23 July 2018
RSS Facebook Twitter   

විශ්වාසය පරම ඥාතියා කරගත් සමාජයක What a nice Couple විමසීම – චාමර ගුරුගේගේ නාට්‍යයක්

 

10847787 371583096356081 2019952274534140111 n

චාමරගේ නාට්‍ය නිර්මාණය වේදිකාගතවන තේමාව වන්නේ යුවළකගේ සබඳතා ලෝකයේ පැවැත්මත්, බිඳවැටීම හා එහි ඊනියා ප‍්‍රතිනිර්මාණයයි. බැලූ බැල්මට මීට සරල ආකෘතියක් පාවිච්චි කරනවා. මේ යුවළ දිගටම කතා කරනවා. ඒ කථනය නිශ්චිත මොහොතකට පසු බිඳවැටෙනවා. යළි යළිත් බිඳවැටෙනවා. දෙදෙනා අතර එකිනෙකාට නැංගුරම්ලාගෙන සිටි සබඳතාවේ අක්ෂ්‍යය වියැකී යනවා. එය මීට පෙරද සිදුවී ඇතිවක්ද? යළි යළිත් සිදුවන්නක්ද? ප‍්‍රථම වතාවට සිදුවන්නක්ද? නොදැනුවත්වම මේ දෙදෙනාගේ වේදිකාගත නොවන රහස් පේ‍්‍රක්ෂකයා පරිකල්පනය අරඹනවා. චාමර විසින් ගොඩනගනා කලාත්මක තථ්‍යසම (vertual) අවකාශය ඉතා නිර්මාණශීලී ආඛ්‍යානයක් රඳවා ගන්නවා. ඒක සමකාලීන බොහෝ අවකාශවල ආඛ්‍යානයන්ට සමාන්තර තත්ත්වයක් පේනවා. මිතුරුකම තුළ, පවුල් තුළ, ආයතන තුළ, දේශපාලන සංවිධාන තුළ අපිට මෙවන් පුනරාවර්තන සලකුණු කරන්න පුළුවන්.

මනෝ විශ්ලේෂණ විෂය බිහිවුණේ කේවළ පුද්ගල ප‍්‍රපංච පාදක කරගෙන. එහි මූලබීජය කථනය. කථනය තුළ පුද්ගල ආත්මීයත්වයේ පරතර, තුවාල, නියෝජනය වනවා කියලා අයෙක් විශ්වාස කළොත්, පුද්ගල ආත්මීයත්වයේ පදනම් බොහොමයකට මනෝ විශ්ලේෂණය හරහා කවුළු බිහිවෙනවා. සමකාලීන දේශපාලන අභ්‍යාසයට මනෝ විශ්ලේෂණය දක්වන සම්බන්ධය මීට වෙනස්. මිනිස් සාමූහිකත්වයේ පැවැත්ම භාෂාව ලෙස සලකතොත් ඒ මගින් බිහිකරන අතුරුඵල හෝ අතිරික්තය සමාජය ප‍්‍රතිසංවිධානය කරවන ශේෂයන් (Libido-අවරෝධිත ලිංගික ශක්තියක්) ඉතිරි කරවනවා. අපිට කියන්න පුළුවන් මේකට සමාජයේ යටිබඩ කියලා. සමාජයේ යටිබඩ නොහොත් අධෝව්‍යුහය (ක්ෂුද්‍ර සමාජය) උපරි ව්‍යුහයට (මහා සමාජය) දක්වන අන්තර් සම්බන්ධයක් අපිට මෙතැනදි උදව් කරනවා සබඳතා බිඳවැටීමේ අර්බුදයට විද්‍යාවක් සපයන්න.

මහත්සඳ පිනිබිඳෙක

සමකාලීන සමාජයේ කලාකෘතියකට අත්පත් කරගත හැකි කූටප‍්‍රාප්තිය කුමක්ද? ආර්ථික දේහයක් ලෙස ශිෂ්ටාචාරයේ ප‍්‍රතිනිෂ්පාදනයේ යුගය අත්විඳිමින් සිටිනා අපට අලූත් යමක් හා පරණ දේ අතර වෙනස වෙන්කර ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ජංගම දුරකතන හෝ පරිගණක හෝ මෝටර් රථ සලකතොත් එහි ‘අලූත්’ මොඩලයක් කියා නැවත නැවතත් වසඟකාරී ප‍්‍රතිනිෂ්පාදන පේ‍්‍රක්ෂාවක් මිස නිෂ්පාදනීය අර්ථයකින් ‘අලූත්’ නිෂ්පාදනයක් අප අතට පත්වීම සදාකාලිකව පමා වෙනවා. විධිමත්ව කිව්වොත් කාල අක්ෂ්‍යය ලොප් වෙලා. මේකම මිනිස් ජීවිතවලත් සිදුවෙමින් යනවා. දෛනික කාලසටහනක කැරකෙන අපි ජීවිතය අලූත් කරනොගැනීමේ උභතෝකෝටිකයක පැටලිලා ඉන්නවා. මහජනයා මේ කාලකණ්ණි ඒකාකාරීබවෙන් මිදෙන්න උල්ලංඝනයක් බලාපොරොත්තු වෙනවා. ස්ථාවර මිනිස් සබඳතා වෙනුවට විකල්ප තත්සම සබඳතා සමුදායකට ඇතුළු වෙනවා. සමීපතමයන්ගෙන් අපි හිස්ටරික නිවැරදිභාවයක් ඉල්ලා සිටින අතර ඊනියා විකල්ප විසින් ලිබරල් විපරීත නිදහසක් ප‍්‍රාර්ථනා කරනවා. මේ තත්ත්වය යටතේ තමයි සමකාලීන විවාහ ඉතා ඉක්මනින් බිඳවැටිලා එහි ඊනියා විකල්ප ක‍්‍රමවේද අත්හදා බැලීම් සමාජයෙන් මතුවෙන්නේ. එකට ඉඳිමින් වෙන්වෙලා ජීවත්වීම, අනෙකා තමාට දක්වන අවංකභාවය ප‍්‍රශ්න කළ නොහැකි නව දර්ශනවාදවලට ඇතුළුවීම හෝ පූර්ණ ලෙස සාම්ප‍්‍රදායික විවාහයෙන් වෙන්වී living together මොඩලයේ විධික‍්‍රම අභ්‍යාස ආදිය සලකන්න පුළුවන්. මේවාට එක මොහොතකට පසු දෙපාර්ශ්වයෙන්ම තියෙන්නේ එකඟත්වයක්. මින් පිටතට ගොස් රැුඩිකල් ලෙස අවංකත්වය හෝ වගවීම ඉල්ලා සිටින ඕනෑම අයෙක් මේ යුගයේ නරුමයෙක් ෆැසිස්ට්වාදියෙක්, සාම්ප‍්‍රදායිකවාදියෙක් හෝ පිස්සෙක් විදියට සමාජයෙන් බහිෂ්කරණය කරනවා. මේක සංකීර්ණ සමාජ තත්ත්වයක්.

මේ පෙරවදනත් එක්ක අපි බලමු. සමකාලීන කලාව ‘කලාවක්’ වීමේ නිර්ණායකයන් අලූතින් ගොඩනගන්න. එක වෙලාවක ඞ කණ්ඩායම විදියට දීප්ති කුමාර ගුණරත්න ගෙනාවා යෝජනාවක් ලංකාවේ කලාකරුවා හැදෑරිය යුතුයි යන්න. විවෘත ආර්ථිකයේ සියලූ පරිවාර ශක්‍යතා 2000 දශකය වෙනකොට ලංකාවට කාන්දුවෙමින් සමාජය ඊටම අනන්‍ය වූ සංකීර්ණතා ප‍්‍රතිනිර්මාණය කරගනිමිනුයි තිබුණේ. කලාකරුවකුට එවන් සමාජයක් තවදුරටත් සාමාන්‍ය දැනීමෙන් විනිවිදින්ට බෑ. ඊට විද්‍යාවන් හා දර්ශනයන්ගේ සහාය අවශ්‍යයි. දීප්තිගේ ඉහත දේශපාලන අභියෝගය කාන්දු වූ කලාප ගණනාවක තීරණාත්මක වෙනස්කම් සිද්ධවුණා. කලාව තුළත් මේක විවිධාකාරයෙන් අත්හදා බැලූ අය හිටියා. අද වෙනකොට මෙහි අතුරුඵල විශාල ප‍්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. එකක් න්‍යායාත්මක සංකල්පවලට අමුඅමුවේ කලාකෘති කිරීම. ඒ කියන්නේ යම්කිසි න්‍යායාත්මක කාර්යයක් මෙන්න මේකයි කියලා රඟදක්වනවා. අනෙක් නාට්‍යය එහි ප‍්‍රතිලෝමය. තමන්ට දැනෙන දේ, තමන්ගේ ඊනියා මනෝලෝකය අධිනිශ්චය කරගෙන තමන්ට හිතෙන හිතෙන ඒවා නිර්මාණය කිරීම. ඒවා කරන්න ඒ අයට ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තියෙනවා. ඒ වගේම ඒවා කලාකෘති නොවේ කියලා පෙන්නන්න අපිටත් අයිතියක් තියෙනවා. පසුගිය දශක දෙක පුරාවට නාට්‍ය කලාව තුළ අනාගත සිතියම අහිමි වී අර්බුදයට ලක්වූ නාට්‍යකරුවන් කිහිපපළක්ම ඉන්නවා. මේ අය අසමත් වූ නව සමාජ තත්ත්ව වටහාගෙන එය වේදිකාවට ගේන්න සමත් වූ තරුණ නාට්‍යකරුවන් කීපපළක් මේ වනවිට අපිට සලකුණු කළ හැකියි. නාමල් ජයසිංහ හා ප‍්‍රසන්න මහගමගේගේ ‘ග්ලැඩියේටර් පේ‍්‍රමය’ හරහාත් චමිල ප‍්‍රියංක ‘මෙය තුවක්කුවක් නොවේ’ හරහාත් නව ස්වතන්ත‍්‍ර නාට්‍ය ප‍්‍රකාශනයන් ආරම්භ කළා. එහි මීළඟ තීරණාත්මක පුරුක චාමරගේ නාට්‍යයයි.

මගේ අදහස කලාකෘතියක් අද දවසේ විශ්ලේෂණයට හෝ විචාරයට ලක්කළ යුතු මූලික මිනුම්දණ්ඩ වන්නේ පවතින සමාජ චින්තන ගොඩනැංවීම්, එනම් දාර්ශනික, විද්‍යාත්මක, දේශපාලනික හෝ මනෝ විශ්ලේෂණාත්මක ආදි කිසිදු ප‍්‍රවේශයකින් විසඳුමකට හෝ නිෂ්ඨාවකට පත් කළ නොහැකි සමාජ ප‍්‍රපංච හෝ පරතර කලාකෘති හරහා රාමුගත කිරීමයි. මේක අසීරු මෙන්ම විවාදාත්මක කාරණයක්. යම් කලාකෘතියක් පවතින සමාජ ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණයේදී නියත වශයෙන්ම එය ඒකකයක් ලෙස සමාජය ප‍්‍රතිනියෝජනයේ අසමත්භාවයක් දක්වනවා. ප‍්‍රතිනියෝජනය වන්නේ තර්කනයක්. එහිදී එම තර්කනය අභියෝගයට ලක්වෙන්න පුළුවන්. නැත්නම් ප‍්‍රතිඉදිරිපත් කිරීමක් පමණක්ම වෙන්න පුළුවන්. ඒත් නැත්නම් ඊට එළැඹීමේ දෘෂ්ටිවාදාත්මක අපගමනයන් වෙන්නත් පුළුවන්. මම කලාකෘතියකට එළැඹීමේදී සැලකිල්ලට ගන්නා අවම නිර්ණායකය වන්නේ ඉහත කී ශිෂ්ටාචාරය විසින් නොවිසඳුණු ප‍්‍රපංචයක් රාමු ගතකර තිබේද යන්නයි.

