19 January 2018
RSS Facebook Twitter   

උද්ධමනය තවදුරටත් පහළට

central bankජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම්වලට අනුව මෙරට උද්ධමනය ජුලි මාසයේදී තවදුරටත් පහළ ගිය බව මහබැංකුව ප්‍රකාශ කරයි. මහබැංකුව නිකුත් කළ නිවේදනයකට අනුව පසුගිය ජුනි මාසයේදී සියයට 1.7 ක් ලෙස පැවති උද්ධමනය ජුලි මාසය අවසන් වනවිට 1.3 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. 
මෙම වසර මුල සිටම උද්ධමනය පහළ ගිය අතර එයට හේතුව දිගින් දිගටම මෙරට වෙළඳපොල තුළ භාණ්ඩ හා සේවාවල මිල පහළ යාම බව මහබැංකුව ප්‍රකාශ කරයි. විශේෂයෙන් බහුතර ජනතාවට දැනෙන ඉන්ධන, ගෑස්, ප්‍රවාහන ගාස්තු පහළ යාම මේ සඳහා වඩාත් බලපා ඇති අතර මීට අමතරව වසර ආරම්භයේදී ඉතා ඉහළ අගයකට පැවති එළවළු, පළතුරු වැනි ආහාර ද්‍රව්‍යවල මිල වැඩි අගයකින් පහළ යාම ද මේ සඳහා බලපා තිබේ. 
 
inflation 07

 

 

ව්‍යාපාරික