22 January 2018
RSS Facebook Twitter   

‘‘විල්ලරවාඩිය’’ තුළින් ගම්‍ය වන පනස් හයේ විකෘතිය

 

villaravadiya‘‘විල්ලරවාඩිය’’ තුළින් ගම්‍ය වන පනස් හයේ විකෘතිය
ප්‍රවිශ්ටය
ගාමිණී විජේතුංග පරිවර්තනය කළ මිලාන් කුන්දේරාගේ ‘‘Unbearable Lightness of Being’’ (1998 දී මෙ’නමින් ම සිනමා නිර්මාණයක් ද තිරගතවිය) කෘතියේ සිංහල පරිවර්තනය වන ‘‘පියාපතක්වන් ජීවිතයක්’’ කෘතිය නිකුත් වූ පසු මා එය කියවීමි. විවිධ ස්ථානයන්හි දී හමුවන හිතමිත්‍රයන් සමග සාහිත්‍යය පිළිබඳ කෙරෙන කතාබහේ දී මා එක්තරා පුද්ගලයකුගෙන් (ඔහු එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාධරයෙකි) අදාළ කෘතිය පිළිබඳ විමසුවෙමි. ඔහු එකපැහැර මා වෙත සැපයූ පිළිතුර වූයේ ‘‘අපෝ ඒක මේ ගැනූයි මිනිස්සුයි හු#න එක ගැන ලියවුණ පොතක්නෙ’’ යනුවෙනි.

මා ඔහුට පෙරළා පවසා සිටියේ ‘‘එහෙමනම් මහත්තයො ඔයාට පොත තේරුම් ගන්න බැරි වෙලා. මම නම් දැක්කෙ ඒ පොතෙන් සාකච්ඡා වෙන්නෙ සෝවියට් රුසියාවේ ආක්‍රමණශීලිත්වය; විශේෂයෙන් ම චෙකෝස්ලොවැකියාව යටත් කරගැනීමේ දී අනුගමනය කළ ක්‍රෑර ක්‍රියාමාර්ගය.’’ යනුවෙනි.

ඒ මොහොතේ දී මගේ හිතමිත්‍රයා තදින් ම කෝපයට පත්විය. ‘‘ඔයා කොහොමද මහත්තයො එමෙ කියන්නෙ. සෝවියට් රුසියාව කවදාවත් කිසිම රටක් ආක්‍රමණය කළේ නැහැ. ඔයා එහෙනම් සෝවියට් විප්ලවය ගැන කියවල නැහැ ...’’ යනාදි වශයෙන් දීර්ඝ වාදයක පැටලුණේ ය. ඒ සිද්ධිය සම්පූර්ණයෙන් ම වාර්තා කිරීමට මෙය අවස්ථාවක් නොවේ යැයි හැඟෙන බැවින් ඉන් වළකිමි. මා මෙම අතීත සිද්ධිය සිහිපත් කළේ අපේ ඇතැම් සාහිත්‍යය රසකාමීන් විවිධාකාරයේ කෘති තේරුම් ගන්නා විවිධාකාර විධි පිළිබඳ සිහිපත් කිරීම සඳහා ය.

මෙහි සුවිශේෂි නිමිත්ත වන්නේ හෙන්රි වර්ණකුලසූරිය ගේ ‘‘විල්ලර වාඩිය’’ කෘතිය රස විඳීමෙන් අනතුරුව ඒ පිළිබඳ සාහිත්‍යය මිතුරකුගෙන් විමසීමේ දි ඔහු දුන් පිළිතුරයි. ඔහු ද මා හා පැවසුවේ ‘‘අපෝ ඒකෙ ගැනුයි මිනිස්සුයි නිදිවදින එක හැර වෙන මොනවත් නැහැ’’ යනුවෙනි. එදා ‘‘පියාපතක්වන් ජිවිතයක්’’ කෘතිය පිළිබඳ මගේ අදහස පළ කළා මෙන් ‘‘විල්ලරවාඩිය’’ ගැන මගේ අදහස ඒ මිත්‍රයා සමග පවසන්නට මගේ සිත ඉඩ නුදුන්නෙමි. මේ මොහොතේ මා සූදානම් වන්නේ ‘‘විල්ලරවාඩිය’’ පිළිබඳ මගේ කියැවීම ලිවීම සඳහා ය.

විල්ලර වාඩියෙන් ඔබ්බට
කතුවරයා මෙම කෘතිය අරඹන්නේ 1947 අවසන් භාගය සහ 1948 පළමු භාගය පදනම් කර ගනිමිනි. ඔහු අදාළ කෘතිය සඳහා ප්‍රස්තුත කර ගන්නේ වයඹ පළාතේ මුහුදුකරයේ පිහිටි ගම්මානයක වෙසෙන මිනිසුන්ගේ ජීවන රටාව යි. නමුත් කෘතිය කියවාගෙන යද්දි මෙන්ම කියවා අවසන් වන විට හැඟී ගියේ ‘‘විල්ලර වාඩිය’’ යනු විල්ලරවාඩියේ ජීවත් වූ මිනිසුන්ගේ කතාව පමණක් ම නොවූ වගයි.

කෘතිය ආරම්භයේ දී ම කතුවරයා සාකච්ඡා කරන්නේ මෙරටට නිදහස ලැබීම, ලබාගැනීම සහ එය පූර්ණ නිදහසක් ද අර්ධ නිදහසක් ද යන්න පිළිබඳ සමාජයේ අදටත් පවත්නා කුකුස සම්බන්ධයෙනි. මෙය ඇතැම් විට කතුවරයාගේ මැදිහත්වීමක් ලෙ අර්ථ ගැන්විය හැකි වුව ද යථාර්ථය එය නම්...?

‘‘ඒක තමයි කතාව, කවද හරි මේ රටට නියම නිදහස ලැබෙන්නනං වාමාංශිකයො රජ කරන්න ඕනෙ. ඒත් ඒකට මේ කළු සුද්දො ඉඩ දෙන්නෙ නැහැ. පේනවනෙ ඡන්දෙන් යූ.ඇන්.පී. එක දිනපු රඟේ. නිදහස නිදහස කියල ඩී.එස්. සේනානායකල පුරාජේරු ගැහුවට අන්තිමේදි ලැබෙන්නෙ කප්පාදු කරපු නිදහසක්.’’
පිටුව 15

වාමාංශික ආත්මාර්ථය
මේ යථාර්ථය හෙළිදරවු කරන කතුවරයා වාමාංශිකයාගේ ආත්මාර්ථය ද එසැණින් ම ඉස්මතු කරයි. ඒ තම මස්සිනා වන විල්ෆ්‍රඩ් ඉස්කෝලෙ මහත්මයාගේ ක්‍රියාකලාපය පිළිබඳ දෙගිඩියාවෙන් ළතවෙන හෙන්ද්‍රික් අන්නවිරාල ගේ සිතුවිලි හරහා ය.
‘‘අසාධාරණය දුටු තැන එරෙහි වන, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින, වාමාංශික අදහස් දරන විල්ෆ්‍රඩ් ඉස්කෝලෙ මහත්තයා ගැන හෙන්ද්‍රික් අන්නවිරාල විටෙක කලබල වන්නේ ඔහුට අනතුරක් වුවහොත් සිය නැගණියට හා දරුවන්ට යන කලදසාව සිහිපත් කරමිනි.’’
පිටුව එම

වර්ගවාදී බෞද්ධයෝ
වර්තමානයේ මෙන් ම ඊනියා නිදහස ලද වකවානුවේ ද අන්ධ ජාතිමාමකයෝ සිටි බවට ද කතුවරයා ඉඟිසපය යි.
‘‘ඔය යාපනේ දෙමළගෙ ඉඩම හම්බයෙකුට අයිති වෙන්න දෙන එක අපරාධයක්. ආයෙ දෙකක් නෑ මුස්ලිම් ගමක්ම හැදෙයි. මේක කීයටවත් පිට යන්න දෙන්න බෑ... හෙන්ද්‍රික් ගන්නෙ නැත්තං කියනව, මං කොහොම හරි සිංහලයෙකුටම මේක අරන් දෙනව.’’
පිටුව 17

බෞද්ධ දර්ශනයේ උගන්වන්නේ ‘‘සියල්ල අත්හරින්න’’ යනුවෙනි. ජේසුස් වහන්සේ පැවසුවේ ‘‘අසල්වැසියාට ද ප්‍රේම කරන්න’’ යනුවෙනි. එහෙත් මේ සිංහල බෞද්ධයෝ එදා හැසිරුණේ ද, අද හැසිරෙන්නේ ද එකී ආගම් ශාස්තෘවරුන්ගේ දර්ශනයට සපුරා පටහැනිව ය.