අනුන්ගේ කේක් මට එපා

චාමරගේ නාට්‍යයේ පූර්වභාගය දිවෙන්නේ ඉහළ මැද පන්තියට ඇතුළුවෙමින් පවතිනා, එහි පරිභෝජන ශක්‍යතා අත්පත් කරගනිමින් ඉන්නා පවුලක් සිය විවාහ සංවත්සරය තනිවම සමරමින් සිටිනා ඉතා කෙටි කාලසීමාවක් තුළ. මුළු නාට්‍යයම රංගගත වන්නේ පෞද්ගලික අවකාශයක. ඒ වගේම නාට්‍යයේ රංග කාලයටම සමාන්තර ජීවන සිදුවීම් කාල අවකාශයක. නාට්‍යය රංග දක්වන්නේ මනෝලිංගිකව ද්විගුණ අවකාශයක. වේදිකාවේ දකුණුපස ඇති කුඩා මේසයක තමා නාට්‍යයේ පළමු අර්ධය දිවෙන්නේ. අනික් පසින් තියෙනවා සුඛෝපභෝගී ඇඳක්. රූපිකව එය මේ පෞද්ගලික අවකාශයේම වඩාත් පෞද්ගලික කොටසක් ලෙස වෙන් වෙනවා.
නාට්‍යයේ ගලායෑමේ ඒකමිතිය බිඳවැටෙන්නේ අපූරු තැනකින්. ඒ තරුණිය සිය සැමියාගේ සීතල, උත්කර්ෂිත ඒකමිතිය මත උල්ලංඝනය වන අප‍්‍රකාශිත අන්තර් මිනිස් ගිවිසුම් නැවත ඉල්ලා සිටීමෙන්. දේශපාලනික භාෂාවෙන් කියතොත් අපි අද ජීවත්වන්නේ පශ්චාත් දෘෂ්ටිවාදී සමාජ තත්ත්වයක. පෙර සමාජයේ මිනිසුන් සමාජයේ තමාට වන අකටයුතුකම්, අසාධාරණකම්, පිළිබඳ නොදැනුවත්කමින් ජීවත්විණි නම් අද මිනිසා ජීවත්වන්නේ ඒ පිළිබඳ ඊනියා සවිඥානික තත්ත්වයකින්. ඒත් තමන් ඒ ක‍්‍රමය පවත්වාගෙන යනවා. ඒ වගේම අවිඥානික විශ්වාසයක ඉන්නවා. ඒ තුළින් කවදා හෝ අත්පත්වන විමුක්තියක් ගැන. අපට කිවහැකියි මෙය ඥානනයේ පරමත්වයට පත් සමාජයක් කියලා. දැනුම හෝ ඥානනය පිළිබඳ මිනිස් සමාජය මතුපිටින් කතා කරන විවේචන හෝ අධිනිශ්චිත කථිකාව නොවෙයි භාවිත තලයක මිනිසුන් ජීවමානව අත්විඳින ඥානනය කියලා කියන්නේ. ඔබට පිළිකාවක් තියෙනවා. ඔබ ඒක දන්නේ නෑ. ඔබ ජීවත්වනවා. මේ ජීවිතය සංවිධානය වන විදිය නෙමෙයි තමන් පිළිකාවක් තියෙනවා කියලා දැනගත්විට ගෙවන ජීවිතය. ඒ ලෝක දෙකක්. එහි ධනාත්මක හෝ ඍණාත්මක සලකුණු කිරීම්වලට වඩා මේ වෙනස සලකුණු කිරීමයි ඥානනය ගැන දාර්ශනික ප‍්‍රවේශය වන්නේ.

නාට්‍යය සලකන විටත් මේ තරුණයා හොඳටම දන්නවා තමන් ඉන්නේ කුණුවුණු සමාජයක සංකේතීයව මළගිය මිනිසුන් අතරේ කියලා. තමන්ට නීරස උපදෙස් දෙන ආයතන ප‍්‍රධානීන්ගේ සිට තමා අමානුෂික ලෙස ජීවිතයකට බලෙන් ඇතුළත් කරගන්නා සේවාදායිකාව දක්වා ඔහුට වාචිකව විවේචනයක් තියෙනවා. ඒ කෲරතම යථාර්ථයෙන් ගැලවෙන්න හදාගත්ත ෆැන්ටසි අවකාශයේ තමා නාට්‍යය රඟදැක්වෙන්නේ. අපි කවුරුත් විශ්වාස කරනවා මේ නීරස, අජීවී යථාර්ථයෙන් ගැලවුණු ජීවමාන අවකාශයක් සහායකයාගේ අතිපෞද්ගලික බැඳීමක් ඇතුළේ හෝ සති අන්තයේ හෝ අපිට හිමිවේවි කියලා. ෆැන්ටසිය යනු, පෞද්ගලික ප‍්‍රපංචයක් නොවෙයි. එය දෘෂ්ටිවාදයේ පදනමයි. කළයුත්තේ කුමක්ද යන්න අපගේ ඥානනයෙන් ගිලිහී යනවිට අපට පහසු පිළිතුරු ගොනුකර දෙන්නේ ෆැන්ටසිය විසින්. ෆැන්ටසියට හැමවිටම ඇත්තේ වාස්තවික පැවැත්මක්. මේ යුවළද තම දරුවාටත්, තමන්ටත් ඕස්ටේ‍්‍රලියාවේදී යහපතක් වේයැ’යි හිතන්නේ ඒ නිසාවෙන්. ලංකාව වෙනස් කරනවාට වඩා කැන්ගරුවන් එක්ක ජීවත්වීම පහසු බව අපිට උගන්වන්නේ ෆැන්ටසියෙන් මිස ආර්ථික විද්‍යාවෙන් නොවෙයි. මේ තත්ත්වය කෙවැනිද කියලා ක්ෂුද්‍ර දේශපාලනය තමා චාමර වේදිකාගත කරවන්නේ. ඒ අවකාශයේ ඔවුන් අනාගතය ගැන හීන මවනවා. අතීත සුන්දරත්වය ස්මරණය කරනවා. එහෙත් ඔවුන් ඉන්න වර්තමානය කෙවැනිද? තරුණිය නාට්‍යයේ පූර්වභාගය තුළ ඉතා රැුඩිකල් වෙනසක්, විප්ලවයක් ඉල්ලා සිටින්නේ වර්තමානයට.

පශ්චාත් දෘෂ්ටිවාදී සමාජයක ජීවිත හිටිහැටියේ කඩා වැටෙන්නේ හිතාගන්න බැරි හේතුවලට. ඒත් සමකාලීන ධනේශ්වර ජීවන සංස්කෘතිය ශිෂ්ටාචාරයේ මිනිස් ගොඩනැංවීම්වල සිදුරු තුළින් සබඳතා ඉතා සූක්ෂ්මව අර්බුදයට යවනවා. මේක මෙහෙම නොවන සුරපුරයක් වැනි යුතෝපීය සමාජයක් කවදාවත් බිහිවන්නේ නෑ නේද’ කීම තමා මෙහෙම කිව්වාම එල්ලවන ජනප‍්‍රිය විවේචනය. එහෙත් තත්ත්වය එතරම් සරලද? පළමුවම තරුණිය අර්බුදයට යන්නේ තරුණයා දුරකතනය ඇමතීමට නැගිට වෙන්ව යාමට තියෙන පුරුද්දෙන්. දෙවනුව ඇගේ අතිපෞද්ගලික සැමරුමකට බොහෝවිට වසඟකාරී දෛවස්ත‍්‍රියක් විය හැකි සේවාදායිකාව අරන් දුන්න කේක් තමන්ට කන්න වීමෙන්. මීට තරුණයාගේ පිළිතුර තාර්කිකත්වයක් විතරයි උසුලන්නේ. ඒ තමා ‘ගන්නෙත් ඒ ජාතියෙම කේක් නම්, යන්නෙත් එතැනින්ම නම්, කවුරු ගත්තත් කේක් කේක්මනේ. බොරු ප‍්‍රශ්නයක්නේ ඔයා දුර ගෙනියන්නෙ.’ මේක තමා නාට්‍යයේ රංගය විසංයෝජනය වන දර්ශනය. ඔහුට අනුව පුද්ගලයෙක් දැනගත්තත් නොදැනගත්තත් පුද්ගලයකුට තියෙන පිළිකාවක අවදානමේ වෙනසක් නෑ.

අයෙක් අහන්න පුළුවන් යුවළක් හා බැඳි ආදරය පිළිබඳ මේ ගැටලූව සර්වකාලීනයි නේද කියලා. ඊට පිළිතුර එකවර ‘ඔව්’ හා ‘නෑ’. මොකද ඊට අර්ථයක් එක් කරන්නේ පවතින සමාජ පද්ධතිය විසින් වීමයි. අයකුගේ අභ්‍යන්තරයේ පවතින අඩුවක් (Innervoid) තමා තවත් අයකුගේ ආදරයකින් පුරවන්නේ. මේකට ප්ලේටෝ කිව්වේ ‘ඇගල්මාව’ කියලා. ඇගල්මාව කියන්නේ යම් වටිනා වස්තුවක් සඟවා තබන තැනට ග‍්‍රීක භාෂාවේ යෙදුමයි. මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් දර්ශනයත් මනෝ විශ්ලේෂණයත් අභිමුඛ වන, ඒ වගේම අර්බුදයට යවන සිවියක් තමා මිනිස් විෂයේ පරම පැවැත්ම ගැන ඇති මිථ්‍යාව. එහෙත් එය භෞතිකයක්. භෞතිකයක් කියලා කිව්වේ චාමරගේ නාට්‍යයේ දුරකතන ප‍්‍රශ්නෙ හරි කේක් ප‍්‍රශ්නෙ හරි වගේ නිසා. දෙදෙනෙක් ආදරයෙන් බැඳුණාට පස්සේ ඒ දෙදෙනාම දන්නවා, මේක ඕනෑ වේලාවක උල්ලංඝනය වෙන්න පුළුවන් කියලා. ඒත් ඒ දැනුම අපි ඥානනයේ සවිඥානික කලාපයකට කිසි වෙලාවක ගෙනඑන්නේ නෑ. මේක විරුද්ධාභාසයක්. මෙවන් ඥානයක් ඇතුළත් කරගෙන අපිට ආදරය කරන්න බැහැ. එයා හැමදාමත් මට විතරයි ආදරේ කියන ෆැන්ටසිය හරහා පමණයි ආදරය කියන ප‍්‍රපංචයට පැවැත්මක් එන්නේ. එවිට එය උල්ලංඝනය වනවා කියන්නේ නිෂ්ප‍්‍රපංචයක් (Nomena).ඥානනයට ගත නොහැක්කක්. මනෝ විශ්ලේෂණයට අනුව සංකේතීය යථක් (Symbolic real). භාෂාවට හෝ අර්ථයට ගෙන ආ නොහැක්කක්. ඒත් පශ්චාත් දෘෂ්ටිවාදී සමාජය සංවිධානය වන මෙම අන්තර් විෂයීය කේන්ද්‍රයේ විතැන්වීමක් වෙලා තියෙනවා කියලා කියන්නේ උපයෝගිතාවාදී මොඩලයකට මේ තත්ත්වයත් අභ්‍යන්තරීකරණයකින් සම්මුතියකට එනවා ඒ අවදානම තියෙන බවට ඥානනයකින්. මේක හොඳ/නරක වාදයකට වඩා ‘තත්ත්වයක්.’ එහෙත් විඥානය සංවිධානය වෙලා තියෙන්නෙම සාරයක් වටා. එය උල්ලංඝනය වනවා ඇරෙන්න අතික‍්‍රමණයට ක‍්‍රමයක් තාමත් සමාජය සාමූහිකව ගොඩනංවා නෑ. මිනිස් විෂය එහි අවිනිශ්චිතබවේ කෲරකම යථ හමුවීමේ අවදානම මීට පෙර සමාජවල මහේක්ෂ පුරුෂාර්ථ විසින් වහලා තියෙනවා. පශ්චාත් දෘෂ්ටිවාදී සමාජයක වහපුවා විවෘත වෙනවා. එවිට තමා තරුණයාගේ තර්කය වැනි තාර්කික තලයක කේක් ගැටලූව ස්ථානගත වෙන්නේ. එක යුගයක් තිබුණා මේ තත්ත්වය අභිමුඛ වූ විට සමාජයේ සංගතභාවය බිඳ වැටෙන. එහෙත් දැන් එය එම සමාජ තත්ත්ව තුළටම උරාගැනීමේ දෘෂ්ටිවාදී එකමුතුවක යාන්ත‍්‍රණයක් මිනිස් සබඳතා අතර ගොඩනැංවී තියෙනවා. එවිට තවදුරටත් තම අනෙකාගෙන් හෝ අවම වශයෙන් තමාට තමාගෙන්වත් සාරාත්මක පැවැත්මක් ඉල්ලා සිටීමේ යුක්තියුක්තභාවයක් අයෙකුට සලකුණු කළ නොහැකියි. එවන් සමාජයක අපට අනන්තය දක්වා වූ සංවාදයන් ඇරඹිය හැකියි. ‘අපි එක එකාට වගකියන්න ඕනෑමද?’ ‘අපි ජීවත්වෙන්නේ ධනවාදයේද? ඒක ෂුවර්ද?’ වගේ කියලා.

