21 April 2018
RSS Facebook Twitter   

රේගුව නවීකරණයට සැරසෙයි

srilanka customරේගුව හරහා මෙරටට පැමිණෙන බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු නවීකරණය කිරීමට රජය අපේක්ෂා කරයි. මේ වනවිට දිනකට බහාලුම් 1100 ක් පමණ රේගුවෙන් පිටතට පැමිණෙන අතර සත්‍ය වශයෙන්ම පරීක්ෂාවට ලක්කෙරෙන්නේ
බහාලුම්වලින් සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකි. ඒ රේගු දෙපාර්තමේන්තුව සතු ස්කෑන් යන්ත්‍ර මගින් සිදුකරණ එක්ස් කිරණ පරීක්ෂණ හරහාය. 
 
දැනට රේගු දෙපාර්තමේන්තුව සතුව පවතින මෙම යන්ත්‍ර ද වසර අටක් පමණ පැරණි ඒවා වන අතර ඒ නිසා එම යන්ත්‍ර නිරන්තරයෙන් අලුත්වැඩියා කිරීමට සිදුවේ. එසේම භාවිතා කරන තාක්ෂණය ද යාවත්කාලීන වී නොමැත. 
 
නවීන තාක්ෂණයට අනුව නව යන්ත්‍ර සවිකිරීමට නියමිත අතර එතුලින් බහාලුම් පරීක්ෂාව නවීන ක්‍රමවේදයන් අනුව සිදුකිරීමට හැකිවේ. එසේම පරීක්ෂා කිරීම කාර්යක්ෂම වීම හේතුවෙන් සියලු බහාලුම් පරීක්ෂා කිරීමද සිදුවේ. 

 

 

ව්‍යාපාරික