21 July 2018
RSS Facebook Twitter   

රත්රන් ගණන් බස්සයි !

gold biscuitලෝක වෙළඳපොලේ රත්රන් මිල වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. රත්රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1088.05 ක් දක්වා අඩුවී ඇති අතර එය වසර පහකට පසු වාර්තා වූ අඩුම අගය ලෙස සටහන් වේ. එය සියයට 4 ක මිල පහළයාමක් වන අතර මෙයට සාපේක්ෂව ප්ලැටිනම්වල මිල සියයට 5 කින් පහළ ගොස් තිබේ.
 
ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ විශාල වශයෙන් චීනය විසින් ලෝක වෙළඳපොලට රත්රන් තොග නිකුත් කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් වාර්තා වන බවයි. චීනය සතු සමස්ත විදේශ වත්කම් ප්‍රමාණයෙන් සියයට 1.65 ක් පවතින්නේ රත්රන් තොග වශයෙනි. 
 
ජාත්‍යන්තර වෙළඳපොලේ තත්ත්වයන්ට සාපේක්ෂව මෙරට මිල ගණන්ද සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබේ. ඒ අනුව ග්‍රෑම් සියයක රත්රන් බිස්කට් එකක වටිනාකම මේ වනවිට සටහන් වන්නේ රුපියල් 525,000.00 ක් ලෙසයි. එම අගය පසුගිය සතියේදී පැවතියේ රුපියල් 545.000.00 ක් ලෙසයි. 

 

 

ව්‍යාපාරික