නාට්‍යයේදී තරුණයා මගහරින මිනිස් තර්කනය කුමක්ද? එය මිනිස් ආත්මීයත්වය හා බැඳුණු අතිරික්තයක්. මිනිස් යථාර්ථය වනාහි හැමවිටම ඥානනයේ තර්කනයට ඔබ්බෙන් අතිරික්තයක පවතින පැවැත්මයි. තරුණියගේ හිස්ටරික ප‍්‍රශ්නාවලිය හමුවේ ඇය විසින්ම පරමත්වයට පත් කළ තරුණයා පිළිබඳ වූ ෆැන්ටසි රාමුවක් නාට්‍යය තුළදී වේගයෙන් බිඳවැටීගෙන යනවා. අපි මෙහෙම හිතමු. මේ නාට්‍යය ගැනම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බහුත්වවාදයෙන් කෙළ පැමිණි දේශපාලනික දාර්ශනිකයන් පිරිසක් යුගයේ බරපතළම සංවාදයක නිරත වන අතරේ හොඳටම බීමතින් පිස්සු කෙළිනා තවත් බුද්ධිමතෙක් කියනවා ‘මටත් තියෙනවා කියන්න අදහස්’ කියලා. බහුත්වවාදීන් අර්බුදයට යවන සමාජ අර්බුදයේ පසමිතුරුතාවන් තමා චාමර වේදිකාගත කරවන්නේ. දැන් වෙරිමතේ ඉන්න කෙනාටත් අදහස් කීමට මොවුන් ඉඩදිය යුතුයි! අක්කාගේ මිනිහාට අපහාස කරන්න එපා කියන තරුණයාගේ ව්‍යාජ ලිබරල් භාවිතාව තමා හිස්ටරික තර්කනයක ඉන්න තරුණිය අතින් අභියෝගයට යන්නේ. හිස්ටරිකයකු අතින් විතරයි සමාජයේ කෲරතම මගහැරයාම් යළි ප‍්‍රශ්න කෙරෙන්නේ. ඒ හරහා අනෙකාගේ අශ්ලීල අනේකත්වය ක‍්‍රමයෙන් එළියට ඇදීඑන්න ගන්නවා. තරුණයා දිගු පාපෝච්චාරණයකින් පිළිගන්නවා තමාද කුණුවූ සමාජයේම පුරුකක් බව. මේක හිස්ටරික පශ්චාත් දෘෂ්ටිවාදී සමාජයක අර්බුදය හමුවේ අනිවාර්ය ජවනිකාවක්.
මෙතැනදි තමා චාමරගේ නාට්‍යය තව තවත් නිර්මාණශීලී ලෙස දෘෂ්ටිවාදයේ ආකෘති වේදිකාගත කරවන්නේ. මේ කලාපයේදී නාට්‍යයේ රංගය පොළාපනිනවා ඇඳ වෙතට. පෞද්ගලික අවකාශය තවත් පෞද්ගලික කරවමින් නාට්‍යය මේ යුවළගේ පදනම විනිවිදින්නට උත්සාහ කරනවා. මෙතුවක් පේ‍්‍රක්ෂකයාට පිටුපා ඉඳගෙන සිටි තරුණයා පේ‍්‍රක්ෂකයාට මුහුණලා ඉඳගන්නවා. ස්ත‍්‍රීත්වයේ උපරිමත්වයේ සියල්ලේ ගොදුරේ කේන්ද්‍රයේ භූමිකාව රඟපාමින් සිටි තරුණිය ඉඳගන්නවා තරුණයා මෙතුවක් ඉඳගෙන සිටි පෙර අවකාශයේ පුටුවේ. දෙදෙනාම එකිනෙකාව සනසා ගත්තට පස්සේ අපිට හම්බවෙනවා සමකාලීන පශ්චාත් දෘෂ්ටිවාදයේ පරම භාවිතාව. තමාගේ පරම සාරය ලෙස මෙතුවක් පෙනී සිටි තරුණයාගේ ආශාව පවතින්නේ තමාගෙන් එපිට කියලා දැනගත් පසුත් තරුණිය ඔහුව දාලා යන්නේ නෑ. ඉතා රැුඩිකල් වෙනසක් ඉල්ලූ ඇයම සැමියාට කියනවා රැුකියාව අතාරින්න එපා කියලා. දෙදෙනාම සම්මුතියකට එනවා, කිසිවක් උල්ලංඝනය නොකරන්න. මේක අලූත් සමාජ තත්ත්වයක්. කිසිවක් එළියට පුපුරන්නේ නෑ. ඉතාම රැුඩිකල් වෙනසක් ඉල්ලා සිටින පුද්ගල චරිතවල සිට සමාජ ව්‍යාපාර දක්වා සම්මුතිවාදයක කෙළවර වන තර්කය මෙම නාට්‍යයේ චරිත දෙක හරහා ඉතා සූක්ෂ්මව කරළියට පැමිණෙනවා.

ලංකාවේ වමේ ව්‍යාපාර ධනවාදයෙන් වෙන්වීම වෙනුවට ඒ තුළම සම්මුතීන් සොයා ගැනීමේ ව්‍යාජ සංකීර්ණ භාවිතාවන්ට ඇතුළුවෙමින් පවතිනවා. ක‍්‍රමය කිසිදා වෙනස් නොවන බවට අවිඥානිකව විශ්වාස කරනා ඔවුන් නාට්‍යයේ තරුණිය වැනියි. අනෙකාගේ රැුඩිකල් වෙනස එනතුරු වෙනසක් ඉල්ලා සිටිනා ඔවුන් අනෙකා එම වෙනසට සූදානම් වූ විගස කිසිවක් වෙනස් නොකර සිටියයුත්තේ ඇයිද යන්නට සුන්දර තර්ක සොයාගන්නවා. නාට්‍යයේ යුවළගේ චරිත මෙන්ම ලංකාව වෙනස් කරන්න හදන බොහෝ දෙනා අනුගතවන්නේ මහ අනෙකාට. ඒ කියන්නේ දැනටමත් ගොඩනංවා තියෙන අනුදත් ලෝකයම පමණයි මේ අය විශ්වාස කරන්නේ. තරුණයා රැුකියාවෙන් වෙනස් වුවොත් හෙට ඉඳන් ලෝකය මොකක්ද කියලා ඔවුන් දන්නේ නෑ. එය ගොඩනැංවිය යුත්තක් විදියට තරුණයාවත් තරුණියවත් භාරගන්න සූදානම් නෑ. මහ අනෙකා හැබෑවටම පවතින්නේ අප එය විශ්වාස කරන තුරාවටයි. විශ්වාසයන් භෞතිකයන් වන්නේ එහෙමයි. මහා අනෙකා නොපවතී කියලා මේ යුවළ වගේම ලංකාවේ ඊනියා ක‍්‍රියාධරයන් විශ්වාස කරන්නේ නෑ. ඔවුන්ට ස්ථිර විශ්වාසයක් තියෙනවා ධනේශ්වර පද්ධතිය බිඳවැටිය නොහැකියි කියලා. ඉතින් ඔවුන්ද හුදු සමාජයත් සමගම ඒකමිතිකව ඥානනයේ පරමත්වයේ යුගයට පා තබා තිබෙනවා. පරණ පරපුරත් අලූත් පරපුරත් රැුඩිකල් ක‍්‍රම වෙනසකදී රිවස් ගියර් දැමීමට නියමිත බව චාමරගේ නාට්‍යය අපිට නැවතත් පසක් කරදෙනවා. මොවුන්ට අපට කීමට ඇත්තේ කුමක්ද? ඔබ දෙස කවුරුන් හෝ බලා සිටිනවා වගේ දැනෙනවා නම් ඔළුව උඩුබෙලි අතට දාලා අනෙක් පැත්ත හැරී නිදාගන්න. එතකොට හරි. නින්ද යයි. What a nice Society!

 

බූපති නලින් වික්‍රමගේ | Ravaya

 

'අප්‍රසන්න අතීතය ආවර්ජනය කිරීම සුදුසු නෑ' - රිචඩ් ගැන චිත්‍රපටයට පොලිස් තහංචියක්!

swarna dr manorani main2අප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බව’ පොලිස්පතිවරයා වාර්තා කර ඇති හෙයින්, රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන නිපදවීමට සැලසුම් කර ඇති චිත‍්‍රපටය රූ ගත කිරීම අනුමත කළ නොහැකි බව, අදාළ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දී තිබේ. Read more...

සහන් කසීරගේ ආච්චිගේ කොලම එළිදැක්වීම

kaseera-book-01-1

සහන් කසීර වික්‍රමසිංහ විසින් රචිත "ආච්චිගේ කොලම" කෘතිය ජනගත කිරීම සහ සංවාදය 2015 මාර්තු මස 19  වැනි බ්‍රහස්පතින්දා සවස 3.30 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කෘතිය තුළ අඩංගු වන සියලුම තීරු ලිපි මෙම ලේඛකයා විසින් පසුගිය කාලවකවානුව තුළ ෆේස්බුක් සමාජ ජාලය තුළ රචිත ලිපි වන අතර සහන් කසීරගේ රචනා ශෛලිය තුළ ඇති උපහාසාත්මක රසය නිසාම

Read more...

යේසුගේ දියණි සාරා

 

 

3329d3457818ad53d5d679622eeb71cc M


යේසුගේ දියණි- සාරා සාන්තුවරිය යේසුස්ගේ සොහොන අස කිවූ කව


මේ පාවෙන අගනුවරයි කාශ්මීරයේ
කඳුමිටියාවත්ය දසත
මේ මිහිපිට පාරාදීසයේ
මමයි සාරා
දියණි වෙම් ශ්වේත සාන්තුවරයාගේ
භගවා මෙත්තෙයගේ
දියණි වෙම් මරියා මග්දලේනාවන්ගේ

අම්මා ගියේ කොහි දැයි ඇසූ විට
තාත්තා කීවේ ඈ ගියා යැයි
දකුණු ප්‍රංශයට, කැටලෝනියාවට
දේවතාවියක්ලු දැන් එහේ.

