21 April 2018
RSS Facebook Twitter   

රජයේ දත්ත එකම වහලක් යටට

data dataවිවිධ රජයේ ආයතන මගින් පවත්වාගෙන යනු ලබන දත්ත හා තොරතුරු එකම ආයතනයකට ගොනු කිරීමට රජය සූදානම් වේ. මේ වනවිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ආදී රජයේ ආයතන මගින් වෙන වෙනම දත්ත ඒකක පවත්වාගෙන යනු ලබන අතර එසේ වෙන වෙනම පවත්වාගෙන යාම අධික වියදම්කාරී බව හේතුවෙන් මෙම නව තීරණයට එළඹ තිබෙනවා.
ඒ අනුව අලුතින් පිහිටුවීමට නියමිත ආයතන ජාතික දත්ත මධ්‍යස්ථානය ලෙස හැඳින්වෙනු ඇත.
 
නව ආයතනය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීම මත ක්‍රියාත්මකවීමට නියමිතය. 
 
රජයේ මෙම නව තීරණය වියදම් අඩු කරගැනීමේ ක්‍රියාවලියක් මෙන්ම එය අදාල දත්තවලින් උපරිය ප්‍රයෝජන ගැනීමටද උපකාරී වනු ඇත. මෙම දත්ත ගබඩා වෙන වෙනම පවත්වාගෙන යාම තුළින් ඒවා ලබාගැනීමට අමතර පිරිවැයක් සහ වෙහෙසක් දැරීමට සිදුවන අතර නව ආයතනය පිහිටුවීමෙන් එය මගහැරෙනු ඇත. එසේම දත්ත යාවත්කාලීන කිරීමේදී ද පහසුවක් වනු ඇත. 

 

 

ව්‍යාපාරික