21 April 2018
RSS Facebook Twitter   

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා - නවසීලන්ත ව්‍යාපරික හමවක්

SLANZBCශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත ව්‍යාපාරක සභාවේ (SLANZBC) 20 වාර්ෂික මහ සභා රැස්වීම අද (29) සවස කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් තුන නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය. 
SLANZBC සංවිධානයේ සභාපති ලයනල් සිල්වා, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩ් මහතා, නවසීලන්ත මහ කොමසාරිස් ග්‍රැහැම් මෝටන් මහතා, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා, නවසීලන්තයේ කොන්සල් ජනරාල් සේනක සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිත අතර ඔවුන් ව්‍යාපාරික ප්‍රජාව සමග අදහස් හුවමාරු කරගැනීමට නියමිතය. 
 
ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ව්‍යාපාරිකයන්ට මෙරට ව්‍යාපාර අවස්ථා උදාකරගැනීමට සහ මෙරට ව්‍යාපාරිකයන්ට එම දෙරටෙහි ව්‍යාපාරික අවස්ථා උදාකරගැනීමට පහසුකම් සැපයීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කර තිබේ. එමෙන්ම රටවල් තුන අතර වෘත්තීය කටයුතු තවදුරටත් සංවර්ධනය කිරීමට SLANZBC සංවිධානය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වේ.

 

 

ව්‍යාපාරික