22 January 2018
RSS Facebook Twitter   

දැන් දයාන් ජයතිලක සිංහල ජාතියේ න්‍යායාචාර්ය වෙලා - හෙල උරුමය කියයි!

 

dayan jayaජාතික හෙළ උරුමයේ නීතිඥ සංගමය බදාදා පාන්දරින්ම පාඨලී ඇමතිතුමාගේ නිල නිවසට එක්වන ලෙස නිශාන්ත මහතා ආරාධනා කර තිබිණි. ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබ‍ඳව කතා කිරීමටය. නීතිඥ එම්.සි ජයරත්න, නීතිවේදී නිර්මලා පෙරේරා, කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, නීතිඥ ටියුඩර් පෙරේරා ඇතුළු පිරිසක් එහි දක්නට ලැබිණි. ඇමතිතුමා විසින් සියලුදෙනාට තේපැන් සංග්‍රහයක් ද සුදානම් කර තිබිණි.


 
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම තිබුණේ සවස 6.00 ටය. එය 7.00 වුනා. ඉන්පසුව මධ්‍යම රාත්‍රිය දක්වාම ඇදිලා ඇදිලා ගියා. මෙයට හේතුවක් වුනේ අග්‍රමාත්‍යතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට එහා ගිය යෝජනා වගන්ති 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කර තිබුණු නිසා. අපි මාර්තු 15 එකග වු සංශෝධන ක්‍රියාත්මක වුනා නම් මීට වඩා බලතල අඩු කරන්න තිබුණා. අපි කිව්වේ  විධායක ජනාධිපති ක්‍රමයේ තටු කපන්න කියලා. එහෙත් තව පිරිසක් බෙල්ල කපන්න සුදානම් වුනා. අන්තිමට පිහාටු ගැලවිල්ලක් පමණි සිදුවුනේ. දැන් මේ ඇති. අපි මනාප ක්‍රමය අහෝසි කරන ඡන්ද ක්‍රමයට යන්න ඕනේ. එම සංශෝධනයත් ඉදිරිපත් කරලා රටට එම ජයග්‍රහණයත්  අරන් දෙන්න ඕනේ. එහි දි අනුරුද්ධ ප්‍රදිප් මහතා කියා සිටියේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා රටට ලොකු ජයග්‍රහණයක් ලබාදුන්නා. හිටපු ජනාධිපතිතුමා 18 වෙනි සංශෝධනය ගෙන එන්න ඇමතිකම් දුන්නා, සභාපතිකම් ඇතුළු තනතුරු දීලා 150ක ජන්ද  හදාගත්තේ. ඒත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජන්ද 212ක් ලබා දී 19වන ව්‍යවස්ථා සංශෝධනය රටට ලබා දුන්නා.
 
ව්‍යවස්ථා දායක සභාවට වෘත්තීයවේදින් නියෝජනය කරන්න ගෙනා යෝජනාව කප්පාදු වුනා. ස්වාධීන කොමිෂන් සභාවට නියෝජිතයන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනය ආපහු පාර්ලිමේන්තුවටම ගියා. එකට වගකියන්න ඕනෑ වාසුදේව මන්ත්‍රීතුමා. මේ අයගේ වැඩ දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ. තව කට්ටියක් උත්සාහ කලා ජනවාර්ගික පදනමින් නියෝජිතයින් පත් කරන්න. ඒ වුනාට මේ කට්ටිය එකම වේදිකාවේ ඉන්නවා. මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි, ගම්මන්පිල, විමල්, දිනේෂ්, ගුණදාස අමරසේකර මේ අය සිංහල ජාතිය ගැලවුම්කාරයෝ වගේ හිටියාට 13ට පණ දෙන්න ඉන්න අයත් එක්ක මේ අය ඉන්නේ. මේක අශුද්ධ සන්ධානයක්. 13 බලාත්මක කරන්න ඕනෑ කියන අයත් මේ අයත් එක්ක ඉන්නවා. දැන් දයාන් ජයතිලක සිංහල ජාතියේ න්‍යාචාර්ය වෙලා. මේ අයට අගමුල පැටලිලා. වර්ණසිංහ මහතා කියා සිටියහ.
 
තවදුරටත් නිශාන්ත මහතා කියා සිටියේ පසුගිය අගහරුවාදා බස්නාහිර පලාත් සභාවේ යෝජනාවක් ගෙනාවා ජාතික කොඩිය ගැන කතා කරන්න. යෝජනාව ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයෙන්. ජාතික කොඩිය ගැන කතා කරන්න ගෙනාපු යෝජනාව ප්‍රසන්න මහඇමති ඇතුළු පිරිසක් විරුද්ධ වුනා. එයාලා ඡන්ද විමසීමකට ගියා. විපක්ෂයෙන් ගෙනා එම යෝජනාව පක්ෂව ආණ්ඩු පක්ෂයෙන් මමත් නිරෝෂා අතුකෝරල මන්ත්‍රීතුමියත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියත් පක්ෂව නැගී සිටියා.

