21 July 2018
RSS Facebook Twitter   

හෙල උරුමය විසුරුවා චම්පික ශ්‍රීලනිපයට!

 

chmpika ex

සිංහල බෞද්ධ ආකල්ප පෙරටුකොට පංචමහා බලවේගයේ සිතුම් පැතුම්වලට අනුව නිවැරදි දේශපාලන මාර්ගයේ ගමන් කරමින්, ජාතික හෙල උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතාට නිසි ස්ථානයක් ලබා දෙමින්, කටයුතු කරන්නේ නම් ජාතික හෙල උරුමය විසිරුවා හැර, පාඨලී චම්පික රණවක මහතා ඇතුළු හෙල උරුමය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීම සඳහා සූදානම් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රීලනිපයේ වත්මන් නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ශ්‍රීලනිප ක්‍රියාකාරී මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

Read more...

රාජිත ශ්‍රීලනිප මහලේකම් කිරීමට හෙල උරුමය සැරසෙයි!

 

rajitha exසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට පත්කරන ලෙස ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

Read more...

හමුදා නීති නිලධාරිනීන්ට ලොක්කාගෙන් ලිංගික අතවර!

sex abuse exයුධ හමුදා නීති අධ්‍යක්ෂක වශයෙන් රාජකාරී කරන බ්‍රිගේඩියර් ආර්.පී. රාජපතිරණ විසින් තමන් යටතේ සිටින කාන්තා නීති නිලධාරිනීන්ට තනතුරු උසස්වීම් හා ස්ථාන මාරු ලබාදීමේදී ඔවුන්ට නොමනා ලිංගික අතවර කිරීම් පිළිබඳව තොරතුරු රැසක් ‘ලංකා නිවුස් වෙබ්' වෙත ලැබී ඇත. Read more...

නව රාජ්‍ය ආරක්ෂක ඇමතිට ඔත්තුවක්!

ruwan wijewaradanaපසුගිය ජනාධිපතිවරණ සමයේ පොලොන්නරුව ඇතුළු නැගෙනහිර පළාතේ සියළුම ප්‍රදේශවලින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත්කිරීම සඳහා ගංවතුර ආධාර මුවාවෙන් එම පළාත්වල ජනයාට බෙදා දීම සඳහා රුපියල් මිලියන 25 ක් ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක සේනා මූළස්ථානයේ නැගෙනහිර රෙජීමේන්තු සභාපතිගේ ගිණුමට බැර කර ඇත. මෙම මිලියන 25 ක මුදල ලැබී ඇත්තේ ඡන්දයට දින 5 කට කලින් එනම් පසුගිය ජනවාරි 03 වන දිනයි. Read more...

තවත් දූෂිතයෙකු රහස් පොලිස් අධ්‍යක්ෂක තනතුරට ගෙන ඒමේ වෑයමක්!

 

mahesh peraraරහස් පොලීසියේ අධ්‍යක්ෂකවරයා ලෙස දූෂිත පොලිස් නිලධාරියෙකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා නැවත පත්කිරීමට සැරසීම පිළිබඳව රහස් පොලීසියේ අවංක නිලධාරීහු බලවත් කැලඹීමකට පත්ව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more...

තමාගේ මිතුරා මරා දැමූවයි යසාරාගෙන් යෝෂිතට චෝදනාවක්!

 

yasaraතමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ  මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 3 කට පමන ඉහතදී එනම් 2012 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී. මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි.

Read more...

දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි!

daham exclusive 01අභිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

Read more...

ජනාධිපතිගේ බාල පුතා ‘ආමි රගර්' අනාථ කරයි!

rohithaමහත් පරිශ්‍රමයක්, කාලයක් හා ධනයක් වැය කරමින් ගොඩ නැගූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ රගර් කණ්ඩායම ජනාධිපති බාලපුත් රෝහිත රාජපක්ෂ නොහොත් චිචී විසින් අනාථ කළ ආකාරය පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 'ලංකා නිවුස් වෙබ්'  වෙත හෙලිකර සිටියේය.

Read more...

ඛණිජ තෙල් ඇමතිට ඩොලර් මිලියන 5 ක කොමිස් කුට්ටියක්!

 

anura ex-1ඛණිජ තෙල් අමාත්‍ය නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපාට ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ඉදිරි අවුරුදු 3 ක කාලය දීර්ඝ කිරීම වෙනුවෙන් අදාළ සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක කොමිස් මුදලක් ගෙවා තිබේ.

Read more...

තත්වය දරුණු වුනොත් ජාතික ආණ්ඩුවකට යෑමේ සූදානමක්!

 

mr exමේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියභාවය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවට විවිධ සමීක්ෂණ හා වාර්තා මගින් හෙලිදරව් වීමත් සමග ලැබිය හැකි පරාජය හමුවේ ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි ආණ්ඩුවේ අවදානය මේ වන විට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Read more...

ජනතාවට තෙරුවන් සරණයි කියා ගම්මන්පිල ඕස්ට්‍රේලියාවට!

 

gamanpila exනැවත ආණ්ඩුවට එක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ, තම අමන දුර්දාන්ත පාවාදීම වසා ගැනීම සඳහා, ජනතාවට 'තෙරුවන් සරණයි' කියා බෞද්ධයන්ගේ හෘදස්පන්ධනය වැනි  වූ ත්‍රිවිධ රත්නයට චේතාන්විතව පරිභවකළ, නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වන බව තේරුම් ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියාවට පැනයාම සඳහා සියලු කටයුතු සූදානම් කර ගුවන් ටිකට්පත් පවා මිලදී ගෙන ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

Read more...

 

 

අති විශේෂ