21 April 2018
RSS Facebook Twitter   

සර් රිචඩ් බ්‍රැන්සන් එළඹෙන සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ සංචාරක

baron dinesh

ඒ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හා මෙරට ආයෝජකයන් ඉහළ දැමීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන සර් රිචඩ් බ්‍රැන්සන් හට ශ්‍රී ලංකාවේ සංචාරයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කර තිබේ.

 වාර්තා වන අන්දමට අගමැතිවරයා විසින් බ්‍රැන්සන් මහතාට දුරකතනය හරහා ආරාධනා කොට ඇත. එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු කොමර්ෂල් බැංකුවේ සභාපති හා ‘JAT හෝල්ඩිංග්ස්' හි සභාපතිවරයා වන හා රිචඩ් බ්‍රැන්සන් මහතාගේ මිත්‍රයෙකු වූ දිනේෂ් වීරක්කොඩි මහතාය.

සර් රිචඩ් බ්‍රෙන්සන් ඉතා ප්‍රසිද්ධියක් උසුළුන ‘වර්ජින් ගෘප්' හි නිර්මාතෘවරයා වේ. ‘වර්ජින් ගෘප්' මේ වන විට සමාගම් 450 කට වඩා හිමිකම් කියයි. ‘ෆෝබ්ස් 2014 'වාර්තාව අනුව සර් රිචඩ් බ්‍රැන්සන් මහතා එක්සත් රාජධානියේ 7 වෙනි පෝසතා වෙයි. ඔහුගේ දේපළ වටිනාකම පවුම් බිලියන 5 ක් පමන වේ. වාර්තා වන අන්දමට ‘වර්ජින් ගෘප්' ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය සඳහා කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

 

 

 

ව්‍යාපාරික