අළු පැහැවී තිබෙන්නට විය. සිතල සුලං හමන්නට විය. කාලයක් පුරාම එක දිගට වැසි වසින්නට විය. මට ඒ ගැන නිනව් නැති විය. අප යන නොතැන සිහින් පොදක් හෝ වැටෙන්නට විය. මම එයට ආසා කළෙමි. එහෙත් ඒ වැස්ස නිම වන්නට, නැතහොත් විටින් විට වහින්නට විය. මට වැස්ස ඇති වෙනත් ගෙයකට යන්නට සිදු විය. එහි වැස්ස අර තරම් සෝබමාන නැතැයි දහස් වර සිතුනද, වැස්සට හසුව එක් බීජයක් රෝපනය වී කුඩා පැලයක් මතු විය. කුඩා පැලයට මාස හයක් පමණ වන විට නැවතත් පරණ වැස්ස විටින් විට වසින්නට විය.
 
එදා, පරණ වැස්ස වසින්නට නියමිත දිනයක් විය. පුරුදු පරිදි මම ස්වාමි පුරුෂයාට බොරුවක් කීවෙමි. විශේෂ රැස්වීමක් සදහා ලොක්කා සහ තවත් අය සමග දුරකට යන හෙයින් මම ප්‍රමාද වීමට ඉඩ ඇතැයි යන්න එම බොරුවය. ඔහු මගේ ප්‍රධානියා දැඩි ලෙස විශ්වාස කළේය. අප අතර ඉතා දැඩි සුහදත්වයක් ඇති බව ප්‍රධානියා මගුල් දිනයේදී ඔහුගේ මුහුණටම පවසා සිටි අතර, නිතර නිතර අපගේ නිවසට පැමිණෙන්නට ද විය. මේ නිසා ප්‍රධානියා සමග යන කිසිදු ගමනක් පිළිබඳව ඔහුට කුකුසක් නොවීය. ඇරත් මට වඩා වසර විස්සක් පමණ වයසැති තල්ස්තැනී කෙනෙකු දිහා එසේ කුකුසකින් යුතුව බැලීමද කළ නොහැක. මටත් වඩා මගේ ප්‍රධානියා ඔහු සමග කුළුපග බව ඉදුරාම විශ්වාස කළ ඔහුගේ විශ්වාසය පලුදු කිරීමට මට උවමනාවක් නොවීය.
 
වැස්ස වසින්නේ ඔහුගේ තනිකඩ නිල නිවාස කාමරය තුලය. පැහැදිලි අහස හවස් වෙද්දී වලාකුලු මෝදු වී කළුවර ගැහෙන්ට විය. විටින් විට සීතල මද නල හමා මගේ සිරුර ආහ්ලාදයෙන් කීරි ගැසී යද්දී, වැස්සෙ ප්‍රභවය මගේ සිරුර මත ගැටී සිරුර මැද හරියෙන් දැඩි ලෙස කැළඹෙන්නට විය. මගේ තොල් මතද වැහි බිදු පතිත වෙද්දී සිරුර මැද හරියේ වන කැළමිල්ල චන්ඩ වන්නට විය. මා ආසාවෙන් බලා සිටියාක් මෙන් කුඩා තෙරපුමකුදු අඩු නොවීමට ඉඩ දීමට නොහැකිව තව තවත් ඉඩ හසර ලබා දෙමින් සිටින අතරතුර, මගේ මුහුණ මත තෙරපෙන දැඩි සුළං ධාරාවන් වැස්ස අවසන් වීමට ආසන්නව ඇති බවට එළි දැල්වීය. එහෙත් එක් වරම ඔහුගේ මුහුණ මගේ මගේ වම් කන අසලින් කොට්ටය මතට පතිත වී බරැති සිරැර මගේ සිරුර මත කඩා වැටුන නිමේශයේ ආහ්ලාදය උපරිම නොවී වැස්ස අහවර වී ඇති බව සක් සුදක් සේ පැහැදිලි විය. එහෙත් මා ආදරයෙන් ඔහුගේ කෙස් වැටිය පීරමින් සිටියෙමි. මගේ සුසුම් වල ඝෝෂාවෙන් ඔහුගේ සුසුම් වල ඝෝෂාව වැසී ඇතැයි මා සිතුවද, ඔහු නිකරුනේ මගේ සිරුර මත නිසොල්මනේ සිටින්නේ යැයි හට ගත් බොරු කෝපයකින් ඔහුගේ පිටට ගැසුවද, ඔහුගේ සෙලවීමක් නොමැත. මගේ සිරුර මතින් ඉවත් වන්ට යැයි හඩ ගසා කීවද ඔහු වගේ වගක් නැතිව සිටිනු දැක යම් බියක් ජනිත විය. සැනෙකින් ඔහුව පෙරලා ඇද මත දැමූ මා ඔහු දෙස බලද්දී හොදින් ඇස් හැර සිටිනු දුටුවෙන් මේ කරන්නේ විහිලුවක් බව දැනී අත්ලෙන් පපුවට පහරක් ගැසුවද ඇසිපිය සෙලවීමක් නොමැත. සියලු ගැගීම් අභිබවා විදුලියක් මෙන් සිත දැඩි බියකින් සලිත විය. විනාඩියකට පෙර දගකාරයෙකු සේ සිටි ඔහු දැන් නිසොල්මනේ,. ඇරත් ඇස් දෙකත් ඇර මා දිහාම බලා සිටිද්දී භිතියෙන් ඇලලී ගියෙමි. අතට මුහුණට කම්මුට ගසා බැලුවද ඔහුගේ චලනයක් නොමැති වීමෙන් සිදු විය හැකි භයානකම සිදුවීමක් අභිමුව මා සිටින බව පසක් වී කෑමුර දෙන්නට කට ඇරියද ශබ්දයක් නිකුත් නොවීය. කළ හැකි කිසිවක් නොමැත. වැස්සේ අයිතිකාරයා ඔහුගේම ඇදමත මියැදී සිටියේය. මගේ හදවත එළීයට පනින්ට තරමින් ගැහෙන බව දැනී කුමක් කළ යුතු දැයි සිතා ගත නොහී මම කාමරෙය් මුල්ලකට වී ගුලිව සිටින විට, ශරීරය ගිනියම් ව ඇති බව මට දැනිනි. එහෙත් කුමක් කරන්නද?? කිසිවෙකුටත් හඩ ගැසිය නොහැකිය. මටද ඔහුව වත්තම් කොට ඉස්පිරිතාලයට ගෙන යා නොහැකිය. මගේ පාලු ලෝකය තුලම මා සිටියා නම් මෙය සිදු නොවන බව සිහිව මට හැඩුම් එන්නට විය. කඳුලි රැලි ගලා යමින් තොල් මතින් පසු බසිද්දී ප්‍රකෘතිය ආරෝපනය වන බව මට දැනිනි. කළ හැකි එකම දෙය මගේ පාලු ලෝකයට නැවත පලා යාමය. කිසිවෙකුටත් නොදැනේනට, කිසිවෙකුටත් නෙපෙන්න්ට මෙතනට ආ මට එලෙසින්ම නැවත මගෙ පාලු ලෝකයට පළායාමට සිදුව ඇත. කාමරයේ ජනේලයෙන් එපිට, කෝපයෙන් දැවෙමින් හිරු රැස් විදින බව මා දුටුවෙමි.
 

 

 

නෙළුම් යාය සහෘද සමුහය