'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි!!
- Details
- Created on Tuesday, 12 May 2015 04:11
- Category: අති විශේෂ
ශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ.
විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්රමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්රමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම අයථා ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවන මාර්ගය අහිමි වීම නිසා මෙම කුමන්ත්‍රණය සඳහා සැලසුම් කරමින් සිටින බව විදේශ ඔත්තු සේවාවන් පෙන්වා දී තිබේ.
මෙම විදේශ ඔත්තු සේවාවන්ගේ තක්සේරුවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 100%ක ආරක්ෂක අවදානමක් ඇති අතර ඉන්පසු වැඩිම අවධානමක් ඇති පුද්ගලයා ලෙස පෙන්වා දී ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාය. ඔහුගේ අවධානම විදේශ රහස් ඔත්තු සේවා 95%ක් ලෙස තක්සේරු කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට 85% ක ජීවිත අවධානමක් ඇති බව අනාවරණය කරගෙන තිබේ.
රාජපක්ෂ රෙජීමය යටතේ විවිධ වරදාන, වරප්‍රසාද හා පිටරට සවාරි, කොමිස් මුදල් හිමි වූ ත්‍රිවිධ හමුදාවල ඉහල නිලතල දරණ නිලධාරීන් යහපාලන ආණ්ඩුව සමග බද්ධ වෛරයකින් පසුවන බව දත්ත සහ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි බව මෙම විදෙස් ඔත්තු සේවා රජයේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇත. ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ සිදුවන සෑම කටයුත්තක්ම පැයක් යාමට ප්‍රථම හිටපු ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම නාමල් රාජපක්ෂටද ලබාදීමට තරම් රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔවුන්ට පක්ෂපාතී බවයි.
මෙම තත්වය විදේශ ඔත්තු සේවාවල හිතළුවක් යැයි සිතා ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීමට ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂක සේවා අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී දරුණු පලවිපාක අත්විදීමට සිදුවීම අනිවාර්ය බව මෙම විදෙස් ඔත්තු සේවා පෙන්වා දී ඇත. ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පරාජය වන බව සති ගණනකට කලින් ප්‍රකාශ කර සිටියේ මෙම ඔත්තු සේවාවන් විසිනි.
අති විශේෂ
- සිරසේ ජඩ මාධ්‍යකලාව ශ්‍රී රංගා ඔප්පුකොට පෙන්වයි ! (UPDATED)
- පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මහින්ද - මෛත්‍රී හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස!
- සිරසේ ලොක්කාට Magenta බොස් ගැන ලිංගික ඊර්ෂ්‍යාවක් පහල වෙලා!
- රෙජිස්ට්‍රාර් විනිසුරුගේ සොයුරියක්: යහපාලන ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳියාවන් අතර ගැටීම්
- රාජපක්ෂලා විසින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව විනාශ කළහැටි
- මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙතරම් ආදරේ ඇයි ?
- සියලු රස සමග (සිරස) මාධ්‍ය ජාලයේ කප්පම් මාධ්‍ය කලාව ! - 01
- යෝෂිත , යසාරා සහ වසීම් ගේ ඇත්ත කතාව !
- 'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි!!
- මෙරට විදේශ ඇමති මහේෂිනී කොළොන්නේ ද ?
- මිනීමරුවන්ට රැකවරණය සපයන පොලීසියේ බලවතා කවුද ?
- මංගලගෙන් ජනාධිපති සහෝදරයාට තුන් ගුණයක වැටුප වැඩිවීමක්
- ගජ මිතුරන්ට සවාරි යන්න ‘ශ්‍රී ලංකන්' භාරදේ!
- චෙම්මනි වැළලුවේ කාගේ වුවමනාවට ද?
- රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ!
- ඕස්ට්‍රේලියන් මිනිස් ජාවාරමේ මහ මොලකරු හෙන්දාවිතාරණ!
- ජෙනරාල් ෆොන්සේකා හමුදාවේ බලය අල්ලයි!
- මේජර් ජෙනරාල් ලාල් පෙරේරා පුස්ථකාලයෙනුත් හොරා කාලා!
- අනාගත යුද හමුදාපති පිළිබඳව යුද හමුදාවෙන් නිර්දේශයක්
- ගෝඨාභයගේ පළිගැනීමට ලක් වූ මේජර් ජනරාල් සිල්වා