‘ලිලිත්ගෙ පාරෙ යන්න ඇති’
කිව්වා දවසක් මහ හඬින් සිනාසී

ලිලිත් කවුදැයි ඇසූ විට
කීවේ යේසු මපියා
පළමු බිරියයි ආදම්ගේ
දෙවියන්
මහපොළොවේ රජස් දූලියෙන්
ආදම්ට සමව මැවූ

ආදම්ගේ උයනින් පිටුවහල් කළ පසු
ඒවත් සමග එක්ව ආදම්
වී යකින්නක ලෙඩ කරනවාලු දරුවන්
ලෙඩ කරනවාලු පිරිමින්
ඇති කර ද්වජභංග
ගැහැණුනට නිර්මදතා ද

පැපොල, කම්මුල් ගාය
රතගාය ඈ හැදුන විට කාට හරි
අම්මා කිව්වේ
ලිලිත්ගෙ බැල්ම කියලායි මට මතක

යකින්නියකගේ පාරේ ගිහින්
අම්මා දේවතාවියක් වෙන්නේ කොහොමද
රජස් පූජාව යැයි පූජාවකුත් කරනවාලු
අම්මාගේ බැතිමතියන්
වන්දනා ගමනකින් ගොසින් කැලයට
රජස් වෑහෙන මදමැදුරු උලා පෙඳ පාසි මත

ලිලිත් මොන වගේ දැයි ඇසූ විට
තාත්තා පෙන්නුවේ කන්නගිය
අසුපිටින් මා රැගෙන ගොස් පත්තිනි දෙවොලකට
බොහො ඈත

තාත්තා හරිම රුසියා ඇවිදින්න
තනිවම නොවේ කැටුව මාද
භාරතය සිසාරා කොතෙක් අප ගියෙමුද
මෝසෙස්ගේ කාලයේ නැතිවූ බැටළු පැටවුන් සොයා
තෝමස් මාමාත් සමග

තාත්තාට නම් කියා නම් කොච්චරක්ද?
මට ඇයි එක නමක්?
මට හරි පුදුමයි ඉස්සර

මෙත්තෙය
භගවා මෙත්තෙය එක රටක
මෙසියා තව රටක
මෛත්‍රීය තව රටක
යේසුස්

මම ආසා නම් ඔය නම් එකකටවත් නෙමෙයි
පුස්තකයේ ශාන්තුවරයා

අම්මා කිව්වා මට ඒ දවස්වල
හරි හරියට වීර කතාන්දර
තාත්තා ගැන රට රටවල තියන

තාත්තාව ඇණ ගැහුවාලු කුරුසයක
තාත්තාගේ ආත්මය නැගුනාලු අහසට
තාමත් අදහනවාලු තාත්තාව රෝමයේ
හැබැයි තාත්තාව අදහපු සේරවම මැරුවලු
අදහන්න ගන්න කලින් රෝමයේ

කුරුසිය යටින් අම්මා තිබ්බාලු බිත්තර කූඩයක්
තාත්තාගේ ලෙයින් රත්පැහැ වුනාලු ඒවා
අම්මා යැව්වාලු තිබේරියස්ට
රෝම අධිරාජයාට
ඒ කුඩය

මා නිදි කරන්නට අම්මා කිව්වේ ඒ දවස්වල
ඕවගේ වීර කතාන්දර
තාත්තා ගැන
අම්මා ගැන
ඈත රටවල තියන

අම්මා ගියත්
මං උන්නා තාත්තා අස
පෙලවහක් වුනත් මැරෙනා තුරුම
නික්ම යන තුරුම අපගෙන්

සැවොම උන්නා වටවී
‘කිසිවිටෙක සත්‍යයට පිටු නොපාන්නැයි
ඉදිරියටම යන්නැයි’
කියමින් තෝමස් මාමාට
සන්සුන්ව ඔබ යන්න ගියා

පිරිනිවන් පෑ හැටි බුදුරදුන් තාත්තා කියනවා ඉස්සර
තෝමස් මාමාට
මං ඉන්නවා අහගෙන
සියල්ලන් හැර දමා ගිය පසු
වියපත්ව රෝගීව අසරණව
බුදුරදුන්
සඳවල් තුනක් ගෙවෙනා තුරු- ලබනා තුරු
අනඳමහ තෙරණුන්ට
කිවූ දෑ පමණකැයි ඉතිරිවූයේ බුදුදහමැයි

ධර්ම භාණ්ඩාගාරිකලු අනඳහිමි

තාත්තා කිවූ දෑ අසන්නට
සිටියේත් තෝමස් මාමා පමණමයි
මුල් කාලේ ඒ ගෝලයන්ගෙන්
ඒ ගොල්ලන්ට වැඩ නොවැ හරිහරියට රෝමයෙ

තාත්තා කිව්වා කියලා
ලියවෙනවාලූ පොත් ගොඩක් රෝමයේ
ගිනි තියනවාලු තවත් පොත්
අම්මා ලියපුවත්
ජුදාස් මාමා ලියපුවත්
පිලිප් මාමා ලියපුවත්

තාත්තා කියනවා ඉස්සර හැමවෙලේම
'ලියන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්නැයි'
ඒත් තාත්තා හැමවෙලේමත් කළේ පොත් කියවන එක

මං ඇහුවාම කියනවා ඒ ගැන
ලියන්නෝ කියන්නේ බදු අයකරන්නන්ටැයි
ඒ කියලාත් එකතු කළා
‘ඔය කොයි ලියන්නොත් එකයි’

ආනන්ද හාමුදුරුවෝ මතකින්
බුදුරදුන් කියපුවා සිහිකර
කටපාඩම් කෙරෙව්වාලු සඟුනට
කටින් කට ඇවිත්ලු
ලියවුනේ පොත්වල

තාත්තේ තාමත් පේනවා මට
ඈත අහසේ වළාකුළු මත
තබාගෙන ජාතක පොත
කතාන්දර කියනවා ඇහෙන්නට මට

තාත්තා එන විට සොයාගෙන බැටළු පැටවුන්
ඒ හැමෝම හැරිලා බුදුදහමට
තාත්තාත් හැරුණාලු පැහැදී

ඊළඟ බුදුන් එන බව කියා තිබෙනවාලු බුදුරදුන්
බැටළු පැටවුන් කීවා ඒ තාත්තා යැයි

තාත්තේ තාත්තා කිව්වා මට
රසකතා-බර කතා
රස කර කර
බර කර කර
නිගණ්ඨනාථ පුත්ත ගැන

දිනක් වඩින විට බුදුරදුන්
හමුවුණාලු එතුමා
එලවන්නට හදනා විට දෙව්දත්ලා
බුදුන් ඒ වැලහුවාලු
නමස්කාර කළාලු
නිගණ්ඨනාථ උතුමාට

තාත්තාට මතකද
මං පුංචි කාලෙ
හෙලු කොට්ටෙන් සෙල්ලං කරනකොට
අම්මා කියනවා නිගණ්ඨයන්ටම තමයි හරියන්නෙයි

ඉතින් මට ලොකුවෙලත් ඒ නම පාඩම්
මං වධ කරනකොට දවසක්
තාත්තා එක්කන් ගියා මාව නිගණ්ඨයන් පෙන්නන්න
එතකොටනෙ තේරුණේ මට අම්මා කියපු එක

තාත්තා වැන්දා ඒ තවුසන්ට
මාත් වැන්දා ඉතින්

ඉතින් මගෙ ආදර තාත්තේ
ඒ සේරම මතකත් අරගෙන
සමුදී මේ මිහිපිට පාරාදීසයට මං යනවා යන්නට
ප්‍රංශයට

අම්මා ගිය පාරේම
තෝමස් මාමා ඉඳීවි තාත්තාගේ මෙහෙයට
නැතිවූ බැටළු පැටවුන් අතර


කේ. කේ. සමන් කුමාර

 

 

සින්නතම්බි උදේනි, කාෂ්‍යපට ගැසූ ගල

 

Katapath Paura

මඩලපුවේ සිට සීගිරිය නැරඹීමට පැමිණි සින්නතම්බි උදේනි තරැණියක් සීගිරිය කැටපත් පවුරෙ සිය පෙම්වතාගේ නම ලිවීම නිසා දෙවසරක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීම ගැන ලංකාවේ මහා මාන්‍ය ජනමාධ්‍යයැයි කියන ලංකාදීප වැනි පුවත්පත් වාර්තාකර තිබුණේ මෙසේය.

"කැටපත් පවුර කැත කළ කත දෙවසරක් හිරේ "

උතුරේ සිදුවන දෙමළ නිජබිම විනාශ කිරීම, සිංහලකරණය, මිලිටරි කරණය ගැන අන්ධවූවන් සේ සිය මාධ්‍ය භාවිතාවක යොදන සිරි රණසිංහගේ ලංකාදීයේ මාධ්‍ය හැදියාව සම්බන්ධයෙන් පුදුම වන්නට දෙයක් නැත.

දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කරමින් << මානුෂත්වය කැතකරන>> විට ලංකාදීප පුවත් මේ තරම් ප්‍රතිචාර දැක්වූයේ නැත. මේ මාධ්‍ය භාවිත අමන යැයි කියන්නේ එහෙයිනි.

කැටපත් පවුරට සිදුකල හානිය පිළිසකර කළ නොහැකි එකක් බව පුරාවිද්‍යා නිලධාරීන් දැනුම් දී අැති අතර කොළඹ මූලික යුධවාදී-සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට අප දැනුම් වෙන්නේ ඔබ විසින් දෙමළ ජනයාට කළ හානිය නැවත මොන යහපාලන පැමිණියද පිළිසකර කල නොහැකි බවයි.

දැන් අපි ප්‍රශ්ණයට අවතීරණ වෙමු.

මඩකලපුවේ ඉපැදුනු වැඩුනු සින්නතම්බි උදේනි සීගිරිය කැඩපත් පවුර නොදැන සිටීමෙන් පොළා පනින ප්‍රශ්ණය කුමක්ද? පිළිතුර ඇත්තේද එය තුළමය. ඇය ගල් ගැසුවේ මේ සංස්කෘතික දෙඹර කූඩුවටය. සැබෑ ලෙසය එය ගල්ගසා අවුස්සා නිරැවත් කළයුතුම දෙබරයකි. සහ කෙබරයකි.

දැන් භූමියේ සැබෑ ප්‍රශ්ණයක් අප හමුවට අභිමුඛ වී තිබේ.

ප්‍රශ්ණයට අවතීර්ණ වන්නට පසුගිය දිනක රාවය පුවත්පතට චමිල ප්‍රියංකර විසින් සුනිල් විජේසිරිවර්ධන සහ පරාක්‍රම නිරිඇල්ල සමග සිදුකර සාකච්ඡාව >> මේ යහපාලන << යුගයේ අවදානය මෙතෙක අවදානය යොමු නොවුනු තියුණු කලාපයක් වෙත කැදවාගෙන ගොස් ඇත.

විශේෂයෙන්ම ආචාර්්‍ය සුනිල් විසින් මතුකරන කාරණාව අතිශය වැදගත්ය. ලංකාවේ සංස්කෘතික අමාතංශයේ මොඩලය සහ සංස්කෘතික අමාතංශයක් යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් ඉතා කෙටි හැදින්වීමක් වූවද එය සංවාදය තලයක් දක්වා රැගෙන යාමට යම් සංයුක්ත අදහසක් ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.

ලැම්බෝගින සෙවීම, අවන්ගාඩ්,පාවෙන ආයුධ ගබඩා සහ ලක්ෂ 58 ක අභිලාශය කියමින් මිනීමරැවන් නැවත වේදිකාගත කිරීමට, තොරම්බල් කිරීමට කදවුරැ දෙකක පිරිස් ලංකා සමාජය තුළ කරක් ගසමින් ආතල් බෙදමින් බැලුම්බෝල බෙදමින් සිටින සිටින ​ෙමාහොතක සංස්කෘතිය වැනි විෂයක් බොහෝ පිරිස් වෙත උකටලී මාතෘකා වනු ඇති බවට සැකයක් නැත. මන්ද ලංකා සමාජය යනු >>ලාෆින් බෑලූන්<< සොයනා සමාජයකි.

මේ මොහොතේ ලංකා සමාජය ප්‍රති-සංස්කෘතික ගත කිරීම අතිශය බැරෑරැම්ම සහ අවශ්‍යම කාර්‍යය වන අතරම එය ලැම්බෝගින සෙවීම මෙන් ජනප්‍රිය සහ එක් රැයකින් සිදුකල හැකි නොවේ. එය ක්‍රියාවලියකි. පවතින ප්‍රධාන ධාරාවේ ක්‍රියාවලියට විරැද්ධව ස්ථානගත කළ යුතු ක්‍රියාවලියකි.

ඒ සම්බන්ධයෙන් අභ්‍යාසක කිරීම රාජපක්ෂ වෙනස් වූ පසු අයිටීඑන් මාත්‍රිකව සත්‍යාගාර වීම තරම් සරල නොවේ.

