22 January 2018
RSS Facebook Twitter   

වාණිජ්‍ය මණ්ඩලයෙන් ඇඟලුම් කර්මාන්තය පිළිබඳ විශ්ලේෂණයක්

ccc logoශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය විසින් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා සමස්ත ඇඟලුම් කර්මාන්තයේ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් පවත්වා තිබේ. වාණිජ්‍ය මණ්ඩලයේ ව්‍යපාරික තොරතුරු අංශය මගින් මෙම
විශ්ලේෂණය සිදුකර ඇති අතර එය 'ඇඟලුම් ක්ෂේත්‍රයේ සංඛ්‍යාන විශ්ලේෂණය - 2014' නමින්  හඳුන්වා ඇති අතර එය මගින් ඇඟලුම් ක්ෂේත්‍රයට අදාල මාතෘකා ගණනාවක් ආවරණය කර තිබේ. 
 
මෙම විශ්ලේෂණය මගින් ගෝලීය ඇඟලුම් කර්මාන්තයේ පරිමාණය, ඒකපුද්ගල ඇඟලුම් වියදම, රෙදිපිළි සහ ඇඟලුම් අපනයන, දේශීය රෙදිපිළි කර්මාන්තයේ දළ විශ්ලේෂණය, 2014 ජනවාරි - දෙසැම්බර් කාලසීමාව තුළ දේශීය රෙදිපිළි අපනයනය, මෙරට සමස්ත ආනයන හා අපනයන ප්‍රමාණය ආදිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබේ. 
 
රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය සඳහා අලුතෙන් එක්වන ආයෝජකයන්ට සහ සමාගම්වලට අදාල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට මෙම විශ්ලේෂණය බෙහෙවින් උපකාරී වන බව මෙරට ආර්ථික විද්වතුන් පෙන්වා දෙයි. එසේම අදාල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පර්යේෂණ, විශ්ලේෂණ සිදුකරන විද්වතුන්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට බෙහෙවින් වැදගත් වන විශ්ලේෂණයක් බව ද ඔවුන් ප්‍රකාශ කරයි.  
 

 

 

ව්‍යාපාරික