 

මහකලබලයකින් කෙළවර වුනේ. ආණ්ඩු පක්ෂ අපිට විරුද්ධව මහා කළබලයක් ඇතිකළා. ඒ අවස්ථාවේ නිශාන්ත මන්ත්‍රීතුමා ජාතික කොඩියක් පෙන්වමින් හඩ නැගු අවස්ථාවේ ජාතික හෙළ උරුමය භංගවේවා කියා කෑගහන්න පටන්ගත්තා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණය ලැබෙන ජාතික කොඩියට පක්ෂව අපි කථා කලාම, අපි ජාතිද්‍රෝහීන් වෙලා. බස්නාහිර පළාතේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ගම්මන්පිලගේ ළණුකලා දැන් නන්නත්තාර වෙලා විතරක් නොවෙයි සිහිවිකල් වෙලා ඉන්නේ යැයි වර්ණසිංහ මහතා කියා සිටියහ.

මේ කාරණය සම්බන්ධයෙන් මටත් දැනගන්න ලැබුණා. බව අනුරුද්ධ ප්‍රදිප් මහතා කියා සිටියා. අපේ නිරෝෂා අතුකෝරාල මහත්මිය වට කරගෙන කොටු කරගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දෝෂාරෝපණය කරන්න පටන්ගත්තා. ඒ ඔක්කොටම ඇය හොඳට පිළිතුරු දීලා තියෙනබව මට දැනගන්න ලැබුනා.  

ජාතික හෙළ උරුමයේ උත්තර සංඝ මණ්ඩලයේ වැඩ සිටින පූජ්‍ය රජවත්තේ වප්ප හාමුදුරුවන්ගේ පන්සලේ 28 වන දින ජනාධිපතුමාගේ සහභාගිත්වයේන් විහාරාංග රාශියක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි, චම්පික රණවක හා කරු ජයසූරිය ඇමතිතුමන්ලා, බස්නාහිර පළාත් සභා ඇමති උපාලි කොඩිකාර හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මන්ත්‍රීතුමාත් සහභාගි වුනා. ඇමතිවරුන් දෙදෙනාට වැඩි වේලාවක් රැඳී සිටීමට නොහැකි වූයේ 19වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන බැවිනි. ජනාධිපතිතුමා නියමිත වේලාවට පැමිණීමට හිටියත් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තිබෙන නිසා සහභාගිවීමට නොහැකි වන බවත් පාඨලී ඇමතිතුමාටත්, කරු ජයසූරිය ඇමතිතුමාටත් රතන හාමුදුරුවන්ටත් ඉක්මනට පාර්ලිමේන්තුවට එන ලෙස දුරකතනයෙන් දන්වා සිටියා. අනුශාසනාවක් කරමින්  පූජ්‍ය රජවත්තේ වප්ප අනුනාහිමි කියා සිටියේ ‘‘මම කිසිසේත් හිටපු ජනාධිපතිතුමා හිටියානම් මේ අවස්ථාවට ආරාධනා කරන්නේ නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා හදිවතින්ම බෞද්ධයෙක් නිසායි ආරාධනා කළේ. මට කණගාටුවක් නැහැ ආවේ නැහැ කියලා. ඊට වඩා වැදගත් වැඩක් පාර්ලිමේන්තුවේ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම“.

පාඨලී ඇමතිතුමා ගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් එකට ඉදිරිපත් කරන ලද 20වන ව්‍යවස්ථා සංශෝධනය කරන මනාප ක්‍රමය අහෝසි කරන නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනතාව පෙළගැස්වීමට කමිටුවක් පත්කළහ. ඒ සඳහා පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි, පූජ්‍ය බුදුගල ජිනවංස හිමි, නීතිඥ ටියුඩර් පෙරේරා, මන්ත්‍රී නිරෝෂා අතුකෝරාල, කිංස්ලි පෙරේරා යන අය.

බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් රජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ ආගමික වැඩසටහන් රාශීයක් සුදානම් කර ඇත. ඒ අතර ශීලමය හා භාවනාමය වැඩසටහන් ද, ධර්ම සංවාද වැඩසටහන්ද, වෙසක් කූඩු ඇගයීමේ වැඩසටහනක් ද වේ. මෙම වැඩසටහන් සම්බන්ධව සදහම් සෙවන බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දුන්නේ ලංකාව පුරාම පන්සල් දස දහසක් තියෙනවා. ලංකාවේම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පිරිස ඉන්නේ ලක්ෂ තුනහමාරක් හතරක් විතර. අපේ පන්සල් දස දහසින් එක් පන්සලක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ එක් අයෙක් බේරාගැනීමෙන් වැඩ සටහනක් කරනවා නම් දස දහසක් අපට බේරාගන්න පුළුවන්. එක පන්සලකින් නිවාස නැති බෞද්ධයන්ට නිවාස හදලා දුන්නොත් බෞද්ධයන්ගේ නිවාස ප්‍රශ්නයත් විසඳෙනවා. ඒ මගින් බෞද්ධයන් අන්‍යාගමික විමෙන්ද වැලකෙනවා අපි ඒ වැඩේත් ආරම්භ කරමු. ජාතික වෙසක් උත්සවය නිමිති කරගෙන මහියංගනය පුරාවට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රාශියක් අපේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයෙන් සුදානම් කර තියනවා. අපි මත්ද්‍රව්‍ය නිවාරණය මුල් කරගෙන තරුණයන් මුදවා ගන්න ධර්ම දේශනා වැඩ සටහන් ද බලාපොරොත්තු වෙනවා.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මාධ්‍ය ලේකම් (ජාතික හෙළ උරුමය)

 

 

 

විශේෂාංග