21 April 2018
RSS Facebook Twitter   

වාහන ආනයනය වාර්තාගත ලෙස ඉහළ යයි

vehical yardශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට වාහන ආනයනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේ පළමු මාස පහට සාපේක්ෂව සියයට 93.9 ක වර්ධනයකි. 
2015 වසරේ පළමු මාස පහ තුළ මෙරටට ගෙන්වූ සමස්ත වාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 477.9 ක් ලෙස වාර්තා වේ. එය පසුගිය වසරේ පළමු මාස පහ තුළ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 246.4 ක් ලෙසයි.
 
මීට සපේක්ෂව ප්‍රවාහන උපකරණ ගෙන්වන සමාගම් ද වාර්තාගත වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. එම සමාගම් පසුගිය වසරේ පළමු මාස පහට සාපේක්ෂව ප්‍රවාහන උපකරණ ගෙන්වීම 123.6 කින් වර්ධනය වී තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 196.6 ක් වටිනා ප්‍රවාහන උපකරණ පසුගිය වසරේ පළමු මාස පහ තුළ මෙරටට ගෙන්වා ඇති අතර මෙම වසරේ අදාල කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 439.5 ක් වටිනා ප්‍රවාහන උපකරණ මෙරටට ආනයනක කර තිබේ. 

 

 

ව්‍යාපාරික