19 January 2018
RSS Facebook Twitter   

ලංකා බැංකුව එහි ඉන්දියානු ශාඛාවේ මුදල් භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා Intellect’s One Treasury Solution

interlectඉහළ තාක්ෂණයෙන් යුත් භාණ්ඩාගාර විසදුම් බැංකුවේ ඵලදායිතාවය වර්ධනය කරන අතර ක්ෂණිකව වෙළෙදපොළ කෙරේ ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව පිරිනමයි.

ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන විදේශීය බැංකුවක් වන ශ‍්‍රී ලංකාවේ ලංකා බැංකුව විසින් එහි ඉන්දියානු මෙහෙයුම් කටයුතු සඳහා බැංකු සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේහී විශේෂඥ ඩිජිටල් තාක්ෂණ සැපයුම් ආයතනයක් වන ඉන්ටෙලෙක්ට් ඩිසයින් අරීනා ලිමිටඞ් හී Intellect’s One Treasury Solution තෝරා ගත් බව අද නිවේදනය කරන ලදි. ඉන්දියාවේ ක‍්‍රියාත්මක විදේශීය බැංකුවක් විසින් භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා Intellect’s One Treasury solution තෝරා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වේ. මාස පහක් පුරා වේගයෙන් ක‍්‍රියාත්මක කළ මෙම විසදුම් 2015 ජුනි මස අවසන් සතියේ සිට සජීවීව ක‍්‍රියාත්මක වීමට නියමිත ය.

මූල්‍ය ආයතන, ඔවුන්ගේ ජාත්‍යන්තර ගනුදෙනු ක‍්‍රමවත් කිරීමට මෙන්ම නිවැරදි තීරණ ගැනීමට සහය වන ව්‍යාපාර භාණ්ඩාගාර සහ අවදානම් කළමනාකරණ විසදුම් කෙරේ අවධානය යොමු කරයි. මෙහෙයුම් කටයුතු වලට පමණක් සීමා නොවූ ව්‍යාපාර මට්ටමේ මධ්‍යගත ජාත්‍යන්තර විසදුමක අවශ්‍යතාවය භාණ්ඩාගාර සේවකයන්ට තදින්ම දැනී ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවැරදි තීරණ ගැනීමට සහාය වන, වෙළෙදපොළ අවස්ථාවන්හී උපරිම වාසි ලබා ගත හැකි, ජාත්‍යන්තර ගනුදෙනු අධීක්ෂණය කළ හැකි සහ ක‍්‍රියාකාරිත්ව කළමනාකරණය සඳහා අවදානම් තොරතුරු හැසිරවිය හැකි බුද්ධිමත් විසදුම් ය.

සමෝධානික අවදානම් සහ භාණ්ඩාගාර කළමනාකරණ විසදුමක් වන Intellect One Treasury බැංකුවලට අවදානම් කළමනාකරණයේ සිට අවදානම්වලට මනාව මුහුණ දෙමින් ව්‍යාපාර වාසි අත් කර ගැනීමෙහිලා සහය වෙමින් ජාත්‍යන්තරව තරඟ කිරීමේ හැකියාව පිරිනමයි. අරමුදල් විවිධාංගීකරණය, නියාමන අනූකූලතාවය, අසමාන පද්ධති සමෝධානිකරණය, නව නිෂ්පාදන සංවර්ධනයේලා අත්‍යාවශ්‍ය නම්‍යශීලිත්වය සහ අවදානම් හඳුනාගැනීම යනාදිය සඳහා Intellect One Treasury පහසුකම් සලසයි.

ඉන්දියානු උපමහද්වීපයේ, මැදපෙරදිග සහ අප‍්‍රිකානු EVPප‍්‍රධානී කේ ශ‍්‍රීනිවාසන් මහතා මෙසේ පවසන ලදි.
‘‘ලංකා බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම බැංකුව වන අතර ඔවුන්ගේ ඉන්දියානු මෙහෙයුම් කටයුතු සඳහා Intellect Treasury තෝරා ගැනීම අපගේ භාණ්ඩාගාර විසදුම්හී සුපිරි ක‍්‍රියාකාරිත්වය සහ මෙරට භාණ්ඩාගාර සේවා ක්ෂේත‍්‍රය තුළ අපගේ නායකත්වය කෙරේ නිදසුන් සපයයි. Intellect Treasury, බැංකුවේ ව්‍යාපාර කටයුතු, මෙහෙයුම් කටයුතු සහ ක‍්‍රියාවලීන් ක‍්‍රමවත් කිරීමෙහිලා සහාය වනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි.’’

චෙන්නායි ලංකා බැංකුවේ කළමනාකරු නිහාල් සුරවිමල මහතා මෙසේ පවසන ලදි.

‘‘ඉන්දියාවේ බැංකු 20 කට අධික සංඛ්‍යාවකට සේවය සපයමින් ලබා ගත් සුවිශේෂි පළපුරුද්ද සමඟ ඉන්දියාව පමණක් නොව ජාත්‍යන්තරයම පිළිගත් භාණ්ඩාගාර සේවාවන් සැපයීමෙහිලා ඔවුන් සතු හැකියාව නිසාම අපි අපගේ ඉන්දියානු භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා Intellect සමඟ හවුල්වීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුවන්නෙමු. මෙම සේවාව ක‍්‍රියාත්මක කිරීමත් සමඟ අපිට තරඟකාරිත්ව වාසි අත් කර දෙන පහසු බැංකු පද්ධතියක් ලබා ගැනීමේ හැකියාව හිමිවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ’’

භාණ්ඩාගාරයන්හී පාලනය, නියාමනය සහ අධීක්ෂණය වර්ධනය වීමත් සමඟ නව භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිවල සංකීර්ණත්වය වර්ධනය වෙමින් පවතී. Intellect Treasury ක‍්‍රියාකාරිත්වය ඔවුනට භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු විශිෂ්ටත්වය කරා ගෙන යාමට සහාය වෙමින් වෙනස්වන පරිසරය තුළ තරඟකාරිත්ව වාසි හිමි කර දෙනු ඇත.

 

 

 

ව්‍යාපාරික