කම්කරු නායකයන්ගේ ඇතුළුවත
වර්තමානයේ පැරණි වම මෙන් ම අලුත් වම ද කුජිතව ගොස් ඇත. පැරණි වම ආරම්භයේ කිසියම් වු සාධනීය සේවයක් ලක්වැසි පීඩිත ජනයා වෙනුවෙන් කළ බව අප අමතක නොකළ යුතු ය. (අලුත් වම එසේ නොකළේ යැයි කියන්නට තරම් ලියුම්කරු මුල්ධ නොවෙමි.) එකල ඉතා දැඩි ලෙස ව්‍යාප්තව ගිය මැලෙරියා වසංගතය මර්දනය කිරීම උදෙසා වාමාංශික ව්‍යාපාරයෙන් ලද සහයෝගය අමතක කළ නොහැකි ය. ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට මුල් වූයේ ද එකී රෝගය මර්දනය කිරීම සඳහා ම පිහිටුවාගත් ‘‘සූරියමල් ව්‍යාපාරය’’ යි. කතුවරයා ‘‘විල්ලරවාඩිය’’ නමැති ගම්මානයේ මිනිසුන් ගේ ජීවන තතු පවසන අතරම සිහින් දේශපාලනික මංතීරුවක් ද එකී මාවත පසෙකින් සකස් කරන්නේ නවකතාවේ මතුපිට තලය පමණක් විදින පාඨක සහෘද සහෘදනියන්ගේ අවධානයට ලක් නොවන ආකාරයෙනි. එබඳු පාඨකයෝ ‘‘විල්ලරවාඩිය’’ ගැහැනුන් සහ මිනිසුන් නිදිවදිනා කොටස පමණක් කියැවීම ද අරුමයක් නොවන්නේ ඔවුන් කිසිඳු දේශපාලනික සවිඥානිකත්වකින් හෙබි අය නොවන්නන් වීම හේතුවෙනි.

කම්කරු නායකයකු ලෙස භෞතීස්ම වූ ඊ. ඒ. ගුණසිංහ ගේ යටිකූට්ටු දේශපාලන සටකපටකම් පවා කතුවරයා සිය පෑන් තුඩින් සිතුවම් කරන්නේ ඊනියා කම්කරු නායකයන් ගේ ඇඳිවත උනා දමමිනි. ඔහු ඒ සඳහා උපස්ථම්භක කරගන්නේ කොලම්බු කොමර්ෂල් සහ මූල්ඔය වත්ත කම්කරු සටන ය. කතුවරයා වාක්‍ය කිහිපයකින් එකි ඛේදවාචකය සනිටුහන් කරන්නේ මෙලෙසිනි.
‘‘මොනවද කියන්නෙ ඉස්කෝලෙ මහත්තයට මතක ඇතිනෙ සමසමාජ පක්ෂෙ නායකත්වය දුන්නකොලොන්නාව තෙල් ගබඩාවෙ, හුනුපිටිය කොලම්බු කොමර්ෂල් ස්ට්‍රයික්වලදි කකුලෙන් අදින එකනෙ ගුණසිංහ කළේ...’’
පිටුව 57

ඉන් නොවතින කතුවරයා ඊළඟ නිමේෂයේ දී ඇතැම් වෘත්තීය සමිති නායකයන් කම්කරු සටන් පාවාදෙන්නේ කුමන හේතුවක් මත ද යන්න එක් වාක්‍යකින් හෙළිදරවු කරයි.
‘‘... මිනිහට මුදුන වෙන්න ලැබෙන්නෙ නැත්තං ඒ කම්කරු සටන වලංගු නෑ...’’
පිටුව එම

මෙම න්‍යාය එදාට පමණක් නොව 80 මහා වැඩවර්ජනයේ ද දක්නට ලැබිණ. වර්තමානයේ ද එහි කිසිඳු වෙනසක් නොමැති බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදුව ඇත.

Knight පදවියට වහවැටුණු කළු සුද්දෝ
මෙරටේ සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින බොහෝ දේශපාලකයෝ කතෝලික, ක්‍රිස්තියානි හෝ ප්‍රොතෙස්තන්ත්‍ර වූහ. එමෙන් ම සුද්දා මෙරට පාලනය කළ සමයේ ඔවුන් වඩ වඩාත් උත්සුක වූයේ කුමානාරයෙන් හෝ සුද්දාගේ සිත දිනාගැනීම සඳහා අවැසි ඕනෑම කාර්යයක නියැළීමට ය. ඔවුහු අන්‍යආගම් වැලඳගත්තේ ද, ගෙල හිර වන සේ කරපටිය බැඳ කළු කබා ඇන්දේ ද සුද්දාගේ සිත දිනාගැනීම පිණිස මිස කිසිඳු ආගම් ලබ්ධියකින් නොවේ. එවන් දේශපාලකයන්ට සහ ඔවුන්ගේ අවස්ථාවාදීත්වයට කතුවරයා විටින් විට ප්‍රහාර එල්ල කරන්නේ ඉතා සියුම් ආකාරයෙනි.
‘‘සමහරුන්ට ලොකු වුණේ සුද්දන්ගෙන් ලැබෙන නයිට් පදවිය. ඒක ලැබෙන්න පමා වෙනකොටත් හිත රිදෝගන්නව මහ බක්කක් කියල. සර් කෑල්ල නමේ මුලට දාගන්න එක තරම් උජාරුවක් තවත් නෑ. ඉන්දියන් නායකයො කලිසම් කෝට් ගලවල ජාතික ඇඳුමට ගියා. අපේ ජාතික නායකයො ඉංග්‍රීසි ඇඳුමට විතරක් නෙවේ ඉංග්‍රීසි ජිවන රටාවටත් කත්අදින අය...’’
පිටුව 65

කතුවරයා මෙහි දී ‘‘අපේ ජාතික ඇඳුම’’ යනුවෙන් සටහන් කළ ද සැබැවින් ම 1505 පෙර වුව ද අපිට යැයි අනන්‍ය වූ ජාතික ඇඳුමක් තිබුණේ ද යන්න තවමත් නොවිසඳුණ ගැටලුවකි. වර්තමානයේ පිරිමින් අදිනා ජාතික ඇදුම (වේට්ටිය හෝ සුදු සරම සහ උඩ කොටසට අඳින කමිසය) ද කාන්තාවන් අඳින ජාතික ඇඳුම (ඔසරිය හෝ සාරිය) ද ඉන්දියාවෙන් සංක්‍රමණය වූවක් මිස අපේ නොවන බව මේ ඊනියා ජාතිමාමකයෝ නොදනිති. අපේ යැයි කියාගන්නා රජවරු විවාහය පිණිස ඉන්දියාවේ සිට ගෙන්වාගත් කාන්තාවෝ ඔසරිය ඇන්දා මිස ඊට පෙර සිටි කිසිඳු රජ බිසවක් ඔසරිය හෝ සාරිය ඇඳ සිටි බවට ඉතිහාසය සාක්ෂි නොදරයි.

