21 April 2018
RSS Facebook Twitter   

නවතම Huawei Honor දින 7ක් තුළ වාර්තාගත අලෙවියක්

huaweiHuawei විසින් පසුගියදා හඳුන්වා දුන් නවතම Honor G Play, 4X, 6 Plus  ස්මාර්ට්ෆෝන්  10000 ක් පසුගිය දින 7 තුළ මෙරට අලෙවි වී ඇති බව  එම සමාගම නිවේදනය කරයි.  Huawei Honor ස්මාර්ට්ෆෝන් වල ඇති නවීනත්වය සහ සිත්ගන්නා සුළු පහසුකම් මෙන්ම මිල පරාසය නිසා  ඉතා පහසුවෙන්  වෙළඳ ඉලක්ක
සපුරා ගැනීමට හැකිවී ඇති බව වෙළඳ පල දත්ත අනුව හෙළිවී ඇත. Huawei Honor මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනයක් වුවද  ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනයක ඇති සියලූ පහසුකම් වලින් යුක්ත වීම ඉතා ඉක්මනින් පාරිභෝගික ජනතාව අතර එය ජනප‍්‍රිය වීමට හේතු  වී තිබේ.
 
වසර 2014  මැයි මාසයේදී Huawei Honor  3C සහ Honor Holly යන  මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන්  ශ‍්‍රී ලංකාවට හඳුන්වා  දුන් අතර එම ස්මාර්ට්ෆෝන් ඒකක 55000 ක් පමණ මේ වනවිට  අලෙවි වි තිබේ. එම ප‍්‍රමාණය තුන් ගුණයකින් ඉක්මවා යමින්  මෑතකදී හඳුන්වා  දුන්  Honor G Play, 4X, 6 Plus ස්මාර්ට්ෆෝන් මේ වසරේ අලෙවි වනු ඇති බව සමාගමේ විශ්වාසයයි. 
 
Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රීලංකා ප‍්‍රධානි හෙන්රි ලියු මහතා  සඳහන් කර ඇත්තේ  සතියක් තුළ Huawei  නවතම Honor G Play, 4X, 6 Plus ස්මාර්ට්ෆෝන් 10000 ක් වැනි ඉලක්කයක් කරා  ගමන් කිරීමට හැකිවීම පිළිබඳව  තමන් අතිශය සතුටට පත්වන බවයි. හොඳම තාක්ෂණය, හොඳම නිෂ්පාදන, මිල සහ සේවාව පිළිබඳව උනන්දු වන  පාරිභෝගික පිරිසක්  සිටින නිසා Huawei Honor ඉතා ඉක්මනින් ජනප‍්‍රිය වී ඇති බවද හෙන්රි ලියු මහතා පවසා තිබේ. මෙයින් ‍‍පැහැදිලි වන්නේ  Huawei Honor ස්මාර්ට්ෆෝනයේ ඇති පහසුකම් පිළිබඳව පාරිභෝගිකයා තුළ ඇති තෘප්තිමත්භාවය බවද හෙන්රි ලියු මහතා පෙන්වා දෙයි.
Huawei ජංගම දුරකථන පිළිබඳව උනන්දුවක් දක්වන  ඕනෑම අයෙකුට දිවයින පුරා පිහිටි  Huawei අලෙවි සැල් වෙත ගොස් නවතම  Huawei Honor G Play, 4X , 6 Plus දුරකථන ක‍්‍රියාත්මක කර පරීක්ෂා කළ හැකි බව Huawei ශ‍්‍රී ලංකා අලෙවි කළමණාකරු ස්ටැන්ලි මැස්කරේනස් මහතා  පැවසීය.
 
ශ‍්‍රී ලංකාවේ දැනට අලෙවියට ඇති  ස්මාර්ට්ෆෝන් අතර අංක 2  හිමිකරගෙන සිටින Huawei නුදුරේ දී ම මෙරට අංක 1 ස්මාර්ට්ෆෝනය බවට පත්වනු ඇති බවට අනුමාන කළ හැක . ශ‍්‍රී ලංකාවේ අංක 1  සන්නාමය හිමි සමාගම වන සිංගර් ශ‍්‍රී ලංකා මෙරට Huawei එකම බෙදාහරින්නා වීම ද ,මේ සඳහා බලපාන ප‍්‍රධාන සාධකයකි.
 

 

 

ව්‍යාපාරික