22 January 2018
RSS Facebook Twitter   

මෙරට උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

boi projectමෙරට උසම ගොඩනැල්ල ඉදිකිරීමට වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹ තිබෙනවා. ඉන්දියාවේ දැවැන්ත දේපළ සංවර්ධන සමාගමක් වන Shreepati Edifice සමාගම සමග ආයෝජන මණ්ඩලය අදාල ගිවිසුමට අත්සන් කොට ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 300 ක් පමණ වේ. 
 
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු එය මෙරට උසම ගොඩනැගිල්ල වීමට නියමිත අතර එය සුපිරි ගනයේ පහසුක්ම්වලින් සමන්විත වනු ඇත. තට්ටු 96 කින සමන්විත මෙහි උස මීටර් 363 කි. නිවාස 376 ක් මෙහි ඉදිකරන අතර පිහිණුම් තටාක, ක්‍රීඩාගාර, එළිමහන් යෝග අභ්‍යාස මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථා, ව්‍යාපාරික ස්ථාන ආදියෙන් මෙය සමන්විත වනු ඇත. රාජගිරිය ප්‍රදේශයේ අක්කර දෙකක භූමියක මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත වේ.
 
වෘත්තාකාර ගොඩනැගිල්ලක් ලෙස ඉදිවන මෙය 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උපහාරයක් ලෙස ඉදිකිරීමට නියමිතය. 
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ගිවිසුමට අත්සන් කළ අතර ඉන්දියානු ශ්‍රීපති ඉදිකිරීම සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂකවරුන් වන රාකේෂ් චන්ද්‍රා පාන්ඩේ මහතා සහ රාජන් ශ්‍රීවස්තව් මහතා ගිවිසුමට අත්සන් කළහ. 

 

 

ව්‍යාපාරික