ලංකාව ප්‍රති-සංස්කෘතික ගතකිරීමේ පළමු පියවර ලෙස ඊනියා ජාතිකවාදීන් විසින් තැනූ ලෝකය ලංකාව තුළ පිහිටා තිබේය යන සිහිනය පුපුරවා හැර ලංකාව නම් වූ දුපත නැවත ලෝකය තුළ ප්‍රති-ස්ථාන ගත කුළ යුතුමය. රාජපක්ෂ බයියලාද , සිරිසේන ගොයියලාද , ඔලුව ස්ටේට් කද ලංකන් වික්‍රමසිංහලාද අඩු වැඩි ලෙස 1948 සිට පත්වූ සියලු ඇයෝද නෑයෝද ඉහත සිහින ලෝකය තුළ අඩුවැඩි වශයෙන් රග දක්වමින් සිටිති. ඔවුන් අතර වෙනස ඇත්තේ ප්‍රමාණාත්මකවය. එම ප්‍රමාණයන් සුවිශේෂී වන්නේ ස්විශේෂී දේශපාලන මොහොතකට ආදාළව පමණි. එම සුවිශේෂී මෙ​​ාහොත පසු වූ පසු නැවත "මෘතූ භූමිය" 2500 ඉතිහාසය, ග්‍රහ යෝග, අර යෝගී මේ යෝගීන් අර කී පළමු සිහිනයට මාරෑ වූ අයුරු අප දුටිමු.

යහපාලන යුගය තවම කොතැනදැයි අපට කිව නොහැකි මුතු "සාමයේ දෙව්දුව " කියා පැමිණි චන්ද්‍රිකා නෝනා සුවිශේෂී දේශපාලන මොහොත පසුකල පසු අවසානයේ යන්න ගියේ රාජපක්ෂ නම් සාත්තරකාරයෙක් ජනාධිපති කරමිනි.

පෙර වූ ලෙසම මේ පාලනය වන්දි භට්ටන් විසින් ග්‍රහනය කරමින් සිටින අයුරු රාජ්‍ය රෑපවාහිනී නාලිකා වල නිවේදන පුටු සන්නස්ගල වැනි වචන කැටයම්කරැවන්ට යෑම තුළම යම් ඉගි මතුවෙමින් තිබේ. රාජපක්ෂ යුගයේදී සිදුවූ වඩා වැදගත්යැයි කිවහැකි යමක් සිදුවූයෙනම් රැඩිකල් යැයි කියා සමාජයට මිත්‍යවට තල්ලකර ඊනියා රැඩිකලුන්ගේ සිට ලෙනින් ස්විස්ට්සර්ලන්තයේ සිට ජර්මන් කොච්චියේ නැගි රැසියාවට ආවාක් මෙන් ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කොළඹට හෙට විප්ලවය කරන්නට පැමිණ විප්ලවවාදීන්ද, ඔවුන්ගේ කණ්ඩායම්ද හෙළිදරව් වීමතුළ ඒ පිලිම කුඩු වීමයි. යහපාලන යුගයේදීද එකම වැදගත් සිදුවීම ලෙස හෝ එයම සිදුවීමට නියමිතය.

කප්පරක් නූතන සංස්කෘතික මිනිසෙක් යැයි පොර ටෝක් ලොරිපිටින් ඇදබාන සන්නස්ගලලා ජනාධිපතිවරැ සමග ​මෛත්‍රී සම්භාෂණ පවත්වන්ට ගොස් සිදුවන රෙදි ගලවා ගැනීම අපි දුටුවෙමු.

ලංකාව ප්‍රති-සංස්කෘතික කළ යුතු යැයි කීවේ එම නිසාමය. මන්ද කිසිදු පාලනයක් වෙනස් වූවද ලංකා සමාජයේ වැඩවසම් ​ඔලු ගෙඩි වෙනස් වෙන්නේ නැත. රාජපක්ෂලා රජුන් වූවා නොව ලංකාවේ යටත් වැසියන් ඉල්ලා සිටින්නේ තමන්ව යටත්කරන රජෙකි. උදාහරණ ලෙස පසුගිය වසර 10 තුළ ලංකා සමාජය ක්‍රියාත්මක වූ අයුරැ මතකයට නැවත ගන්න.

ලංකාව වසර 2500 ක අති පිරිසිදු ඉතිහාසයක් තිබේයැයි කියන කාරණාවම අප කියන්නේ පට්ටපල් මුසාවක් මිත්‍යාවක් කියාය. ලංකාව යනු සියවරක් නොව දහස්වරක් මිශ්‍රවූද ඉන්දීය මහා සංස්කෘතියේ උප කොටසක්ම පමණි. සරලවම ඉන්දියාවක් නොතිබෙන්න ලංකාව තිබෙන්නට නොහැකි තරමට ඉන්දීයානු මහ සංස්කෘතියේ අප උපකුලකකි. ඉන්දීය සංස්කෘතිය හොද හෝ නරක හෝ කියා අප රේඛාගසන්නට ඉක්මන් වන්නේ නැත. එය වෙනම සංවාදයකි

නමුත් මේ පුපුරන සුලු තර්කය මේ සංවාදයක ගෙන එනු ලබන්නේ ලංකාව දූපතක් ලෙස පිහිටීම නිසා තිබෙන දූපත් මානසිකත්වය, හුදකලාව පුපුරවන්නේ නැතිව ලංකා ලෝකය තුළ සංස්කෘතික ප්‍රති-ස්ථාන ගතකල නොහැකි නිසාය. අවම තරමින් ලංකාව ආසන්න උප-මහද්වීපය හා ඇදිය යුතුය. එයම ලංකීය හුදකලා දූපත් මානසිකත්වය පුපුරවා දැමීට එක ක්‍රියාමාර්ගයකි. එසේම අප ප්‍රයෝගිකව තේරැම් ගත යුතු​ෙත් යූරේපීය සංස්කෘතික තලයක් කරා අපට සමාජයට යා නොහැකි බවයි. මන්ද මහද්වීපික , භූගෝලීයව පවතින සංස්කෘතික විෂමතාවය නිසාවෙනි. චීන පන්නයේ මොඩල මෙන්ම ඇමරිකන් පන්නයේ සංස්කෘතික මොඩලද අප සමාජය තුළ අසාර්ථක වීමට හේතු වන්නේ එහෙයිනි.

අනෙක් අතින් ඉපැරණි ඉතිහාසයක් ගැන කියමින් සංස්කෘතික තොරම්බල් කිරීම සහ වර්ගවාදී ඉතිහාස පාඩම් ලංකා සමාජය තුළන් ඉවත් කිරීම දීර්ඝ කාලීන සංවාදයක් සහ භූමියේ අභ්‍යාසක කල යුතු එකක් වේ. අප වර්ගවාදී ඉතහාස පාඩම් වනුවෙන් අදහසකරන මහාවංශයම යනු නුල් සූත්තර රාජ ස්ත්‍රෝතයක් මිස ලංකාවේ සැබෑ ඉතිහාසය නොවන බවට අප කියන්නෙමු. සැබෑ ඉතිහාසය සහ සංස්කෘතක පද්ධතීන් ඇත්තේ එයින් එපිටය.

මෙරට සමාජය ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස ගොඩ නැංවීමට අතවශ්‍ය ආයතනික වි්‍යුහයක් වන සංස්කෘතික අමාතංශය අප දන්නා ලෙස එය පිහිටවූ දාපමන්ම කර ඇත්තේ අවුරුදු උළෙලවල්,වෙසක් උළෙලවල් සංවිධානය කරනවාට අමතරව රාජ්‍ය නාට්‍ය සහ රාජ්‍ය සාහි්ත්‍ය නම් සම්මාන උළෙලවල් දෙක සංවිධානය කිරීම පමණි.

දියුණු සංස්කෘතික මිනිසෙකු ඇතිකිරීම වෙනුවට ඊනියා- සිංහල බෞද්ධත්වය මත පදනම් වූ වර්ගවාදී ප්‍රවේශයක් සෑම විටම කොළඹ කේන්ද්‍රීය පාලන බලපද්ධතිය විසින් තමන්ගේ බලය පවත්වාගෙන යෑමට පිණිස භාවිත කිරීම නිසාම ලංකාව නම් වූ දූපතට සිදුව ඇති ඛේදවාචකය මේ මොහොතේද අප අත්විදිමින් සිටින්නෙමු.

දියුණු සංස්කෘතක ​සත්වයෙකු නොහැති සමාජයක් පවතින්නේ ප්‍රශ්ණ කිරීමෙන් තොර අණ පැලිපැදීමෙනි. මිනිසෙකු සංස්කෘතික වනවා යනුම තිබෙන තත්ත්වයන් ප්‍රශ්ණ කරමින් අනෙක් ප්‍රවේශ්‍ය වෙත ප්‍රවිශ්ඨ වීමය. ලංකා සමාජයක් යනු ප්‍රශ්ණ කිරීම් වෙනුවට යටත්වැසියන් වූ සමාජයකි.

පවුල් සංස්ථාව තුළ බිරිදට සැමියා ප්‍රශ්ණ කල නෙැහැක.එසේ ප්‍රශ්ණ කිරීමක් සිදුවුවහොත් තමන්ගේ පුරැෂ අභිමානය සම්බන්ධ ප්‍රශ්ණයක් ලෙස ඌණනය වෙයි. දරැවන්ට දෙමාපියන්,ගුරැවරැන් ප්‍රශ්ණ කල නොහැකි. ජනතාවට පාලකයන් ප්‍රශ්ණ කල නොහැකිය. සරලව කිසිදු බල ව්‍යුහයක් එයට පහලින් සිටින පිරිසට ප්‍රශ්ණ කල නොහැකි වී තිබේ.

ලංකාව යනු මේ මෙ​ාහොතේ හුදකලා වූ සංස්කෘතික කාන්තාරයකි. ඈත්තේ ගල්කණු කීපයක් සහ ඒ ගැන නැවත නැවත නන්දොඩවන ඔලුගෙඩි පමණි.

අප මුලින්ම සින්නතම්බි උදේනිගේ කැටපත්පවුරේ සිය පෙම්වතාගේ නම ලිවීම සම්බන්ධයෙන් වන ප්‍රශ්ණයට පිළිතුර ඈත්තේ එම ප්‍රශ්ණය ඇත්තේ එය තුළම බව අප කියන්නේ ඇයට මෙම තත්ත්වය අත්කර දීමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය, සංස්කෘතික අමාතංශය, දෙමළ ජනයා හුදලකා කිරීම, දෙවන කොට සැලකීම මෙකී සියලු දෑ වගකිව යුතු වෙයි. මන්ද ඇයට බලෙන් පැටවූ ඉතිහාස පාඩමක් තුළ විනා සිගීරියේ වන සංස්කෘතික වටිනාකම යම් අදහසක්වත් ලබාදීමට වෙනම රටක්ද පිහිටුවා ගැනීමට නොදෙන කොළඹ මූලික රාජ්‍ය විසින් අසමත්වීම නිසාවෙනි.

එක් පුරවැසියෙකු එරට සංස්කෘතිය සම්බන්ධයෙන් අසමත්වීම යනු නැවත සිතා බැලියු යුතු කාරණාවකි.එය හුදෙක් එක් පුද්ගල වරදක් නොව අධ්‍යාපන ක්‍රමය සහ රාජ්‍ය සම්බන්ධයෙන් නැවත නැවත ප්‍රශ්ණ කිරීමකි. ලංකාදීප වැනි අධිපති මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අප විරෝධය පලකරන්නේ එවැනි ස්ථාවරයක සිටිමිනි.

ලංකාවේ පාසල්වල උගන්වන ඉතිහාස පාඩම යනු මෙලොව කිසිදු මිනිසෙකු විසින් හැදෑරිය නොයුතු පාඩමකි. මන්ද එය එය ඒතරම් වර්ගවාදී වන නිසාවෙනි. ඒ පාඩම් ඔලුවලට බලෙන් පැටවූ සින්නතම්බි උදේනිලාට එම පාඩම් තුලන් නැවත නැවත් අවධාරණය කරනු ලබන්නේ තමන් එම ඉතිහාසයේ විරැද්ධකරැවන් බවයි. තමන් උපන් බිම තූළම අනාථයන් කළ රාජ්‍ය සහ එයට අදාළ පද්ධති සම්බන්ධයෙන් නැවත විමසීමක් නොකර සින්නතම්බි උදේනිට වසර දෙකක් දඩුවම් පැමිණවීමෙන් කිසිදු වෙනසක් සිදුවීමට නියමිත නැත.

