23 July 2018
RSS Facebook Twitter   

මංගලගෙන් ජනාධිපති සහෝදරයාට තුන් ගුණයක වැටුප වැඩිවීමක්

mangala-sirirsenaශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති තනතුර දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයාට තුන් ගුණයක වැටුප් වැඩිවීමක් ලබාදීමට අද (01) දින පැවති ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

Read more...

ගජ මිතුරන්ට සවාරි යන්න ‘ශ්‍රී ලංකන්' භාරදේ!

 

sl airline editedමේ වන විට මර ඇඳේ පණ අදිමින් සිටින ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය' ඉතා ඉක්මනින්ම මරණයට පත් කිරීම සඳහා රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව රනිල්ගේ ගජ මිතුරන් පිරිසකට භාර දී ඇති බව වාර්තා වේ.

Read more...

චෙම්මනි වැළලුවේ කාගේ වුවමනාවට ද?

 

chemmani 11996 වර්ෂයේ සැප්තැම්බර් මස 07 දින චුන්දිකුලි උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි, 18 හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිසුවිය කයිතඩි හමුදා මුරපොලේ දී අතුරුදන් වීම සම්බන්ධයෙන් පසුව කළ පරීක්ෂණ අනුව ඇයව සාමුහික දූෂණයට ලක් කොට ඝාතනය කරන ලදැයි හෙළිවිය. ඒ අනුව එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරීන් මෙන්ම සොල්දාදුවෙකු ද එහි විත්තිකරුවන් විය. කෙසේ නමුත් අවසානයේ සමස්ත වරද සොල්දාදුවා මත බැරවී ඔහු දූෂකයා මෙන්ම ඝාතකයා දඬුවමට ලක් කරන ලදී. එකී සොල්දාදුවා නමින් සෝමරත්න රාජපක්ෂය. අදද ඔහු සිර මැදිරයක කල්ගෙවනුයේ උසස් නිලධාරීන් විසින් ඔහුව පාවා දීම නිසා යැයි ඔහු පවසයි.

Read more...

රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ!

mr familyවත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන ඇලෝෂියස් නැමැත්තා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි තැන්පත් කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙලිදරව් වීම වැලැක්වීමට තම සම්පූර්ණ සහාය දෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. මෙම ඇලෝෂියස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ හා සජින් වාස් ගුණවර්ධනගේ ව්‍යාපාරික හවුල්කරුවා වේ.

Read more...

ඕස්ට්‍රේලියන් මිනිස් ජාවාරමේ මහ මොලකරු හෙන්දාවිතාරණ!

 

kapila hendawitharanaමේ දිනවල ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී සිටින මිනිස් ජවාරමට (Human smuggling)  ශ්‍රී ලංකා නාවික හමුදාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලදී හෙලිදරව් වෙමින් පවතින්නේ මෙම මහා මිනිස් ජාවාරම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් කපිල හෙන්දාවිතාරණගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බවයි. එය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙහෙයවා ඇත්තේ සාගරික බුද්ධි අංශ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කොමදෝරු කේ.සී. වෙලගෙදර විසිනි. මෙම ලුතිනන් කොමදෝරු කේ.සී. වෙලගෙදර නැමැත්තා මේ වන විට රටින් පැන යාම සඳහා සැලසුම් කරමින් සිටී. ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාට සහ ඔහුට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහාකොමසාරිස් කාර්යාලය විසින් ඕස්ට්‍රේලියාවේ පදිංචි වීම සඳහා නේවාසික වීසා නිකුත් කොට ඇති බව වාර්තා වේ.

Read more...

ජෙනරාල් ෆොන්සේකා හමුදාවේ බලය අල්ලයි!

 

sarath fonseka 1මීට දින කිහිපයකට පෙර නැවත ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයෙහි පිහිටුවන ලද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිතවත් ඉහළ හමුදා නිලධාරීන් පිරිසෙන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන නිලතලවලට පත්කොට තිබේ. එය පහත පරිදි වේ.

Read more...

මේජර් ජෙනරාල් ලාල් පෙරේරා පුස්ථකාලයෙනුත් හොරා කාලා!

lalනැගෙනහිර යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ පුස්තකාලයට පොත් ලබාගැනීමට යැයි කියමින් සිදුකළ මුදල් වංචාවක් පිළිබඳව තොරතුරු අපවෙත ලැබී තිබේ. මෙම වංචාව සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥපති මේජර් ජනරාල් එස්.ඒ.ඒ.එල්. පෙරේරා නැමැති යුද හමුදා නිළධාරියාටයි. Read more...

අනාගත යුද හමුදාපති පිළිබඳව යුද හමුදාවෙන් නිර්දේශයක්

SL-Army-Logoවත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් RMD රත්නායක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් යුද හමුදා සේවයෙහි යෙදී සිටිමින් හමුදා නීතියට පටහැනිව ප්‍රසිද්ධියේ සිදුකළ දේශපාලනික කාර්යයන් සලකා බැලීමේදී ඔහු අනිවාර්යයෙන් ම යුද අධිකරණයක් ඉදිරියට පමුණුවා දඬුවම් කළ යුතුය.

Read more...

ගෝඨාභයගේ පළිගැනීමට ලක් වූ මේජර් ජනරාල් සිල්වා

Gotaපසුගිය රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අංශවලට අදාල සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ තනි කැමැත්ත මතයි. ඒ අනුව ආරක්ෂක අංශවල තනතුරු ලබාදීමේදී ජ්‍යෙෂ්ඨත්වය, දක්ෂතාවය, කාර්යශූරබව, පෞරුෂත්වය ආදී දේ නුසුදුසුකම් බවට පත්වූ අතර තනතුරුවලට පුද්ගලයන් පත්කිරිමේදී පක්ෂපාතීත්වය, යටහත්පහත්බව, ඥාතීත්වය වැනි දේ සුදුසුකම් බවට පත් වූ අතර පෙර වැරදි තිබීම අති විශේෂ සුදුසකමක් බවට පත්විය.

Read more...

ජෙනරාල් මහින්ද හතුරුසිංහගේ ඇත්ත තතු හෙළිවේ

mahinda hathurusinghe 1ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් විධායක ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා විසින් සිදු කරන ලද විනය විරෝධී ක්‍රියා සහ දූෂණ සම්බන්ධයෙන් තොරතුරු අප‌ වෙත ලැබී තිබේ. හතුරුසිංහ මහතා කොළඹ ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි භාර ප්‍රධානියා වශයෙන් සහ යාපනය ආරක්ෂක ආඥාපති වශයෙන් සිටින කාලසීමාවේදී සිදුකළ විනය විරෝධී ක්‍රියාවන් හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

Read more...

ගෝඨා මිනීමරු නාවික හමුදා කපිතාන්ව ඇමරිකාවට යවලා!

sl navy ex2005 -  2010 කාලය තුල කොළඹ හා ඒ අවට සිදුවූ නීති විරෝධී පැහැරගැනීම් හා පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිද්ධීන් සමුදායක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබියදී හිටපු නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක හා නාවික හමුදා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂක කපිතාන් පී.කේ. දසනායක ඇමරිකාවේ නාවික හමුදා පාඨමාලාවක් හැදෑරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත යවා ඇතැයි අනාවරණය කර ගෙන තිබේ. Read more...

 

 

අති විශේෂ