21 April 2018
RSS Facebook Twitter   

පළමු කාර්තුවේදී 6.4% ආර්ථික වර්ධනයක්

dip-of-censusමෙම වසරේ පළමු කාර්තුව තුළ මෙරට ආර්ථිකය 6.4% කින් වර්ධනය වී ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ අවසන් කාර්තුවේද ආර්ථික වර්ධනය මෙම අගයේම පැවති අතර පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව අඩු අගයකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ. 
 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙම වසරේ පළමු කාර්තුව තුළ කෘෂිකාර්මික අංශයේ වර්ධනය 0.7% ක් ලෙස දැක්වෙන අතර කර්මාන්ත අශයේ වර්ධනය 6.5% ක් ලෙස හා සේවා අංශයේ වර්ධනය 7.5% ක් ලෙස වාර්තා වේ. එම වාර්තාවට අනුව මෙම කාර්තුවේදී කෘෂිකාර්මික අංශයේ දළ දේශීය නිෂ්පාදන දායකත්වය 10.9% ක් ලෙස වාර්තා වන අතර කර්මාන්ත අංශයේ දායකත්වය 32.7% ක් ලෙස හා සේවා අංශයේ දායකත්වය 56.3% ක් ලෙස වාර්තා වේ. 
 
සේ වෙතත් මහබැංකුවේ උපකල්පනවලට අනුව මෙම වසරේදී මෙරට ආර්ථිකය 7.0% වර්ධනයක් අත්පත් කරගනු ඇත. 

 

 

ව්‍යාපාරික