දෙමළා පිළිබඳ සිංහලයාගේ ආකල්පය
සිංහල මිනිසා දෙමළ මිනිසා පිළිබඳ කෙතරම් පහත් අන්දමින් සිතනවා ද යන්න පිළිබඳ මීට පෙර සාහිත්‍යය කලා නිර්මාණකරුවන් ගේ නිර්මාණ පවා ගෙහැර දක්වමින් ලියා ඇත. එහෙත් මේ සිංහල නිර්මාණකරුවන්ට එකී උමතුවෙන් ගැලවිය නොහැකි බව වර්තමානයේ බිහිකෙරෙන ඇතැම් කලා නිර්මාණ දෙස අවධානය යොමු කිරීමේ දී දක්නට හැකි ය.

සාමාන්‍යය පුද්ගලයකු වුව ද නිවසට මෙහෙකරුවකු හෝ මෙහෙකාරියක සොයන්නේ නම් ඒ මෙහෙකරුවා හෝ මෙහකාරිය දෙමළ වන්නේ නම් වඩාත් රුචිකත්වයක් දක්වයි. වත්තක මුරකරුවකුට සුදුසු පුද්ගලයකු සොයන්නේ නම් එම පුද්ගලයා ද දෙමළ වන්නේ නම් වඩාත් රුචි වේ. එමෙන් ම ඕනැම කලා කරුවකු (සාහිත්‍යය, නාට්‍ය, සිනමාව හෝ රූපවාහිනිය) තම සාහිත්‍යය නිර්මාණයේ දී නිවසක මෙහෙකරුවා හෝ දරුවන් බලා ගන්නා ආයම්මා හෝ දෙමළ චරිතයක් බවට පත්කිරීම අනිවාර්ය ය. කලාකරුවා ප්‍රතිනිර්මාණය කරන්නේ සමාජයේ දක්නට ලැබෙන දෙය බව සැබෑ ය. එහෙත් අදාළ කලාකරුවා සවිඥානිකව ද මෙම දෙමළ චරිත තෝරා නොගන්නවායැයි අපි කෙසේ නම් විශ්වාස කරන්න ද? ‘‘විල්ලරවාඩිය’’ කෘතියේ ද මෙකී සංකල්පය බහාලන්නේ හුදෙක් කතුවරයාගේ පුද්ගලික අදහසක් නොවූව ද ප්‍රතිනිර්මාණය සඳහා සමාජ දේශපාලනික යථාර්ථය කෙතරම් දුරට උපස්ථම්භක කර ගන්නවා ද යන්න මේ හරහා ප්‍රකට කෙරේ.
‘‘වින්සන් මුදලාලිගේ අදහස වූයේ දරුපවුලක් ඉඩමේ පදිංචි කරවීම ය. එවිට වත්ත සුද්ද බුද්ද කරගෙන ගඩොල් පෝරනුවේ වැඩපලත් කරගෙන සිටිනු ඇත. දෙමළ පවුලක් නම් වඩාත් හොඳ බව සිතුවේ දෙමළුන් කීකරුව, අවංකව වැඩ කරන බව සේදරං මුදලාලි පැවසූ බැවිනි.’’
පිටුව 102

මෙහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ‘‘දෙමළුන් කීකරුව, අවංකව වැඩ කරන බව’’ සඳහන් වීම ය. එහි ද ‘‘දෙමළුන් කීකරුව,’’ යන්න වඩ වඩාත් දෙමළ ජනයා පහත් කොට සැලකීමේ ලක්ෂණය යි. පවත්නා සමාජ දේශපාලනික යථාර්ථය මගහැර යන්න කතුවරයාට නොහැකි වන්නේ හුදෙක් ඔහුගේ දුර්වලතාවක් නිසා නොව ප්‍රබන්ධයත් සත්‍යයත් අතර පවත්නා හුය කඩා බිඳ දමන්නට තරම් නිර්භීත භාවයක් කතුවරයා සතුව නොමැති බැවිනි.

ලිංගිකත්වය අවැසි තැන
ඇතැම් පාඨකයෝ ‘‘විල්ලරවාඩිය’’ කෘතියේ ලිංගිකත්වය විදහා දැක්වෙන අවස්ථා පිළිබඳ විවේචනාත්මක ස්වරූපයෙන් කතා කළ ද පෙර කි පරිදි ම නිර්මාණකරුවා ප්‍රතිනිර්මාණය කරන්නේ ම සමාජ යථාර්ථය යි. මේ ඊට කදිම නිදසුනකි.
‘‘චාලි පැතූ ආකාරයට ම නොවුණද නිකුලස් සදහට ම ගමෙන් පැන ගියේ ය. ඒ තනිවම නොව, සිය නැන්දම්මා ද රැගෙනය.’’
පිටුව 142
මේ ‘නැන්දම්මා’ යනු බිරිඳගේ මව යි. 40 – 50 දශකවල මතු නෙව වර්තමානයේ ද මෙවනු පුවත් අනන්තවත් අසන්නට දකින්නට නොලැබෙන්නේ ද? එසේ නම් කලාකරුවා සිය නිර්මාණ කෙරෙහි මෙවන් සිද්ධි පාදක කරගැනීම හුදු ලිංගිකත්වය විදහා පෑමක් ද?
ඉන් නොනැවතුණ කතුවරයා, මිනිස් සන්තානයේ කාම ආවේගයන් ඉස්මතු වී එය උතුරා පිටාර ගලන අවස්ථා ද නිරූපණය කරන්නේ හුදෙක් සම්මත සංකල්ප මත පදනම්ව නොව කතාවේ ගලා යාමට බාධා නොවන පරිදි ය. මේ ඉන් එක් අවස්ථාවකි.
‘‘මල්ලි... මං ඔයාගෙ අයිය ගැන බලාගෙන හිටියෙ. මාකස් මං ගැන ඇහැක් ඇරල බැලුවෙ නැත්තෙ එයා දැන්මම කසාද නොබඳින්න හිතාගෙන හිටිය හංද වෙන්නැති. මගෙ අම්ම මගෙ මිනිහව උදුරගත්ත... මට ඔයාව ඕන... ඕනෙමයි...’ ඩල්සි වියරුවෙන් මෙන් මැනුවෙල් සිපගන්නට විය.’’
පිටුව145
ඩල්සි යනු සිය නැන්දම්මා සමග පලා ගිය නිකුලස් ගේ බිරිඳ ය. මාකස් යනු ඩල්සි කලක සිට බලාපොරොත්තුවෙන් සිටි පිරිමියා ය. මැනුවෙල් යනු ඒ පිරිමියාගේ සොහොයුරා ය. ඩල්සි ගේ සිත කය ඉල්ලා සිටි පහස නොලැබුණු විට එය ලබාගන්නට ඇය සිය උපක්‍රමශීලි භාවය ක්‍රියාවට නංවන ආකාරය කතුවරයා ඉතා සියුම් අන්දමින් විවරණය කර ඇත. ‘‘කරුමක්කාරයෝ’’ හි සෝමා ද ‘‘තෙවැනි සිල්පදය නොකඩමි’’ හි මිසිස් පෙරේරාද මේ මොහොතේ සිහිවන්නේ නිතැතිනි.