ලංකාවේ අග්‍රවිනිශ්චයකාර ශ්‍රීපවන් වූවාට ලංකාවේ අධිකරණය සිංහලය.එම නිසා දෙමළ ජනයා සම්බන්ධයෙන් වන ප්‍රශ්ණ අධිකරණයද විග්‍රහ කරනු ලබන්නේ අධිපති-සිංහල ඔලුගෙඩි වලිනි. රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමෙන් වීමට නියමිත රෝගියා මියයෑම පමණී.

නැවත අප අවධාරනය කරනු ලබන්නේ සිගිරිය කැටපත් පවුරේ සිය පෙම්වතාගේ නම ලීවීම සින්නතම්බි උදේනිගේ පමණක් ප්‍රශ්ණයක් නොවන බවයි.

සින්නතම්බි උදේනි විසින් මාහාමාන්‍ය කාෂ්‍යපට දැන් ගලක් ගසා තිබේ. සිංහල-කාෂ්‍යපලා දැන් සූදානම් ගල ගැසූවේ ඇයි දැයි විමසීමට ද නැතිනම් සිගිරියේ උඩ සිටම ඇය මතට ගලක් පෙරළා ඇය තලා දැමීමට ද???

පසන් ජයතිලක

 

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල

 

lotus2නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014

පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් සම්මාන උළෙල මේ මස 26 වනදා සවස 2.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙයි.
නෙලුම්යාය සංස්කාරකවරයාගේ හැඳින්වීමකින් ආරම්භ වන උළෙලේ ප්‍රධාන දේශනය "ශ්‍රී ලංකාවේ බ්ලොග් කලාව හා පුරවැසි ජන මාධ්‍ය" යන මැයෙන් පුරෝගාමී බ්ලොග්කරුවෙකු (සතර දිගන්තය බ්ලොගය) වන ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පවත්වනු ලබයි.

"දිලාගේ ලෝකය" බ්ලොග් අඩවියේ දිලිනි නිමන්තිකා විසින් රචිත නෙලුම් යායේ තේමා ගීතය "මනාගේ ගේ පින්තුරය" බ්ලොගයේ මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.

ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා "සිව් මංසල කොලු ගැටයා " ලියන නාලක ගුණවර්ධන මහතා "අන්තර් ජාල ආරක්ෂාව හා හා බ්ලොග් අඩවි ප්‍රවර්ධනය " ගැන දැනුම් සම්භාරයක් ඉදිරිපත් කරනු ඇත.
ඔබේ රස වින්දනය සඳහා "අන්තජාල කෝලම" කින් රස ගැන්වෙන උත්සවයේ තවත් පුරෝගාමී බ්ලොග්කරුවෙකු හා ප්‍රවීණ ලේඛකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා විසින් "බ්ලොගර්ස්ලා යනු ( දෙශීය හා ජාත්‍යන්තර සංසන්දයක් සමඟ ශාස්ත්‍රීය විග්‍රහයක්) " මැයෙන් අදහස් දැක්වීමක් කරනු ඇත.
ඉන් පසු සම්මාන සඳහා නෙලුම්යාය ඉදිරිපත් කල බ්ලොග් නිර්මාණ ගැන හැඳින්වීමක් කරනු ලැබේ. තේරුණු ස්ථාන සඳහා මුදලින් ත්‍යාග පිරි නමනුයේ නේෂන් බිල්ඩින් සොසයටි (Nation Building Society) අනුග්‍රහයෙනි.
ඒ සඳහා නෙළුම් යාය සහෘද සමුහය විසින් තෝරාගත් බ්ලොග් අඩවි මෙසේයි.
2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි

බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය

දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -

ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධ http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html
බ්ලොක් කරුවන්ගේ අදහස් හා අත් දැකීම් බෙදා හදා ගැනීමෙන් අනතුරුව කොට්ටාව මහල්වරාවේ - ඩවුන්ටවුන් පල්ස් (බේකරියේ සෙට් එක) ඉදිරිපත් කරන සංගීතමය නර්තනමය වැඩ සටහනිකින් අනතුරුව දිනය නිමාවට පත්වනු ඇත.
ස්ථානය: ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාව
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5

~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ. ~~~~~~~~~~~~~~~

 

“Retrospect” ජනමාධ්‍යඡායාරූප ප්‍රදර්ශනය

 prospect 1 1සම්මානනීය ජනමාධ්‍යඡායාරූප ශිල්පී සංඛ විදානගම මහතාගේ ජනමාධ්‍ය දිවියට වසර දහයක් සපිරීම නිමිත්තෙන් ඔහු විසින් පවත්වනු ලබන ප්‍රථම ජනමාධ්‍ය ඡායාරූප දැක්ම එලැඹෙන මාර්තු 14 සහ 15 දෙදිනඋදෑසන 9.00 සිට සවස 6.00 දක්වා කොළඹ ජාතික කලා භවනේදී පැවැත්වේ.

Read more...

ලෝකයේ භයානකම මිනිසා ඔස්කාර් රතුපලස දක්වා රැගෙන ආ ගැහැණිය

 

Pettra

පසුගියදා අවසන් වුනු ඔස්කාර් සම්මාන උළලේ සම්භාව්‍ය වේදිකාවට එක් මැදිවියේ කාන්තාවක් ගොඩවෙනවා. වේදිකාවේ මයික‍්‍රෆෝනයට ඇය ඇගේ හඬ මුදා හරිනවා. "එඩ්වඩ් ස්නෝඩන්! ඔබට බොහෝම ස්තුතියි. ඔබේ නිර්භීත කමට, ඔබේ දරාගෙන සිටීමට, ඔබට බොහෝම ස්තූතියි." සභාවෙන් උණුසුම් අත්පොලසන් හඬක් නැගෙනවා. ඇගේ මුහුණ වෙහෙසකර, එහෙත් ආඩම්බර සිනහවකින් පිරී යනවා. ඇගේ නම ලෝරා....ලෝරා පෝට්‍රේස්.

ලෝරා පෝට්‍රේස් කියන්නේ මාධ්‍යවේදිනියක්. ජර්මනියේ ඉපිද, ඇමෙරිකාවේ ජීවත් වෙන වාර්තා චිත්‍රපට නිෂ්පාදිකාවක්. එඩ්වඩ් ස්නෝඩන් විසින් පසුගිය කාලයේ ලෝකයට එළිදරවු කරන ලද සිද්ධීන් ඇසුරෙන් ඇය විසින් නිෂ්පාදනය කරන ලද සිටිසzන්ෆෝ (Citizenfour) නම් වාර්තා චිත්‍රපටයට වසරේ හොඳම වාර්තා වැඩසටහනට හිමි ඔස්කාර් සම්මානය හිමි වූවා. මෙම සම්මානය සාමාන්‍ය සිනමා සම්මානයකට වඩා වෙනස් වන්නේ මිනිසා ඔළුවෙන් මවා සැලෝලයිට් පට මත දිගහරින ත්‍රාසජනක සිදුවීම් ඇය සැබෑ ලෝකයේදී අත්විඳිමින් මේ වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කිරීමයි.

මේ සත්‍යය සොයා ඇය ගිය ගමනේ සංක්ෂිප්ත කතාවයි.

ඕනෑම පුවතක් ආරම්භ වෙන්නේ පුංචිම පුංචි ගොසිප් එකකින් කියල ලෝරා දන්නවා. වාසනාවකට හෝ අවාසනාවකට ඇය හඹාගෙන ගියේ ටිකක් භයානක ගොසිප් එකක්. මේ ගොසිප් එකට අනුව ඇමරිකාවේ ආණ්ඩුව හෝ ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) රටේ ජනතාවගේ පෞද්ගලික ඊමේල් ලිපිනයන්ට සහ දුරකථන ඇමතුම්වලට සවන්දෙනවා. මේ ගැන හෙළිදරව්වක් කරන්න ඇය තොරතුරු ගවේෂණය කරමිනුයි සිටින්නේ.

ඒ වසර 2013 මුල්භාගය. ලෝරා සුපුරුදු පරිදි ඇගේ කොම්පියුටරයේ වැඩ කරමින් ඉන්නවා. හිටිඅඩියේම නන්නාඳුනන්නෙක් ඇයට ඊමේල් පණිවිඩයක් එවනවා. 'ඔබට ඉතා වැදගත් රහසක් කීමට මට අවශ්‍යයි. හැකිනම් මාව හමුවෙන්න' මේ පණිවිඩය ඇගේ කාර්යබහුල ජීවිතය ඇතුළෙ අමතක වෙලා යනවා. මාස තුනකට පස්සේ ආයෙත් මේ පණිවිඩය ඇගේ ඊමේල් අතරින් මතුවෙනවා. ඉන්පසු සතිපතාම පාහේ ඇයට මේ නන්නාඳුනන ඊමේල් ආරාධනය එනවා. එක් නිශ්චිත මොහොතක ඇය තීරණය කරනව මේ නන්නාඳුනන ඊමේල් එක සමඟ සම්බන්ධ වෙන්න.

ලෝරා පෝට්‍රේස් ඔස්කාර් සම්මානය සමග

ඊමේල් එකේ තියනව දිග විස්තරයක්. ඇමරිකාවේ CIA සංවිධානය, පෙන්ටගනය සහ ජාතික ආරක්ෂක ආයතනය එකතු වෙලා ලෝකය පුරා රාජ්‍ය නායකයන්ගේ, විශේෂ පුරවැසියන්ගේ දත්ත වලට හොරෙන් සම්බන්ධ වෙන ඩොලර් කෝටි ගණනක ව්‍යාපෘතියක් ගැන විස්තර ලිස්ට් එකක්. එසේම මෙම ඔත්තු බැලීමේ ජාලයට අහුවෙන්නේ නැතිව වැඩ කළහැකි සොෆ්ට්වෙයාර් එකක විස්තරත් ඒ පණිවිඩයේ තියනවා. 'මට මේ සියළු තොරතුරු ඔප්පුකර පෙන්නන්න පුළුවන්' තවදුරටත් ඒ පණිවිඩය කියනවා.

ඉස්සෙල්ලම ලෝරාගේ හිත ගල්ගැහෙනව. මේ හෙළිදරව්ව ඇත්ත නම් ඒක මනුෂ්‍යත්වය පිළිබද ප්‍රශ්නයක්. ඒ වගේම එම ආරංචියේ අනෙක් පස සිටින්නේ බලවත් රාජ්‍ය එකක් නෙමෙයි, කිහිපයක්. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ලෝරා වගේ කෙනෙක් අතුරුදහන් කිරීම ඔවුන්ට සුළු දෙයක්. ඊළගට ලෝරාට කල්පනා වෙන්නේ තමන් ගැන. මේ පුවතත් එක්ක තවදුරටත් වැඩ කළොත් ඇයට ඇගේ සරල සාමකාමී ජීවිතය නැති වී රාජ්‍යයේ සතුරෙක් විදියට අමාරු ජිවිතයක් ගතකරන්න වෙන බව ඇයට හිතෙනවා. ඒත් ඇය මාධ්‍යවේදිනියක්.

ඒක නිසා ඇය අමාරු ජිවිතයම තෝරා ගන්නවා.

ලෝරාගේ විමර්ශනයට තව කෙනෙක් හවුල් වෙනවා. ඒ තමයි ඇගේ මිතුරෙක් සහ බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පුවත්පතේ කතුවරයෙක් වන ග්‍රින්වල්ඩ්. ඔවුන් දෙදෙනා එකතු වී නාඳුනන මිතුරා එවන ලද පණිවිඩ එකින් එක විවර කරනවා. ඔවුන් මේ හැප්පෙන්නට යන්නේ ලෝකයේ ඉන්න ලොකුම මිලිටරි සහ බුද්ධි අංශය එක්ක කියල ඇය නොදන්නවා නොවේ. ඇය මීට පෙර සිතු ලෙසම ජීවිතය අමාරු සහ වෙනස් වෙන්න පටන් ගන්නවා.

