21 July 2018
RSS Facebook Twitter   

විදේශගත ශ්‍රමිකයන් ඉලක්ක කර නව සංවර්ධන බැඳුම්කර නිකුතුවක්

central-bankඉදිරි දිනවලදී සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට මහබැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ විදේශගත ශ්‍රීලාංකික ශ්‍රමිකයන් ඉලක්ක කරගනිමිනි. ඒ අනුව ඔවුන්ට තමන් සිටින රටවල මුදල් ඒකකවලින් මෙම බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවේ.
එසේම ද්විතීක වෙළඳපොල පහසුකම් ද ඔවුන්ට ලබාදීමට නියමිතය. 
 
මහ බැංකුව ප්‍රකාශ කරන්නේ නව තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි. 
 
ඩොලර් මිලියන 100 ක් සඳහා වූ බැඳුම්කර නිකුතුව පසුගිය 18 වැනිදා සිදුකළ අතර එළඹෙන 29 වැනිදා පියවීම් සිදුකිරීමට නියමිතය.
 
ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර සාපේක්ෂව පිරිවැය අඩු විනිමය අනුපාත අවදානම් නැති රාජ්‍ය ණය ක්‍රමවේදයක්  නිසා විදේශ්ගත ශ්‍රමිකයින් ඉලක්ක කර වඩාත් ආකර්ෂණිය බදු විරහිත ආයෝජන අවස්ථා ලබා දිමේ අරමුණින් මෙම තාක්ෂණික පහසුකම් හදුන්වා දෙන බව මහ බැංකුව කියයි.
 

 

 

ව්‍යාපාරික