ආගමික බලහත්කාරය
අතීතයේ දි අලුත උපන් දරුවාට නම් තැබූයේ ගමේ ආරචිචි හෝ කෝරාළලා විසිනි. ඔවුන් අදාළ නම යෝජනා කළේ ද දෙමාපියන්ගේ කුල ගොත් ආදිය සලකා බැලීමෙනි. තම දරුවාට නමක් යොදන්නට තරම් දැනුවත්භාවයක් නොතිබුණු මේ දෙමාපියෝ ග්‍රාමපාලකයාගේ හෝ පළාත් පාලකයාගේ සිතැඟි පරිදි සිය දරුවාට නම් තැබූහ. සැබැවින් ම නම තබන්නේ දෙමාපියෝ නොව සුද්දන්ගේ පශ්චාත් භාගය වුව ද සුගන්ධවත් යැයි පිළිගත් ප්‍රාදේශීය පාලකයෝ ය. පසුව මෙය කෙමෙන් කෙමෙන් පල්ලියේ පියතුමාගේ බලහත්කාරයට ද යටත්වන්නට විය. කතුවරයා ඉතාමත් සූක්ෂම අන්දමින් මෙම බලහත්කාරය සිය කෘතිය හරහා ප්‍රකට කරයි.
‘‘උපදින සෑම ළමයකුටම කතෝලික ආගමේ මුනිවරයකුගේ නමක් යොදන්නට අපොන්සු ස්වාමි බල කළේ සුදුසු නමක් ද යෝජනා කරමිනි. දෙමාපියන්ගේ කැමැත්ත අකැමැත්ත මේ දරදඬු පූජාප්‍රසාදිවරයාට අදාළ නොවී ය.’’
පිටුව 148

නිවැරදි වම කුමක් ද...?
ලාංකීය ප්‍රජාව දේශපාලනික වශයෙන් තවමත් අඳබාල ය. ප්‍රගතිශිලින් යැයි කියාගන්නා, වාමාංශිකයන් යැයි කියාගන්නා මේ අඳබාලයන් අදටත් රනිල් භීතිකාවෙන් සහ යූඑන්පී භීතිකාවෙන් පෙළෙන්නේ එබැවිනි. ලාංකීය ප්‍රජාවේ යම් ප්‍රමාණයක් අදහන්නේ යුඑන්පී නොවන සියල්ලෝ ම වාමාංශිකයෝ කියා ය; ප්‍රගතිශීලීන් කියා ය. ‘‘විල්ලරවාඩිය’’ කෘතියේ අන්තර්ගත මෙම කොටස එයට කදිම නිදසුනකි.
‘‘විල්ෆ්‍රඩ් ලොකු ඉස්කෝලෙ මහත්තයා සිටින්නේ බණ්ඩාරනායක, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයක් බිහිකිරීම ගැන උද්දාමයට පත්වෙමිනි.’’
පිටුව 153

මේ පිළිබිඹු වන්නේ ශ්‍රී ලාංකිකයාගේ අදූරදර්ශී භාවය යි. බණ්ඩාරනායක ශ්‍රිලනිපය පිහිටුවාගන්නේ තමන්ට එජාපය තුළ නොතිබූ බලය අත්පත් කරගැනීමේ වුවමනාවට මිස අන් යමකට නොවේ. පසු කලක දී ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුළත් මුදලි ඇතුළු පිරිසක් එජාපයෙන් වෙන්වන්නේ ද එකී බලතන්හාවේ ඵලයක් හේතු කරගෙන මිස සැබෑ ජනතා හිතෛශීන් ලෙස නොවේ. එසේ වූවා නම් අද අලියා වෙනුවට රාජාලියා නිදහසේ පියාසර කරන්නට තිබිණ.

දේශ ද්‍රෝහියා සහ දේශප්‍රේමියා
මෑත වකවානුවේ දේශ ද්‍රෝහීන් පිරිසක් සහ දේශ ප්‍රේමීන් පිරිසක් බිහිවූහ. පවතින ආණ්ඩුවට සහයෝගය දක්වන්නෝ දේශ ප්‍රේමීන් ලෙස ද ඊට එරෙහි වන්නෝ දේශ ද්‍රෝහීන් ලෙස ද හැඳින්වූහ. අතීතයේ ද මේ දෙපිල බෙදීම මෙලෙසින් ම පැවතිනි. ‘‘විල්ලරවාඩිය’’ ඒ වෙනුවෙන් මෙසේ සාක්ෂි සපය යි.
‘‘මාකස්, ජෝජි වැන්නවුන් කැපුවත් ඇඟේ කොළ පාට දුවන යූ.ඇන්.පීකාරයන්ය. ඩී.එස්. සේනානායකට ඔවුන් සලකන්නේ දැඩි භක්තියකිනි. සුද්දගෙන් රට නිදහස් කොට ගෙන ජනතාවට සුළිත මුදිත දේශයක් උරුම කොට දීම ඩී. එස්.ගේ අරමුණ බව මාකස් සිතයි. ඊට එරෙහිව යන්නෝ ද්‍රෝහියෝය. පාහරයෝය.’’
පිටුව 155

මෙම සංකල්පය එදා මතු නොව පසුගිය වකවානුවේ ද පැවතුණි. වර්තමානයේ ද පවතින්නේ ය. ඒ අවස්ථාවාදය, බල තන්හාව සහ දේශපාලන කැදරකම හේතුවෙනි. එදා ඩි. එස්. වෙනුවට අද මහින්ද ය. හෙට වෙනත් පුද්ගලයකු ආදේශ විය හැකි ය.

මෙකී දේශපාලන අවස්ථාවාදය ඉස්මතු කෙරෙන තවත් අවස්ථාවක් වෙත අවධානය යොමු කරමු.
‘‘බණ්ඩාරනායක බෞද්ධාගමට ප්‍රසිද්ධියේ ම ආවේ මේ රටේ වැඩි ජනගහනය බෞද්ධ නිසා බවත්, රටේ නායකකම ගන්නට නම් බෞද්ධයකු ලෙස පෙනී නොසිට සටනක් දිය නොහැකි බවත් හෙන්ද්‍රික් අන්නවිරාළ තේරුම් ගෙන ඇත. එහෙත්, බණ්ඩාරනායක තමන්ගේ ආගම සැබැවටම අත්නොහැරි බව ඔහුගේ විශ්වාසයයි.’’
පිටුව 157

මේ ලාංකීය දේශපාලකයන්ගේ සහ ලාංකීය දේශපාලනයේ ඇතුළු වත යි. ‘‘විල්රවාඩිය’’ ගම්මානයේ මිනිසුන් ගැහැනුන් සමග නිදිවදින කොටස පමණක් දකින පාඨක සමූහය මේ පිළිබඳ සවිඥානික නොවන්නේ ද ඔවුන්ගේ අවස්ථාවාදය සහ දේශපාලනික අවිඥානිකත්වය මත යැයි නිගමනය කිරීම නිවැරදි නොවන බව පසක්වන්නේ මෙවිට ය.

වමේ පාවා දීම
අප දන්නා පරිදි ලාංකීය මැතිවරණ ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ම වාමාංශික ආන්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලබා තිබුණි. එහෙත් වමේ පාවාදීම හේතුවෙන් එම අනගි අවස්ථාව රටටත් රටේ ජනතාවටත් අහිමි වූහ. හෙන්රි සිය ‘‘විල්ලරවාඩිය’’ කෘතිය හරහා මේ සියලු අහුමුළු ස්පර්ෂ කරන්නට සමත්ව ඇත.
‘‘... කොහෙද කොමියුනිස්ට් සමසමාජ හවුලට කිසිම ප්‍රතිපත්තියක් නෑනෙ. පිලිප් ගුණවර්ධනල අවස්ථාවාදියො. නැත්තං තමන්ගෙ සහෝදර පක්ෂයක් වෙච්චි සමසමාජෙට උදව් නොකර බංඩගෙ පැත්තට එක්කහු වෙනවද? ඒකෙන් වුණේ ඇන්. ඇම්.ලට තිබුණ විපක්ෂ නායකකම බංඩට ගිය එක...’’
පිටුව 166

මෙවැනි අවස්ථා කතුවරයාගේ මැදිහත්වීමක් ලෙස ඇතැමකු හැඳින්විය හැකි ය. එය එසේ වුව ද තමන් දන්නා දේශපාලන ඉතිහාසයේ යථා ස්වභාවය සාහිත්‍යය කෘතියක් හරහා සමාජ ගතකරන විට ඒ සඳහා එබදු මැදිහත්වීමක් කළ ද එය කෘතියට ආලෝකයක් මිස හානියක් නොවේ යැයි හැඟෙන්නේ ය.

අනුකම්පාව ඡන්ද මැෂිමක් ලෙස
අනුකම්පාවට ඡන්දය දීමට ද ලාංකීය ඡන්ද දායක දායිකාවෝ ඉතාමත් දක්ෂ ය. මේ සදහා ඇති පදමට උදාහරණ ගෙනහැර දැක්විය හැකි වුව ද එසේ නොකොට ඒ සදහා ‘‘විල්ලරවාඩිය’’ කෙතරම් මහෝපාකාරී වන්නේ ද යන්න විමසා බලමු.

