19 January 2018
RSS Facebook Twitter   

මැයි මාසයේ උද්ධමනය සුළු වශයෙන් ඉහළට

inflation-rateජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවට අනුව මැයි මාසයේදී මෙරට උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. එම අගය සටහන් වන්නේ 0.2% ක් ලෙස සටහන් වන අතර එය පසුගිය අප්‍රේල් මාසයේදී සටහන් වූයේ 0.1% ක් ලෙසයි. 
 
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 2.1% ක් ලෙස පැවැති අතර එම අගය මැයි මාසයේදී 1.9% ක් දක්වා පහළ ගොස් තිබේ. 
 
උද්ධමනය සුළු අගයකින් ඉහළ යාමට හේතුව ලෙස දැක්වෙන්නේ පසුගිය දිනවල ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය අප්‍රේල් මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ 0.7% කින් ඉහළ යාමයි. පසුගිය මාසයේදී එළවළු, මස්/මාලු හා කරවල, ලොකු ළූණු, පොල් මිල ගණන් ඉහළ යාම මෙයට මූලික හේතුවක් වී තිබේ. එහෙත් සහල්, සීනි සහ පළතුරු වර්ගවල මිල ගණන් සුළු වශයෙන් අඩු වී තිබේ.
 
may-inflation

 

 

ව්‍යාපාරික