ඇය ඇගේ ජංගම දුරකථනයේ සියලුම දත්ත මකා දමා, ක්‍රියා විරහිත කොට සඟවා තබනවා. ඇය සන්තකයට තිබුනේ පුංචි වීඩියෝ කැමරාවක් සහ සටහන් පොතක් පමණයි. පුංචි කාලේ ඉඳලම ඇයට තිබුණ පුරුද්දක්, යන යන තැන සටහන් පොතක් රැගෙන යාම සහ සිදු වෙන සියළු දේවල් සටහන් කරගැනීම. ඇගේ විමර්ශන සගයා, ග්‍රින්වල්ඩ් සමඟ ගනුදෙනු කිරීමට යොදාගත්තේ රහස් සංකේත ක්‍රමයක්. පාවිච්චි කරේ පොදු දුරකථන කුටි සහ අන්තර්ජාල කුටි.

මේ සියළු අවදානම් අස්සේ නන්නාඳුනන තැනැත්තාගේ තොරතුරු ලෝකයට මුදාහැරීමට ඔවුන් තීරණයය කරනවා. ඒ අනුව ලන්ඩන් ගාර්ඩියන් පුවත්පතේ සහ ඇමරිකාවේ තව පුවත්පත් කිහිපයක, ජනතාවට එරෙහිව ඔත්තු බැලීමේ රාජ්‍ය කුමන්ත්‍රණය ගැන තොරතුරු පළ වෙනවා. ඊට පස්සේ සිතු පරිදිම ලෝකය ඇවිස්සෙනවා. මේ අතර ජාතික ආරක්ෂක ඒජන්සිය තම රහස් පිටවුණු ආකාරය සෙවීමට විශේෂ මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුමට වසන් වෙලා ඉන්න තරම් ලෝරා සහ ග්‍රින්වල්ඩ් සමත් වෙයිද කියන ප්‍රශ්ණය ඔවුන්ටම ඇති වෙනව.

අපි දෙන්නගෙන් කවුරුහරි අතුරුදහන් වුණොත් අනෙකා ගැන හොයන්න එපා. දිගටම වැඩේ කරගෙන යන්න, දෙන්නම තීරණයකට එළඹෙනව. තත්ත්වය ඒ තරම් හොද නෑ. මං ගැන ආරංචියක් නැත්නම් හොයන්න මහන්සි වෙන්න එපා. ඇය අගේ පවුලේ සාමාජිකයන්ටත් පණිවිඩයක් යවනවා.

ලෝරා සහ ග්‍රින්වර්ල්ඩ් වෙත ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තුකාරයන්ගේ උකුසු ඇස යොමු වී ඇති බව ඔවුන්ට දැනෙනවා. ඇය යන එන පසුපස හොරගල් අහුලන මිනිසුන් ගැන, මඟ තොටේදී අහම්බෙන් මෙන් ඇගේ මඟ අහුරන මිනිස්සු ගැන ඇය තම දිනපොතේ සටහන් කරගන්නවා. මේ අතර ලෝරා සහ ග්‍රින්වර්ල්ඩ් එකිනෙකා රහසින් හමු වී ඉදිරි එළිදරවු කිරීම් ගැන කථා කරගන්නවා. මැක්ඩොනල්ඩ් අවන්හලේ පෝලිමේ ඉන්න ගමන්, එහෙමත් නැතිනම් කාර්යබහුල දුම්රිය පොළවල් වල පත්තර බලන ගමන් අහම්බෙන් හමුවුණු මිනිසුන් වගේ ඔවුන් සාකච්ඡා කරනවා.

මේ අතර තවත් සිදුවීමක් සිදුවෙනවා. සැබවින්ම සිදුවීම් වැලකට තවත් එක් පුරුකක් එකතු වෙනවා. තමන්ට ලැබෙන පුවත් තහවුරු කරගැනීම උදෙසා ඇය හමුවෙන සෑම කෙනෙක්ම පසුපසම FBI එක ලුහුබඳින්න පටන් ගන්නවා. සමහරුන්ගේ ගෙවල් අදිසි සෝදිසිකිරීම්වලට ලක්වෙනවා. ආරක්ෂක ඒජන්සියේ හිටපු නිලධාරියෙක් වන විලියම් බිනී එවැන්නෙක්. ලෝරා ඔහුව හමුවුන දාට පසුදා නන්නාඳුන පිරිසක් ඔහුගේ ගෙදර සෝදිසි කරනවා. තවත් ඇය හමුවුණු අයෙක්, නන්නාඳුන පිරිසක් විසින් පැහැරගෙන ගොස් මුදා හරිනවා.

නන්නාඳුන පණිවිඩයක් ආයෙත් ලෝරාට එනව. 'මං හින්දා අහිංසක මිනිස්සුන්ට කරදර සිද්ධවෙන පාටයි. මං ප්‍රසිද්ධියේ මේ සියළු තොරතුරු හෙළිදරවු කරල රටින් පලා යනව. කරුණාකරල අහවල් දා හොංකොං වලට එන්න'

හොංකොන් වලදි ඔහු මේ එළිදරව්ව කලොත් එදාට ලෝකය හෙලවෙන බව ඇය දන්නවා. ඒත් ඔහුට රටින් පිටවෙන්න පුළුවන් වෙයිද? ඇමරිකාවේ සිරගෙයක් තුළ දී ඔහුගේ ජීවිතය කෙළවර වේවිද? ලෝරාට සහ ග්‍රින්වර්ල්ඩ් ට හොංකොං වලට යන්න පුළුවන් වේවිද? මේ තැනැත්තා දැනටමත් අත්අඩංගුවට පත් වෙලාද? මේ පණිවිඩය ඔවුන්ව අල්ලා ගැනීමට අටවපු උගුලක්ද?

කෙසේවෙතත් මේ දවස් වල අමාරු දේවල් ඇතුළෙම ජිවත් වෙන ලෝරා නිව්යෝක් ගුවන් තොටුපොළ වෙත යනව. ඇගේ ගමනාන්තය තමයි හොංකොං. ගුවන් තොටුපොළේ දී ඇයව රඳවා ගෙන ප්‍රශ්න කරනවා. ගුවන් තොටුපොළවල දී දිගු ප්‍රශ්න කිරීම් වලට, රඳවා ගැනීම් වලට හුරු වී සිටින ලෝරා, මේ සිදුවීම් තම සටහන් පොතේ ලියා ගන්නවා. කැමරාව එළියට අරගෙන වීඩියෝ කරගන්නවා. එක් නිළධාරියෙක් ඇගේ ලිවීම නතර කිරීමට අත් දෙකට මාංචු දැමීමට සැරසෙනවා. තවකෙක් ඇගේ වීඩියෝ කැමරාව උදුරා ගැනීමට සැරසෙනවා. මේ සියල්ලටම ඇය තනිවම මුහුණ දෙනවා.

ඇය ලෝකයේ බොහෝ රටවල් වලට පියාසර කොට ඇතත් මේ තමයි ඇය ගමන් කරන වෙහෙසකරම ගුවන් ගමන. තවමත් ඇයට තියෙන්නේ දෙගිඩියාවක්. ලෝකය මවිත කරවන හෙළිදරවුව කොහෙන් කෙළවර වේවිද?

ග්‍රීන්වල්ඩ් එන්නේ වෙන ගුවන් යානයක. ඔවුන් දෙදෙනාම සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනෙකු වගේ වෙන වෙනම හොංකොං හෝටලයට යනවා. කලින් කතිකා කරගත් පරිදි දෙදෙනාම නාඳුනන සගයා සිටින කාමරයට ඇතුළු වෙනවා.

'හලෝ... මම ස්නෝඩන්. එඩ්වඩ් ස්නෝඩන්.'

වයස විසිපහක් විතර වෙන තරුණයෙක්, බැරෑරුම් පෙනුමක් තියෙන කෙට්ටු තරුණයෙක් ඔවුන් ඉදිරියේ සිටගෙන ඉන්නවා. කිසිවෙක් කිසිවක් කථා නොකරන නිමේෂයක් පහු වෙනවා. මහා හෙළිදරවුවක් කරන්න යන්නේ මේ වගේ තරුණයෙක්ද? ස්නෝඩන් වැඩිය කථා කරන්නේ නෑ. නමුත් ලෝරාට ඔහුගෙන් අහන්න ගොඩක් දේවල් තියනව.

'ඔයා ඇයි මේමේ දේවල් එළිදරවු කරන්න හිතුවේ' ලෝරාගේ කැමරාව ක්‍රියාත්මකයි.

'මේවායේ තියන දේවල් දැක්කම මම ෂොක් උනා'

තමාට රැදී සිටින්න එතරම් වෙලා නැති බව ස්නෝඩන් කියනවා. ඔහු තමන් සතු තමන් සතු සියළු ලියකියවිලි, පරිගණක දත්ත ලෝරාට බාර දී ඔවුන්ගෙන් සමුගෙන කාමරයෙන් පිට වෙලා අතුරුදහන් වෙනවා. මේ තමයි ලෝරා සහ ස්නොඩන් හමු වෙන අන්තිම අවස්ථාව. ඊට පස්සේ ඔහු ආයෙත් ලෝකය ඉස්සරහට එන්නේ මොස්කව් ගුවන් තොටුපොලේ දී රුසියාවේ දේශපාලන රැකවරණ පැතීමට කලින්.

ඊළඟ මොහොතේම ලෝරා සහ ග්‍රීන්වර්ල්ඩ් මේ පුවත ලෝකයට මුදා හරිනවා. ලෝකය ඇවිස්සී ස්නෝඩන් ගැන හොයනවා. ඒත් ස්නොඩන් අතුරුදහන්.

ලෝරා සහ ග්‍රීන්වල්ඩ් හොංකොන් ගුවන් තොටුපොලේ තනිවෙනවා. ඔවුන් අත තියෙන්නේ ස්නොඩන් විසින් ලබාදුන් රහස් තොරතුරු කන්දරාවක්. මේවා සමඟ නිව්යෝක් ගුවන් තොටුපොලෙන් ගොඩබහින්න පුළුවන් වේවිද කියන දෙගිඩියාවක් ඔවුන්ට තියනවා. සමහරවිට මේ දත්ත සියල්ල ඔවුන් අත්අඩංගුවට ගන්න පුළුවන්. අවසානයේ ඔවුන් තීරණය කරනවා බ්‍රසීලයේ රියෝ-ද-ජනයිරෝ නගරයට යන්න.

ස්නෝඩන්, ග්‍රීන්වර්ල්ඩ් සහ ලෝරා මොස්කව්හිදී [nydailynews.com]

රියෝ කියන්නේ ග්‍රීන්වර්ල්ඩ්ගේ උපන් ගම. රියෝ වල ඈත කෙළවරක ඔහුට තියනව පුංචි ගෙයක්. මේ ගෙදර ඉන්නේ ග්‍රීන්වර්ල්ඩ්ගේ සහකරුවා සහ බල්ලන් දහයක් පමණයි. බල්ලන්ට සහ මිනිසුන්ට සම තැනක් හිමිවුණු මේ ගෙදර සිට ලෝරා සහ ග්‍රීන්වර්ල්ඩ්, ස්නොර්ඩන්ගේ තොරතුරු එකිනෙක විශ්ලේෂණය කරනවා. ඒවා ලෝකය පුරා බෙදා හරිනවා.