දේශපාලකයා / දේශපාලිකාව යනු කුමන්ත්‍රණකරුවෙකි / කාරියකි. එකී කුමන්ත්‍රණයක් ප්‍රතිඵලයක් ලෙස ‘‘විල්ලරවාඩිය’’ ග්‍රාමයේ එක් අපේක්ෂකයකු වෛද්‍ය නිර්දේශ මත නිවාස අඩස්සියට පත්විය. එය ඔහුට වඩාත් වාසිසහගත අන්දමින් මැතිවරණ සටන මෙහෙයවන්නට එකී පක්ෂයේ පිරිස යොදාගත් ආකාරය කතුවරයා ඉස්මතු කරන්නේ සමස්ත දේශපාලන ක්ෂේත්‍රෙය් ම පවත්නා නිරුවත විදහා පාමිනි.
‘‘දන්නවනෙ ඒ ප්‍රශ්නෙ ජයගත්තු හැටි. හියු මහත්තයගෙඅවුරුදු නවයක් දහයක් විතර වෙච්ච දූ ස්ටේජ් එකට නැග්ගුවනෙ... කෙල්ල ගොත ගගහ තාත්තගෙ අසනීපෙ ගැන කියද්දි කී දෙනෙක් කඳුළු පෙරන්න ගත්ත ද? මමත් දැක්ක දුණුවිල රැස්වීමෙදි. බලන්ඩෙපෑ ස්ටේජ් එකෙයි, වටෙයි හිටි උදවිය දුවව වට කරගෙන අනේ අපොයි කිව්ව හැටි. හියු මහත්තය හිටියට වැඩිය ඡන්ද කඩාගන්නව මේ වැඩෙන්’’
පිටුව 180

පනස් හයේ විකෘතිය
අනතුරුව කතුවරයා සිය පන්හිඳට හසුකරගන්නේ පනස් හයේ පෙරළිය යි.181 පිටුවේ සිට 191 වන පිටුව දක්වා දිවෙන මෙම පෙරළියේ යථා ස්වරුපය සැබැවින් ම සාහිත්‍යය කෘතියක් වෙත උකහා ගැනීම ම අසීරු කාර්යයකි. එහෙත් හෙන්රි මේ යථාව සිය නිර්මාණයට පාදක කොට ගන්නේ හිත් පිත් නැති මැටි පිඬකින් පබාවතියගේ රුව වැනි මූර්තියක් නෙළනාකාරයෙනි. එය එතරම් ම සුනම්‍ය ය; මනරම් ය; ළගන්නා සුලු ය.
සිංහල භාෂාව රාජ්‍යය භාෂව කිරීමේ පාපයෙන් ගැලවීමේ මගක් ලෙස එස්. ඩබ්ලි්‍යු. ආර්. ඩී. බණ්ඩාරනායක ‘බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම’ අත්සන් කරන්නට යෙදුණි. එහෙත් මහා ලොකු ජාතික සමගිය ගැන කටමැත දෙඩවූ එක්සත් ජාතික පක්ෂය කළේ ඊට එරෙහිව පාගමනක් සූදානම් කිරීම ය. මේ සියල්ල ඉතිහාසයේ සිදු වූ බරපතල දේශපාලනික වැරදීම් ය. අනෙක එකල විසූ සහ මෙකල වෙසෙන බොහෝ දේශපාලකයෝ ද ක්ෂණික තීන්දු තීරණ ගනිමින් විසඳන්නට කැසකවන්නේ රටේ අනාගත ගැටලු නොව එදිනෙදා පැවැත්මට අදාළ ඔවුනොවුන්ගේ පුද්ගලික දේශපාලන ගැටලු ය. කතුවරයා ඉතාමත් සියුම් ආකාරයෙන් කෘතියේ චරිත තුළින් ප්‍රකට කරන්ට යත්න දරන්නේ 1956 දී මෙරට සිදු වු දේශපාලන විකෘතියේ යථා ස්වභාවය යි. එදා ජේ. ආර්. ජවයර්ධන කළ පාපතර ක්‍රියාව පිළිබඳ කතුවරයා තම සාහිත්‍යය නිර්මාණය හරහා මෙසේ පිළිබිඹු කරයි.
‘‘මටනං තේරෙන්නෙ නෑමේ රට මොන පැත්තකට ඇදගෙන යනවද කියල. පනස් හයේ කැලණියෙන් පැරදුණ ජේ. ආර්.ල සිංහලබෞද්ධ ආවේග අවුස්සල රට විනාස කරනව.’’
පිටුව 231

එදා ජේ. ආර්. මහා ගින්නකින් රට දවාලන්නට සූදානම් වූයේ කැලණියෙන් පමණක් පරාජය වීමේ පළිය ගන්නට වුව ද වර්තමානයේ සමස්ත රටෙන් ම පරාජයට පත් වූ දේශපාළුවන් යළි යළිත් කැසකවන්නේ මේ විනාශය කරා රට ඇදගෙන යාමට බව මේ දිනවල දක්නට නොලැබේ ද? එහි යථාර්ථය වඩ වඩාත් ප්‍රකට කිරීම සඳහා කතුවරයා සිය චරිතයෝ යළිත් සංවාද ගතකරති.
‘‘ලොකු ඉස්කෝලෙ මහත්තයට කියන්න ඔය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ හොඳ පැති කොයි තරම් තියෙනවද? හරිනම් නායකයො කරන්න ඕනෙ ගිවිසුමේ අඩුපාඩු පෙන්නල දීල ඒක වැඩි හොඳ විදිහකට ක්‍රියාත්මක කරන්න සහයෝගය දෙන එකනෙ. මේ බූරුවො බලන්නෙම තමන්ගෙ ප්‍රතිරූපෙ ගොඩනගාගෙන ඡන්ද ගොඩ වැඩිකොරගන්න. ඕකුන්ට ඇති ජාති ප්‍රේමයක් නෑ...’’
පිටුව 231

මේ හෙළිදරවු කරන්නේ එදත්, අදත්, හෙටත් මේ රට විනාශයේ මුවවිටට ඇදගෙන ගොස් එහි දොරකවුළු විවිර කළ පාදඩ දේශපාලකයන්නේ නිරුවත නොවන්නේ ද? මෙය කියවාගත නොහී මිනිසුන් සහ ගැහැනුන් ඇඳන් මත නිදිවදිනා කොටස පමණක් උකහා ගන්නා පාඨකයෝ පිරිසක් මෙවන් කාති පරිශීලනය කිරීම කෙතරම් ඛේදවාචකයක් ද?
මෙහි දී කතුවරයා පක්ෂ පාට භේදයකින් තොරව ම මෙරට අගාධයට ඇද දැමූ දේශපාලයෝ විවේචනයට ලක් කරයි. මේ ඊට කදිම නිදසුනකි.
‘‘මේකෙ කාරණාව සිංහල - බෞද්ධ ජනතාව පාගල දාන්න යනව කියල හාමුදුරුවන්ව කුලප්පු කරන්නෙ යූ.ඇන්.පී. එක. බණ්ඩාරනායක බලේට ආ විදිහට ම ජාතිවාදෙ අවුස්සල තමයි යූ.ඇන්.පී. එකත් බලේට එන්න යන්නෙ.’’
පිටුව 232

වර්තමාන තත්ත්වය මීට සසඳන්නට නම් කළ යුත්තේ කුමක් ද? ‘යූ.ඇන්.පී.’ යන්නට ‘මහින්දවාදි ශ්‍රී ලංකාකාරයෝ’ කියන නාමය යෙදීම පමණක් නොවන්නේ ද?

