20 August 2017
RSS Facebook Twitter   

සිරසේ ජඩ මාධ්‍යකලාව ශ්‍රී රංගා ඔප්පුකොට පෙන්වයි ! (UPDATED)

minnal rangaකිලී මහරාජාට අයත් මහරාජා ආයතනයේ මාධ්‍ය හෙංචයියෙකු වන පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පසුගිය කාලයේ පක්ෂපාතීත්වය දැක්වීම වෙනුවෙනි. රංගා මාධ්‍ය කලාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ ධීවර ඇමති සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වෙමිනි. 
 
එසේ පැමිණි රංගා පසුව මහරාජා ආයතනයට සම්බන්ධ වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරමින් සිටියදී පවා මහරාජා ආයතනයේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ අතර ඔහු කිලී මහරාජාගේ දේශපාලන හෙංචයියන්ගෙන් කෙනෙකි. කිලී මහරාජා විසින් රාජපක්ෂ පාර්ශ්වයේ තම නියෝජිතයා වශයෙන් රංගා ස්ථානගත කළ අතර රංගා මහරාජා ආයතනය, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් භාවිතා කරමින් සිටින ආකාරය සම්බන්ධයෙන් හොඳම නිදසුනක් පසුගිය ජූලි 04 වැනිදා ශක්ති ටීවී ආයතනය මගින් දැකගන්නට ලැබිණි.
 
 
මෙම වීඩියෝවෙහි සිංහල අර්ථය - 
 
(දුරකථනයෙන් - සර් මම මෙ වැඩසටහනට කතා කරන්න යන්නේ..
රංගා - මිහ්... කියන්න..
දුරකතනයෙන් - අපි ඒ ගොල්ලන්ට කියන්න යන්නේ අපි දවසේ වැඩ කරාට වරැවයි දාලා තියෙන්නේ කියලා .. යුනියන් එක ( කමිකරැ කොංග්‍රසය ) සත පහකට වැඩක් නෑ...
රංගා - කටි කරන්න කටි කරන්න ... ඔකගේ නම ලියාගන්න ..
ආරාධිතයා - ( වික්ෂිප්තව ) මෙ වැඩසටහන සජීවී වැඩසටහනක්ද ? ඔයා මට කිවිවෙ මෙක රේකෝඩි කරලා දානවා කියලනේ ..
රංගා - නැ නැ මෙක රෙකොඩිං තමයි .. ඒ උනාට ප්‍රශ්න අහන්න ටෙලිෆෝන් වෙලාසනින් විවෘතයිනේ ... ඉස්සෙල්ලා අපි අහනවනේ ප්‍රශ්නේ මොකක්ද කියලා ... අපි ප්‍රශ්න තොරලා බලලා, අපිට සෙටි වෙන එකයි, උත්තරයත් ඔයාට උගන්නලම තමයි දාන්නේ... ඔයාට තියෙන්නේ අනාගන්නේ නැතුව මම ඔලුව වනද්දි රංගා රංගා මෙහෙමයි කියලා උගන්නපු දේ කියන්න.. අර මාලන්ට එන්න කියන්න... තව මුස්ලිමි වැඩසටහනක් යනවා .. ඊට කලිං අපි ලැස්ති වෙන්න ඔනි ...
අපි ප්‍රශ්න අහන්න ඔනි ... නැත්තං මෙක සෙටිං වැඩක් කියලා සැක හිතෙනවනේ ... නිකං හරි ඔයාව හිර වෙනවා වගේ තේරෙනවනං ඔයාට තියෙන්නේ ඔලුව වනන්න.. එතකොට මං නවත්තනවා ... 
මාලන් වෙත යොමු වෙමින් ... ( මාලන් යනු දුරකථන ඇමතුමි ලබා ගන්නා පුද්ගලයා විය හැක) මොන වගේ ප්‍රශ්නද දැනට ඇවිල්ලා ති‍යෙන්නේ ?
මාලන් - හැමෝම ලැයිමට ඡන්ද කාලේ එනවා යනවා .. ඒ උනාට අපේ ප්‍රශ්න වලට විසදුමි නෑ කියලා තමයි කියන්නේ...
රංගා - ඒක දාන්න.. තව ..? 
මාලන් - පඩි ගැන ..
රංගා - ඒක ඔෆ් එකේ දාන්න.. ( මාලන් ඉවත් වෙයි .... නැවතත් ආරාධිතයා වෙත යොමු වෙමින් ..) දිගමිබරමිට හමිබානක බනින්න .. ( බනින විදිහ රංගා දිර්ඝ ලෙය උගන්වයි ) අපිට දේශපාලනය වැඩක් නෑ ජනතාවයි ඔනි කියලත් කියන්න .... දැං අපි වැඩසටහනට යනවා ... ඉස්සේලාම දෙන්නෙක් කතා කරනවා වතුර ගැන ..ඒකට මං කිවිව විදිහට ලැස්ති වෙන්න...)
 
