19 January 2018
RSS Facebook Twitter   

චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාර

president-in-chinaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස චීන රජය මගින් ඇමරිකානු ඩොලර් බිලියනයක ප්‍රදානයක් ලබාදීම එකඟ වී ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි. මෙම ආධාර මුදල ලබාදීමේදී චීන රජය කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව ද ඇමතිවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Read more...

මාර්තු මාසයේ උද්ධමන අගය පහළට

central-bank-11112015 මාර්තු මාසයේ උද්ධමනය 0.1% දක්වා පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. එම අගය පසුගිය පෙබරවාරි මාසයේදී පැවතියේ 0.6% ක් ලෙසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන් මගින් කරනු ලබන ගණනය කිරීම්වලට අනුව උද්ධමනය පහත වැටී ඇති බව මහබැංකුව පවසයි.

Read more...

බලශක්තියෙන් සපිරි රටක් - බලශක්ති සැළසුම අද එළිදකී

Power-Energyවසර 2020 වනවිට මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ උපරිම මට්ටමට ලඟාවීමේ ඉලක්කය සහිත විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ වැඩපිළිවෙල එළිදැක්වීමේ උත්සවය අද (31) දින පැවැත්වේ. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

Read more...

වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය පෞද්ගලික අංශය සමග සාකච්ඡා කරයි

privateපෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා සේවකයන්ට මෙන්ම සේව්‍ය පක්ෂයට ද එකඟවිය හැකි විසඳුමක් ඉදිරිපත් කරන මෙන් රජය පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටී. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (23) මෙම ඉල්ලීම පෞද්ගලික අංශයෙන් ඉල්ලා ඇත.

Read more...

පසුගිය වසරේදී වැවිලි ක්ෂේත්‍රය කඩාවැටෙයි - පාඩුව රුපියල් බිලියන 2.85

tea2014 වර්ෂයේදී වැවිලි ක්ෂේත්‍රය විශාල ලෙස පාඩු ලබා ඇති අතර වාර්තා වන අන්දමට එය රුපියල් බිලියන 2.85 ක් හෙවත් මිලියන 2850 ක් වේ. විශේෂයෙන් තේ සහ රබර් ක්ෂේත්‍රවල විශාල පාඩුවක් ලබා ඇත.

Read more...

2014 වර්ෂයේ ආර්ථිකය 7.4% කින් වර්ධනය වී ඇති බව මහබැංකුව කියයි

central-bank-1111ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති දත්ත අනුව 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.4 කින් වැඩි වී ඇති බව මහබැංකුව පෙන්වා දෙයි.  2013 වර්ෂයේදී ආර්ථික වර්ධන වේගය සියයට 7.2 ක් ලෙස සටහන් විය.

Read more...

දේශීය හා විදේශීය ආයෝජකයන් සඳහා වාණිජ්‍ය මණ්ඩලයෙන් සම්මන්ත්‍රණයක්

ccc logoදේශීය සහ විදේශීය ආයෝජකයන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය සූදානම් වේ. ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරික ආයතන දිරිමත් කිරීමේ අරමුණෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි. එළඹෙන මාර්තු 27 වැනි දින මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

Read more...

මැක්ඩොනල්ඩ්ස් සේවකයන්ගේ පිලිස්සුම් තුවාලවලට තුනපහ ප්‍රතිකාර - ඇමරිකානු රජයෙන් පරීක්ෂණයක්

McDonaldsසුප්‍රසිද්ධ මැක්ඩොනල්ඩ්ස් ආයතනය තම සේවකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාවලිය ගැන ඇමරිකානු රජය මගින් පරීක්ෂයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට හේතුව පසුගිය කාලසීමාවේදී ඇමරිකාවේ නගර 19 ක එම සමාගමේ ශාඛාවන්හි සේවය කරන

Read more...

එක්සත් රාජධානිය AII බැංකුව සමග එකතු වෙයි

AIIBචීනයේ මූලිකත්වයෙන් ආසියානු කලාපයේ සංවර්ධනය සඳහා ආරම්භ කළ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB)සමග ගනුදෙනු කිරීමට තීරණය කර තිබේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.

Read more...

ඉන්දියාවේ ප්‍රධාන වෙළඳ සහකරු ශ්‍රී ලංකාව වියයුතුයි, ඉන්දු - ලංකා ව්‍යාපාරික සමුළුව අමතමින් මෝඩි කියයි

modiඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයෙක් බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රධාන වෙළඳ සහකරු වියයුතු බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පවසයි. ඉන්දීය අගැමතිවරයාගේ මෙරට නිළ සංචාරය අතරතුර ඊයේ (13) දින පැවති ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

Read more...

ගූගල් සමාගමේ පළමු වෙළඳසැල විවෘත වෙයි

googl-shop-1ගූගල් සමාගමේ පළමු වෙළඳසැල shop in shop නමින් මේ වනවිට විවෘත කර තිබෙනවා. ලන්ඩන් නුවර ටොටන්හැම් කෝට්හි මෙම වෙළඳසැල පිහිටා ඇති අතර මේ තුළින් පාරිභෝගිකයන්ට ගූගල් නිෂ්පාදන පිළිබඳව දැනුම ලබාගැනීමට මෙන්ම විනෝදාස්වාදය ලබාගැනීමට ද අවස්ථාව හිමි වී තිබේ.

Read more...

 

 

ව්‍යාපාරික