හමාර කිරීම
හෙන්රි වර්ණකුලසූරිය නම් වූ කෘතහස්ත පරිවර්තකයා, කවියා, කෙටිකතාකරුවා සිය දෙවන නවකතාව හරහා ‘‘විල්ලරවාඩිය’’ නම් වු මනඃකල්පිත ග්‍රාමයේ මිනිසුන්ගේ ජීවන හැලහැප්පීම් හරහා 1956 වසරේ මෙරට සිදු වූ දේශපාලන විකෘතිය පිළිබඳ කදිම චිත්‍රයක් නිමකරන්නට සමත්ව ඇත. ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදි එය ඇතැමෙකුට ‘‘විල්රවාඩිය’’ ග්‍රාමයේ මිනිසුන්ගේ ලිංගික චර්යාව පිලිබඳ ලියැවුණ කෘතියක් විය හැකි ය. එය කතුවරයාගේ දුර්වලතාවක් නොව කියවන්නාගේ පටු ආකල්පමය වරදකි. සාහිත්‍යය කෘතියක ගැඹුර වටහාගන්නට නොහැකි අදූරදර්ශී පාඨක පිරිසක් එසේ සඳහන් කළ ද සාහිත්‍යයකරුවකු වශයෙන් හෙන්රි සිය වගකීම ඉටු කරන්නේ අතීතයේ සිදුවු දේශපාලන විකෘතිය වාර්තාමය ස්වරුපයෙන් ඉදිරිපත් නොකොට පාඨකයා වෙනත් මානයක් හරහා එකී සන්දර්භය වෙත රැගෙන යාමෙනි. එය ඉතාමත් ප්‍රශස්ත ය.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.">

උපුටා ගැනීම: ලංකා ඩේලි

 

 

ඉතිහාසය, නවකතාව සහ ආදරණීය වික්ටෝරියා

 

Mohan

ඉතිහාසය යනු අතීතයද? එය කතන්දරයක්ද? වර්ත මානයට එහි ඇති සබඳතාවය කුමක්ද? ඉතිහාසය රේඛීයද? චක්‍රීයද? ගැඹුරු ශාස්ත්‍රීය තලයේදී මෙන්ම එදිනෙදා සංවාදයේදීද මෙම ප්‍රශ්න ඉතිහාසය අරබයා සාකච්ඡාවට ගැනේ.

ඉතිහාස නවකතාව නිර්වචනය කිරීමේදී එය අතීත කතා පසුබිමක අතීත යුගයක තත්ත්වයන් ජනිත කිරීමේ අරමුණින් ලියනු ලබන ප්‍රබන්ධය ලෙස අර්ථකථනය කළ හැක. නමුත් එය ”ඉතිහාස කතන්දර’ ගණයට නොවැටී ප්‍රබන්ධමය ලක්ෂණ හරහා නවකතාවක් බවට පත් කිරීම අභියෝගයකි. මොහාන් රාජ් මඩවල තම කෘති හරහා මෙම අභියෝගය ජයගැනීමට සමත් වී ඇත.

ඉතිහාස නවකතාවකදී අවශ්‍යයෙන්ම ඉටුවිය යුතු කරුණු දෙකකි. ඉතිහාසය විකෘති නොකර යථාරූපී හා විශ්වසනීය ලෙස ඉදිරිපත් කිරීම පළමුවැන්නයි. (මෙය ඉතිහාසය අලූත් අර්ථකථනයට භාජනය කිරීම හෝ සම්මත ඉතිහාසය විසංයෝජනයට ලක් කිරීම සමග පටලවා ගත යුතු නොවේ.)

ඕනෑම යුගයක ඉතිහාසය යනු එම සමකාලීන සමාජයේ අධිපති මතවාදයේ ප්‍රකාශනයක් වීම නොවැළැක්විය හැකිය. එබැවින් ඉතිහාසය හැමවිටම එක්තරා ආකාරයක විකෘතියකි. එම විකෘතියේ හැඩරුව විවිධ ස්වරූප ගන්වා, සහෘදයාට නව ඉතිහාසයක් පරිකල්පනය කිරීමට ඉඩදීම ඉතිහාස නවකතාකරුවාගේ වගකීමය.

ඉතිහාස නවකතාවක් සම්බන්ධ දෙවන කරුණ නම් ඉතිහාස ප්‍රබන්ධකරුවෙකු සිය කෘතිය හරහා වර්තමානය ප්‍රක්‍ෂේපනය කරන්නේ ගවේෂණය කරන්නේ කෙසේද යන්නයි. පෙර සඳහන් පරිදි ඉතිහාසය රේඛීයද? චක්‍රීයද? යන ගැටලූවට මාක්ස්වාදී දර්ශනය තුළ අතිශය නිර්මාණශීලී විද්‍යාත්මක පිළිතුරක් සම්පාදනය කර ඇත. එනම් ඉතිහාස චලිතයේ ගමන්මග සර්පිලාකාර එකක් බවයි. එසේනම් අපට චක්‍රීය ස්වභාවයෙන් යළි යළිත් සිදුවෙන ලෙස පෙනෙන සංසිද්ධීන් වෙනත් ගුණයක් අත්පත් කරගත් වෙනත් සිද්ධියක් බව පැහැදිලි වෙයි. ඉතිහාස නවකතාකරුවා මෙම ගුණය කොතෙක් දුරට ග්‍රහණය කරගන්නේද සහ ඒ අනුව සිය පරිකල්පනය හසුරවන්නේද යන්න ඉතා වැදගත්ය.

සිය ප්‍රථම නවකතාව වූ ‘මාගම් සෝලිය’ සඳහා මොහාන් රාජ් මඩවල පාදක කරගන්නේ අධිරාජ්‍යවාදී සමයේ උඩරට රාජධානියේ ජනතා අරගල සිදුවෙද්දී එක්තරා ගම්මානයක ජීවත් වූ වැසියන්ගේ ජීවන අන්දරයයි. ඒ හරහා මානව ශිෂ්ඨාචාරයක් ව්‍යාකූල සමයකදී විවිධ ප්‍රතිවිරෝධතාවයන්ට මුහුණදෙන ආකාරයත්, ඒවා ජයගැනීමට ගන්නා උත්සාහයේදී විවිධ ස්වරූපවලින් පුද්ගල සන්තානයන් ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරයත් නිර්මාණශීලීව ඉදිරිපත් කරයි. නිර්මාණයෙහි පසුබිමෙහි විමුක්ති අරගලය වුවද පෙරබිම සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

සිය දෙවන ප්‍රබන්ධය වූ ‘ලොවීනා’ කෘතියට ඔහු පාදක කරගන්නේ කන්ද උඩරට රාජ්‍ය සමයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ සිට සර් තෝමස් මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා දක්වා කාලය තුළ වූ සත්‍යවූත්, පරිකල්පනීය වූත් සිද්ධි සමුදායක භාවමය ප්‍රකාශනයයි. රාජ්‍යය, බලය සහ ස්ත‍්‍රිය යන කුළුණු ත‍්‍රිත්වය මත රැඳවූ ප්‍රබන්ධය පාඨකයා හෘදය සංවාදයකට කැඳවයි. මෙහිදී පාඨකයා කියවීම නම් වැඩබිමෙහි වෙහෙස වන්නෙකු නොවේ නම් අර්ථ සූචනය කරගැනීම දුෂ්කර වනවා පමණක් නොව අර්ථ පදාසයන් අත්හරින්නෙකු බවට ද පත් වේ. ලිපියේ සීමාව තුළ නිදසුනක් පමණක් ගෙන හැර දැක්වීමට උත්සාහ ගනිමි. ‘ලොවීනා’ ප්‍රබන්ධයේ ප‍්‍රමිලා දේවියගේ ව්‍යාධිය සුවපත් කිරීම සඳහා ගණිතසාර ඇදුරා නිර්මාණය කළ බලිරූපය පරීක්‍ෂා කිරීමට රජු පැමිණි මොහොත විමසා බලන්න.