ලෝරාගේ වචන; 'මට හිතෙනව අපි ඇමරිකාවටවත්, ලෝකයේ කිසිම රටකටවත් අයිති නැති දෙන්නෙක් කියල. බැලු හැම තැනම අහිංසක හුරුබුහුටි බල්ලන් වැතිර ඉන්නවා. උන් අතර අපි නොපෙනී ගිහින්. කුස්සිය හැඩි වෙලා, ඒත් කෑමටවත් වෙලාවක් මිඩංගු කරන්න අපට බෑ. බිය, චකිතය විසින් අපේ බඩගින්න අතුරුදහන් කරල. ස්නොඩන් ගැන මගේ හිත කරදරයි. ඔහු ගැන කිසිම ආරංචියක් නෑ. ඒත් මට වැටෙන්න අයිතියක් නෑ. මට මා විසින්ම පවරගත්තු වැඩ කොටසක් ඉවර කරන්න තියනව'

කාලය ගෙවිල යනව. මේ අතර ස්නොඩන්ට රුසියාවේ රැකවරණය ලැබුණු බව ආරංචි වෙනවා. හෙලිදරවුවල උණුසුම මදක් පහව යනවා. ඇය ඇගේ උපන් බිම වන ජර්මනියට යනවා. හරියටම අවුරුද්දකට පසුව තම පවුලේ අය, සමීපතයන් ආදරයෙන් වැළඳ ගන්නවා. ඉන්පසු ඇයගේ 'සිටිසzන්ෆෝ' වාර්තා චිත්‍රපටය සංස්කරණය කිරීමට පටන් ගන්නවා.

මෙම වැඩසටහනට ඔස්කාර් සම්මානය ලැබුණු පසු එක් වාර්තාකරුවෙක් ඇගෙන් අපූරු ප්‍රශ්නයක් අහනවා. ඔබ රාජ්‍යට එරෙහිව විශාල හෙළිදරව්වක් කිරීමට දායක වුනු කෙනෙක්. ඒත් අද ඒ රාජ්‍යයේම ආයතනයක් විසින් ඔබව ඇගයීමට ලක්වෙනව. ඔබ මේ ගැන හිතෙන්නේ මොනවද?

මේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය හෝ විනිවිදභාවය කියල කියන්න මම ඉක්මන් වෙන්නේ නෑ. ඒත් උත්සාහය සහ අවශ්‍යතාවය තියනව නම් ඕනෑම හැඩිදැඩි පරිසරයක උනත් මාධ්‍යවේදියෙකුට කොච්චර දුර යන්න පුළුවන්ද කියල මේ සිදුවීම්වලින් පේනවා.

මුලාශ්‍ර- newyorker.com, theguardian.com, ft.com

සරද සමරසිංහ  | srilankamirror

 

එහෙටත් වහිනවැති කාව්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීම

ehetath wahinawathiසඳුන් ප්‍රියංකර විතානගේ රචනා කළ, එහෙටත් වහිනවැති කාව්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීම

ජීවිතාශාව දල්වාලන සහෘදයිනි,
මාර්තු 14 සවස 3ට ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයට එන්න. Read more...

මහාචාර්ය සුචරිත ගම්ලත් අනුස්මරණය

sicharitha gamlathමහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අපෙන් සමු ගෙන ගොස් වසර දෙකක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන අනුස්මරණ උත්සවය 2015 මාර්තු 10 වන අඟහරුවාදා සවස 03.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read more...

මංගලට විවෘත ලියමනක්!!!

Mangala S

විදෙස් කටයුතු ඇමතිතුමනි,

කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරැ කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි.

උතුරැ දකුණු සංහිදියාව ගොඩනැගීමට දකුණේ සිට ඒ වෙනුවෙන් ප්‍රගතිශීලී දායකත්වයක් සැපයූ ඔබ, දෙමළ ජනයාගේ යුක්තිය වෙනුවෙන් වන සටනට ප්‍රතිමුඛව මේ මොහොතේදී සිටගැනීමට සිදුවීම ​​දෛවයේ සරදමක් බව අපගේ අදහසයි. දෙමළ ජනයා​ට යුත්තිය අවශ්‍ය බව පිළිගත් ඔබටම රාජපක්ෂලා සහ මිනීමරැ හමුදා නිළධාරීන් බේරාගැනීමට යුධ අපරාධ චෝදනා වාර්තාව ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටීමට සිදුවීම ​දෛවයේ සරදමක් සහ දේශපාලන විහිලුවක් බව අප ඔබට අවධාරණය කර සිටිමු. අප එසේ කියන්නේ ඔ​බේ සමීපතම දේශපාලන සගයෙකු වූ ශ්‍රීපති සුරියආරච්චි ඝාතනය කරනු ලැබූ රිය අනතුර නිර්මාණය කරනු ලැබුවේද ඒ මිනීමරැ රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ මිනීමරැ හමුදා බලකා විසින් වීම නිසාවෙනි. එසේම ඔබව ඝාතනය කිරීමට සැලසම් සැකසුවේද ඔවුන් නිසාම වන ​ෙහයිනි. එපමණක් නොව ඔබට විරැද්ධව සමකාමී චෝදනා එල්ලකරනු ලැබුවේද රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ සිංහල-බෞද්ධ ඊනියා සදාචාර බලුරැළ විසිනි. ඒ සෑම අවස්ථාවකදී කොළඹ මූලික විකල්ප කණ්ඩායම් ඔබ වෙනුවෙන් එකට සිටි අතර ඉතිහාසය විසින් මංගල විනිශ්චය කරනු ලබන සංදිස්ථානාත්මක කොන්ත්‍රරාත්තුවක් " යහපාලන" ආණ්ඩුව විසින් ඔබට බාර දී තිබෙන බව ඉතාම පැහැදිලිය. ඒ රාජපක්ෂ සහ දෙමළ වර්ග සංහායේ මිනීමරැවන් බේරා ගැනීමේ අන්තර්ජාතික කොන්ත්‍රත්තුව මෙහෙයවන්නා වීමය.

මංගල, අප ඔබට යමක් මුලින්ම මතක් කිරීමට කැමැත්තෙමු. ඒ ඉතිහාසය අයිති මිනීමරැවන්ට සහ ඔවුන් බේරා ගැනීමට කොන්ත්‍රරාත්තු මෙහෙයවන අයට ​ෙනාව ඉතා අසීරැ තත්ත්වයන් යටතේ දී පවා සිය මතය පාවා නොදී සිටින මිනිසුන්ට පමණක් බවයි. ඉතිහාසය ලියවන මොහොතේදී වැදගත් වන්නේ ඔබ කුමක් කලාද යන්නට වඩා වඩා අසීරැ මොහොතකදී ඔබ සිට ගත්තේ කුමන පිලේද යන්නයි.

මිනීමරැ රාජපක්ෂ රෙජීමය මැදමුලදනට තල්ලුකිරීමේ පුරෝගාමී මොළකරැ ඔබ බව අප නොවලහා කියන අතර නමුත් දැන් ඔබ කරමින් සිටින කාර්්‍යය ඔබගේ ඓ තිහාසික කාර්්‍යභාරය නිශේධනය කරන බවද අප නොවලහා ප්‍රකාශ කරමු.

මංගි, ගරැ විදෙස්කටයුතු ඇමතිතුමනි, රාජපක්ෂ රෙජීමට ඔබ ඇතුලු දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් යම් ප්‍රගතිශීලී මතයක් දැරෑ අය මර්ධනය කිරීමට යොදා ගත්තේ කොටි සංවිධානය නැවත ආරම්භ කිරීමට යනවාය යනු බොරැවයි. දැන් ඔබ ඇතුලු යහපාලන ආණ්ඩුවද එයම කරමින් සිටින බවට වටින් ගොඩින් ඉගිපළ වෙමින් ති​ෙබ්.

මිනිමරැ ගෝඨාභය රාජපක්ෂලා විසින් සිරගත කෙරෑ දෙමළ ජනයා තවමත් කදවුරැවල අපාදුක් විදිමින් සිටිති. කොටි සංවිධානය ගොඩ නැගීමට ආධාර දුන්නාය කියා අත්අඩංගුවට ගත් ජෙයකුමාරි තවමත් ඔබ​ෙග් යහපාලන ආණ්ඩු​ෙව් අත්අඩංගුවේය. උතුරේ ඊනියා-අධිආරක්ෂිත කලාප කියා බලහත්කාරයෙන් පවරා ගත් ඉඩම් තවමත් හමුදා පාලනය යටතේය. එසේම තම දරැවන් ඉල්ලා හඩන උතුරේ දෙමාපියන් වෙත අවම බලාපොරොත්තුවක්වත් දල්වන්නට ඔබගේ යහපාලන ආණ්ඩුවේ කිසිදු බලධරයෙකු මෙතෙක් ඔවුන් හමුවී නොමැත. නමුත් ඔබගේ යහපාලන ආණ්ඩුවේ ඇත්තන්ට නිමල් සිරිපාල,මර්වින් සිල්වා වැනි මදාවි දේශපාඥයන් හමුවී ඉදිරි ඩීල් දමාගැනීමට වෙලාව ඇත.

මංගල මෙවනි තත්ත්වයක් මත ඔබ ලොව පුරා ටයිකෝට් දමාගෙන ගොස් රාජපක්ෂලා විරැද්ධ යුධ අපරාධයන්ට විරැද්ධව ඔවුන් බේරා ගැනීමට තටමන්නේ කෙ​ෙස්ද? එවැනි උත්සහයන් මැදමුලදන පන්නයේ උත්සහයන්ම පමණි. ඔබ පළදින ටයිකෝට සහ මිනීමරැවන් බේරීමට දරන උත්සහය එකිනෙකට නොගැළපෙන එළහරක් මීහරක් ස්රෑපයක් ගෙන ඇත. ඔබ තවදුරට එමග යන්නේනම්, අප ඔබට කියන්නේ රාජපක්ෂලාගෙන් කුරහන් සාටකයන් ණයට ඉල්ලාගෙන එය ඇදගෙන ඉහත උත්සහ දරන ලෙසයි.

එසේම මංගල, තවත් එකක් මතක්කරන්නට කැමැත්තෙමු. දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ඡන්දය නොලැබෙන්නට ඔබට විදෙස් කටයුතු ඇමති වන්නට නොලබෙනවා සේම ඔබගේ යහපාලන ආණ්ඩු​වද නැත. මිනිමරැ රාජපක්ෂලා මැතිවරණය ජයග්‍රහණය කලේනම්, ඊනියා සිංහල-බෞද්ධ අන්තවාදීන් සහ රාජපක්ෂලා මේ වනවිට ඔබ ඇතුලු කණ්ඩායම වලපල්ලට දමා හෝ සිරගත කර අවසානය.

මංගල, එම නිසා ඔබ ඇතුලු පිරිස මරණයෙන් ගලවාගෙන අභය දානය ලබා දී ඇත්තේ දෙමළ ජනයා විසිනි. එම නිසා ඔවුන්ට සාධාරණය යුක්තිය ඉටුකිරීමට ඔබට වගකීමක් තිබේ.එ​සේ නොමැතිව ඔබ ඈතුලු පිරිස මරණයෙන් ගලවාගත් දෙමළ ජනයා නැවත නැවතත් රවටා දේශපාලන ටොපි දීම අතිශය භයානක ප්‍රතිපල අනාගතයේදී අත්විදීමට සිදුවන බවද අප මේ මොහො​ෙත් ඉතා අවධාරණයෙන් මතක්කර සිටිමු.

මංගල, තම අතුරැදහන්්වූ ආදරණීයයන් ඉල්ලා සිටි​ ජෙයකුමාරි ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් රදවාගෙන සිටී. ඔබට එය ​ෙනාපෙනේනට තරම් ඔබ දේශපාලනිකව අන්ධ වීද ?

දැන් ඔබට සිටගැනීමට මාර්ග දෙකක් තිබේ. ඉන් එකක්නම් රාජපක්ෂ මිනීමරැවන් බේරාගැනීමට ලෝ පුරා යමින් ඔබ සිටගෙන සිටින්නේ මිනීමරැවන් සමග බව සහ ජෙයකුමාරි ඇතුලු රදවාගෙන සිටින අපගේ දෙමළ සහෝදරයන් නිදහස් කිරීමට මැදිහත් වී රාජපක්ෂ මිනීමරැවන් ආරක්ෂා නොකර ඔබ සිටින්නේ අප සමගද බව තෝරා ගැනීමට කාලය පැමිණ තිබේ.

අවසානයේ අප ඔබට ලෙනින්ගේ සටහනක් උපුටා තබන්නෙමු.

මහත්වරැනි, ඔබට උෟරන් සමග ඕනෑම මඩවගුරක ලැගීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. නමුත් කරැණාකර අපගේ දෑත් අතහරින්න.

L-M-G

 

 

සිව් මංසල