22 January 2018
RSS Facebook Twitter   

මුතුකරුප්පන් චෙට්ටියාර්ගෙන් සැබෑ වෙනසක්

muthukaruppan01ලංකාවේ පැරණිම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වන මුතුකරුපන් චෙට්ටියාර් (Pl Mtt Muthukaruppan Chettiar Jewellers) අද (16) අලුත් වෙනසකට මුලපිරුවේය.
 
ඒ අංක 36, හෙට්ටිවීදියේ පිහිටි ඔවුන්ගේ ස්වර්ණාභරණ වෙළෙඳ සැල තට්ටු 3ක මහල් වෙළෙඳසැලක් බවට පත්කරමින් පරාභෝගිකයන්ට වැඩි පහසුකම් සැපයීම මගිනි.
 
මේ අවස්ථාවට නළු නිළියන් ඇතුළු කලාකරුවන් පිරිසක්ද එක්ව සිටියහ.
 
කොළඹ හැරුණු විට වෙනත් කිසිම ස්ථානයක මුතුකරුපන් චෙට්ටියාර් ජුවලර්ස් ප්‍රදර්ශනාගාර හෝ ශාඛා පිහිටා නැති බව එම සමාගම සිය පාරිභෝගිකයන් හට දන්වා සිටියි.
 
වසර 1937 දී ව්‍යාපාර කටයුතු ඇරඹූ මුතුකරුපන් චෙට්ටියාර් මෙරට ජනතාව තුළ රන් සඳහා විශ්වාසය තහවුරුකරගත් ආයතනයකි.
 
මුතුකරුපන් චෙට්ටියාර් මංගල ආභරණයෙන් සැරසී පවත්වන අලංකාර මංගල උත්සව රටටම දැකිය හැකිවන ලෙස අපූරු අවස්ථාවක් සිය පාරිභෝගියන් හට ලබාදීමට සූදානම් බව එම සමාගම පවසයි. ඒ, සෑම සෙනසුරාදා දිනකම ප.ව. 4.30ට ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වන ‘වෙඩිං’ මංගල වැඩසටහන තුළින් එය ට ප්‍රචාරයක් ලබාදීම මගිනි. සිය මංගල දිනයේ වීඩියෝ පටය ලබාදෙන මුතුකරුපන් චෙට්ටියාර් පාරිභෝගිකයන් හට නොමිලේ මෙම අවස්ථාව ලබාගත හැකි බව එම සමාගම කියා සිටියි.
 
සේයා රූ - රොෂාන් චතුරංග
 
muthukaruppan02
muthukaruppan03
muthukaruppan04
muthukaruppan05
muthukaruppan06

 

 

ව්‍යාපාරික