”මේ තියෙන්නෙ බොල ඇස් පේන්නෙ නැද්ද තොට…”
ගණිතසාර ගුරුන්නාන්සේ ඇස් විවර කර රජු ඇඟිල්ල දික් කළ තැන බැලූවේය. උවමනාවෙන් සහ වඩාත් සැලකිල්ලෙන් බැලූවේය. ඇත්තටම එහෙම දෙයක් එතැන තිබුණේ නැත. එහෙත් රජු දකින දෙයක් තමා ඇත්තටම නොදුටුවත් එසේ නොදකින බව කීම රජුගේ කෝපයට හේතුවන බව ගණිතසාර ගුරුන්නාන්සේ දැන සිටියේය. ඒ නිසා එයට දිය යුතු වඩාත් තර්කානුකූල උත්තරය ඔහු මෙසේ පැහැදිලි කළේය.
”අවසරයි දෙයි හාමුදුරුවනේ . . . . බාග වෙලාවට ඒක හුඹස් මැටි වර්ණ ගන්නන කොට දිය නොවිච්චි වර්ණ කැටිත්තක් වෙන්ඩ ඕනෑ…”
එහෙත් වඩාත් තීරණාත්මක වචන කීපය ඇසුනේ ඉන් පසුවය. මෙතෙක් වේලා නිහඬව සිටි ලෙව්කේ රාළ රජුගේ දෙපා නැමැද අවසර ගෙන මෙසේ කීවේ දෙඅත් හිස මුදුනේ තියාගත් වනමය.

”මං මගේ නේත්තරා දෙකෙන්ම දැක්ක දේවයන් වහන්ස, දස්කොන් මහ අධිකාරම්තුමා ඊයේ හවස ඔය උපන් ලපය ඔතන සලකුණු කරනවා.”
මෙහිදී ප්‍රකට ජනප්‍රවාදය තුළින් නව අරුතක් නිපදවීමට කතුවරයා සමත් වෙයි. රාජ්‍යය හා බලය සම්බන්ධ කාරණයේදී ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම සත්‍යය, අසත්‍යය, යුක්තිය අයුක්තිය තීරණය වන්නේ බලයේ අත්තනෝමතිකත්වයත්, බල ලෝභයත් පුද්ගල සන්තානය තුළ නිදන්ගතව තිබීමට අනුලෝමව නොවේද?

ඉතිහාස නවකතාකරුවා විසින් සැලකිය යුතු මීළඟ කරුණ නම් තම අනුභූතිය සපයා ගන්නේ මහේක්‍ෂ ඉතිහාසයෙන්ද, ක්‍ෂුද්‍ර ඉතිහාසයෙන්ද යන කාරණයයි. එහිදී මහේක්‍ෂ ඉතිහාසයෙන් උපුටාගන්නා ලද චරිත හා සිද්ධීන් යොදා ගන්නා ප්‍රබන්ධකරුවන් මගින් බොහෝ විට සිදුවන්නේ සැබෑ ප්‍රබන්ධමය ලක්ෂණවලින් තොර කතන්දර ලිවීමට ගොස් ඉතිහාසය නමැති දෘෂ්ටිවාදී මළපුඩුවේ ගෙල සිර කරගැනීමයි.

මොහාන් රාජ්ගේ ප්‍රබන්ධවල සුවිශේෂත්වය වන්නේ ඔහු තමාගේ අනුභූතිය මහේක්‍ෂ ඉතිහාසයෙන් ලබා ගත්තද, ක්‍ෂුද්‍ර ඉතිහාසයෙන් ගත්තද ඒවා පසුබිමෙහි තබා තමන්ට අවශ්‍ය ප්‍රබන්ධය පරිකල්පනය කිරීමයි. මෙහිදී එක් අර්ථයකින් ‘වික්ටෝරියා’ නවකතාව ක්‍ෂුද්‍ර ඉතිහාසමය සිද්ධියක් පදනම් කරගනී. එනම් යටත්විජිත සමයේ වූ අරක්කු රේන්ද කර්මාන්තයයි. අධිරාජ්‍යවාදී සමයේ හඳුන්වා දුන් අරක්කු නිෂ්පාදන කර්මාන්තයේ කතාව අන්දිරිස් නම් චරිතය හරහා ලාංකීය සමාජය තුළ නව සමාජ රටාවක් (පසුගාමී ධනේශ්වරයේ වර්ධනය) මත අතිපිහිත වීම දක්වා ආ ගමන පෙන්වයි. එය එක්විටම සැබෑ ඉතිහාසය මෙන්ම කල්පිත ප්‍රබන්ධයක් ද වෙයි.

අන්දිරිස් උඩරට සෙංකඩගල, අලූත්ගංතොට සිට පහත රටට සංක‍්‍රමණය වන්නේ ‘නිකමෙකු’ ලෙසය. පසුව ක‍්‍රමයෙන් අන්දිරිස්, අන්දිරිස් රේන්දරාළ හරහා ‘අන්ද්‍රෙස්’ නම් මහා ධනකුවේරයෙකු දක්වා රූපාන්තරය වෙයි. මහාචාර්ය කුමාරි ජයවර්ධන පර්යේෂණාත්මක කෘතිය මගින් මෙම ධනේශ්වර පන්තියේ නැගීම පෙන්වා දෙන අතර ‘වික්ටෝරියා’ ප‍්‍රබන්ධය ක්‍ෂුද්‍ර ඉතිහාස සංසිද්ධියක් හරහා ලාංකීය ධනේශ්වරයේ නැගීම, විමර්ශනයට ලක් කරන බව පෙනේ. එම ගමන සඳහා සියලූ ශුද්ධ වූ මිනිස් සබඳතා සුන්නද්ධූලි කිරීමට අන්දිරිස්ට සිදු වෙයි. මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, පහරදීම් ආදිය පමණක් නොව හෘදයාංගම විය යුතු ලිංගික සබඳතා පවා ද්‍රව්‍යමය සබඳතා බවට පිරිහෙලීම ප්‍රාග්ධනයේ උපත සඳහා අත්‍යවශ්‍ය බව පැහැදිලි වෙයි.

ප්‍රාථමික විශ්වාස, අභිචාර විධීන්, මිථ්‍යා සංකල්ප ආදිය පිරුණු එවක සමාජයේ තත්වාකාරය තුළ අන්දිරිස්ද සිය ගැටලූ විසඳාගැනීම සඳහා ඒවායේ පිහිට පතන අයුරු මතුපිටින් පෙනී යයි. එහෙත් තවත් තලයකදී අන්දිරිස් තම රිදුම් දෙන හෘදය සාක්‍ෂිය පිළිබඳ කැකෑරෙන ව්‍යාකූලත්වය හා ස්වකීය අවිඥානය තුළ සැඟවී ගත් අතීතය පිළිබඳ මතකය සමඟ යෙදෙන අනවරත අරගලය රූපකාර්ථවත් කිරීමට කතුවරයා සමත්වෙයි.

නවකතාව යන සාහිත්‍යාංගයේ උප ශානරයක් වන ඓ තිහාසික නවකතාව එහි වචනාර්ථයෙන්ම පරස්පර විරෝධී ස්වභාවයක් පෙන්වයි. නවකතාවෙන් අදහස් වන්නේ පරිකල්පිත ප‍්‍රබන්ධයකි. ඉතිහාසය කරුණු මත පදනම් වන බව අපි දනිමු. එසේ නම් ඓ තිහාසික නවකතාව නරක ඉතිහාසයක මෙන්ම නරක ප‍්‍රබන්ධයක එකතුවකි. මන්දයත් එය ප‍්‍රබන්ධයෙන් ඈත්වන බැවින්ද කරුණුවලින් බැහැරවෙන හෙයින් ද වේ. එහෙයින් පරිපූර්ණ ඓ තිහාසික නවකතාවක් බිහිවිය නොහැකි බව මගේ හැඟීමයි. මෙයින් පෙනී යන්නේ සාර්ථක ඓ තිහාසික නවකතාවක් ලිවීමට ඉතිහාසය හා ප්‍රබන්ධය යන්න මනා ලෙස තේරුම්ගත යුතු බවත්, එය මනා ලෙස ප්‍රයෝජනයට ගත යුතු බවත්ය. නිශ්චිත කාල අවකාශ රාමුවක රැඳවිය යුතු ඓ තිහාසික නවකතාව, ඒ මත සමාජ, දේශපාලනික හා සංස්කෘතික පසුබිම ගොඩනැංවිය යුතුය. එමගින් යම් නිශ්චිත කාල අවකාශයක ජීවත් වූ මිනිසුන්ගේ ජීවන සමස්තය මතු කරගත යුතුය.