රංගා විසින් මෙහෙයවන ශක්ති මින්නල් වැඩසටහනට එදින පැමිණ සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පී. ශක්තිවේල් මහතාය. මෙම වැඩසටහන බලන ප්‍රේක්ෂකයා සිතන්නේ මෙය සජීවීව විකාශය වන වැඩසටහනක් ලෙසයි. ඒ බව රූපවාහිනී තිරයේද සටහන් වේ. නමුත් මෙය පටිගත කොට විකාශය කරන වැඩසටහනකි. ජූලි 04 වැනිදා ශක්ති මින්නල් නැරඹූ බොහෝදෙනා එය මේ වනවිට පසක් කරගෙන සිටී. 
 
මින්නල් යනු හුදෙක් රංගාට අවශ්‍ය ආකාරයෙන්, රංගා සහ මහින්ද පාර්ශ්වය ඔසවා තැබීම වෙනුවෙන් සිදුකරන වැඩසටහනකි. එහි සියල්ල තීරණය කරන තීරකයා ඔහුය. ඒ සඳහා සහභාගි වෙන්නේ කවුද, අසන ප්‍රශ්න මොනවාද, සහභාගි වන පුද්ගලයා දියයුතු පිළිතුරු මොනවාද, මෙම සජීවී වැඩසටහනට දුරකතනයෙන් ප්‍රශ්න අහන්නේ කවුද, ඔවුන් අසන ප්‍රශ්න මොනවාද, එම ඇමතුම් සම්බන්ධ කරගන්නේ කුමන වේලාවටද යන සියල්ල තීරණය කරන්නේ රංගාය. එපමණක් නොව වැඩසටහනේ නිෂ්පාදකවරයා ද කටයුතු කළයුත්තේ රංගාට අවශ්‍ය පරිදිය. 
 
පසුගිය ජූලි 04 වැනිදා වැඩසටහන එදින සවස රූගත කළ අතර එහිදි වැඩසටහන අතරමැදදී පළාත් සභා මන්ත්‍රීවරයාට රංගා උපදෙස් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ දිගම්බරම්ට අවාසි සිදුවන ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසයි. මේ වනවිට වතුකරයේ කම්කරු කොන්ග්‍රසයට තිබූ බලය අහිමිවෙමින් පවතින අතර දිගම්බරම් වතුකරය තුළ ජනප්‍රියවෙමින් සිටින හෙයින් ඔහුට එරෙහිව කටයුතු කිරීම මේ වනවිට රංගලාගේ කාර්යභාරය වී තිබේ. එයට හේතුව යම්හෙයකින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එජනිස පරාජය වුවහොත් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අහිමි වන බැවිනි. ඒ අනුව වැඩසටහන අතරතුරදී අසන ප්‍රශ්න සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයා දැනුවත් කරමින් ඔහු ලබාදිය යුතු පිළිතුරුද ඔහුට පවසන අතර වැඩසටහනේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදෙයි. ඔහුට පවසන්නේ තමා විසින් පෙරදී දැනුවත් කළ පරිදි සූදානම් කර තිබෙන දුරකතන ඇමතුම් අවශ්‍ය වේලාවේදී සම්බන්ධ කරන ලෙසයි. 
 
මෙම දුරකතන ඇමතුම් රංගා විසින් කලින් සූදානම් කර තිබෙන අතර එම ඇමතුම් ලබාදෙන්නන් විසින් ඇසිය යුතු ප්‍රශ්න ද රංගා විසින් ලබාදෙන ඒවාය. 
 
 
මේ ආකාරයෙන් එජාපයට හා දිගම්බරම්ට එරෙහිව දිගින් දිගටම මහින්ද පාර්ශ්වයට හිතවත් ලෙස මින්නල් වැඩසටහන පවත්වන අතර එය මහරාජා අධිපති කිලී මහරාජාගේ අනුදැනුමද සහිතව සිදුවේ. කිලී මහරාජාගේ ජඩ මාධ්‍ය කලාව සම්බන්ධයෙන් විටින් විට අප වෙබ් අඩවිය මගින් පුවත් පළකළ අතර ඔවුන් මේ වනවිට ජනවාරි අටවැනිදා පරාජයට පත්ව ගෙදර ගිය මහින්ද රාජපක්ෂ නැවත උත්කර්ෂයට නැංවීමේ කර්තව්‍යය ඉටු කරමින් සිටී. ඒ සඳහා එළිපිටම තම රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා භාවිතා  කරමින් සිටින අතර එම ආයතනවල සිටින මහරාජාගේ මාධ්‍ය හෙංචයියන් ද කිලී මහරාජාගේ අවශ්‍යතාවය පරිදි රෙදි නැතිවම මහින්දට කඩේ යමින් සිටී. 

 

 

අති විශේෂ