වික්ටෝරියා නවකතාව අවසාන වන්නේ නව උපතක් පිළිබඳ සනිටුහන් වීමෙනි. ඒ උපත ලාංකීය පසුගාමී වැඩවසම් අගතීන්ගෙන් පිරුණු ජානමය උරුමයන් රැගත් අධිරාජ්‍යවාදයෙන් ලැබුණු නූතනවාදී ප‍්‍රවේශයක සළුපිළි සහිත හයිබ්‍රිඞ් ජාතිවාදයේ උපත සංකේතවත් කරයි.

නිමල් සෝමරත්න | රාවය

 

බීජිං සිට බර්ලීනයට අයි-වෙයිවෙයිගෙන් ආදර ලිපියක්

 

fffb05ea-f24b-40c3-8bda-487a1f1ffe78-620x372

චීන රජයේ අත්තනෝමතික ඒකාධිපතිත්වයට යටකොට රටන් පිටවිය නොහැකිලෙස ගුවන් ගමන් බලපත්‍රය අත්හිටුවා " අයි-වෙයිවෙයි " අර්ධ නිවාස අඩස්සියකට දමා සිරකරගෙන සිටියද මේ අපේ යුගයේ කලාකරැවා තවමත් අන්තර්ජාතික කලා කේෂත්‍රය තුළ නිරන්තර කථාබහට ලක්වන සහ ලෝක අවධානය දිනාගන්නා ප්‍රමුඛ ක්‍රියාකාරී කලාකරැවෙකු වෙයි. ඔහුගේ අලුත්ම කලා ප්‍රකාශණය සිනමා පටයක් ලෙස ජර්මනියේ බර්ලින් නුවර පටිගත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

බර්ලින් සිනමා උළෙලට සමගාමීව පටිගත කිරීමට නියමිතව තිබෙන " I Love you"ලෙස නම්කර ඇති මේ චිත්‍රපටය අයි-වෙයිවෙයි විසින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධ්‍යක්ෂණය කිරීම එම නවතම සිනමා අභ්‍යාසයට වැඩි සුවිශේෂීත්වයක් එක්කරනු ලබයි. චීන​ෙය් බීජිං නුවර සිටින ස්කයිප් තාක්ෂණය ඔස්සේ අයි-වෙයිවෙයි විසින් ලබාදෙන අධ්‍යක්ෂණයට අනුව නිශ්පාදක ක්ලව්ස් ක්ලව්සෙන් බර්ලින් හී භූමියේ සිට කටයුතු මෙහෙයවනු ලබයි. " සිනමා පටයේ පටිගත කිරීම් සිදුකරන ඒ සමාන වෙලාවේම පුලුල් තිරයක් මත ජර්මනියේ බර්ලින් නුවර පෝසට්ඩාමර් ප්ලැට් හීදී ප්‍රදර්ශණය කරනවා වගේම චීනයේ බීජිං නුවර පිහිටි අයි-වෙයිවෙයි ගේ කලාගරයේදී කුඩා තීරයක් මතද සිනමා පටය ප්‍රදර්ශණය කරනවා" නිෂ්පාදක ක්ලව්සෙන් වැඩිදුරටත් බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත වෙත කරැණු දක්වා සිටියේය. මේ සිනමා ව්‍යාපෘතිය නැතිනම් මේ අලුත් සිනමා අභ්‍යාසය උදාහරණයක් වෙනවා "ආදරයට" ඕනෑම බාධකයක් ජයගත හැකි බව. කවුස් වැඩිදුරටත් පවසා සිටී.

>>හෙලිවුඩ් රිපෝටර්<< වෙත අදහස් දක්වා සිටින අයි-වෙයිවෙයි පවසා සිටින්නේ තම නවතම සිනම අභ්‍යාසය තමන්ගේ සය හැවරිදි පුතා වන අයි-ලාඕ ගැන බවයි. " මේ සිනමා පටය මගේ පුතා ගැන,පසුගිය අගෝස්තුවේ සිට ඔහු ජීවත් වන්නේ බර්ලිනයේ. මට ඔහුව බලන්න යන්න අවසර නෑ " මේ සිනමා පටයේ තිර රචනය කර ඇත්තේ අයි-ලාඕ​ෙග් මව​ මෙන්ම වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් ද වන වැන්ග් ෆෙන්ස් විසිනි. එසේම ජර්මානු සිනමා නළුවෙකු වන ටිල් ෂ්වෙයිගර් ද මෙම සිනමා පටයට රංගනයෙන් සම්බන්ධ වී සිටිති.

බර්ලින් හී පටිගත කරන සහ එවලේම තරගත කරනු ලබන, I Love You එහිම දිගුවක් ලෙස, ඊළග කොටස් ලෝකයේ අනෙක් ප්‍රධාන නගර වලදීද උදාහරණයක් ලෙස පැරිස්, නිව්යෝක්, රියෝද ජනයිරෝ වැනි නගර වලදීද පටිගත කිරීමට සහ තිරගත කිරීමට සිදු කිරීමට නියමිතව තිබේ.

අයි-වෙයිවෙයි 2011 වසරේ සිට චීනයෙන් පිටවීට නොහැකි ලෙස ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය චීන රජය භාරයට ගෙන අර්ධ නිවාස අඩස්සියක සිරකරගෙන සිටින අතර ඔහු වෙසෙන නිවස සහ ඔහුගේ කලාගාරය CCTV කැමරා ඔස්සේ නිරන්තර නීරීක්ෂණයට ලක්කරනු ලබයි. අවස්ථා කීපයකදීම චීන රජය මගින් අයි-වෙයිවෙයි රැදවුම් භාරයට ගත් අතර එක් අවස්ථාවකදී ඔහුගේ හිසට බරපතල ලෙස පහර දී තුවාලද සිදුකරන ලදී. නමුත් මේ බරපතල මර්ධනය මැද වූවද ඔහු තම කලානිර්මාණ නොකඩවා සිදුකරමින් සිටින අතර එය අත්තනෝමතික ඊනියා චින කොමියුනිස්ට් ආණ්ඩුවට හිසරදයක වී ති​ෙබ්.

කොපමණ බාධක පැමිණියද චිනය තුල සිට අයි-වෙයිවෙයි තමන්ගේ නිර්මාණ කටයුතු මෙහෙයවීමද චීනයේ මර්ධනකාරී පිළිවෙත තවදුරටත් හෙළිදරව් කරනු ලබයි.

 

© කතෘ සිව්මංසල - පසන් ජයතිලක 

 

 

ක්‍රිකට්වල යථාවේ ලක්ෂ්‍යය, චයිනමන්

sl cricketඅවසාන රෝම කූපය දක්වාම(ගිණිය හැකි නම්)සෘජු බවේ ලක්ෂණ පහළ වන්නා වූ, ඒ සදානුස්මරණීය මොහොත, අර්ජුන ප්‍රමුඛ අපේ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරදවා 96 ක්‍රිකට් ලෝක කුසලානය පළමුවරට(මේ වන විට අවසාන වතාවටත්????) මෙරටට ගෙන ඒම, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම හද පතුලෙහි තැන්පත්ව ඇති මතකයක් බවට සැක නැත. Read more...

පැරීසියෙන් මතු වෙන හෙළ සාහිත්‍යය අංකුර - සුනිල් ගාමිණී

lakbimai api" දළදා පෙරහැරේ වැස්ස සංකේතවත් කරමින්, මුලින්ම යන්නේ කසකරුවන්. ඒක හරියට වහින්න ඉස්සෙල්ලා හෙණ හඬ ඇහෙනවා වගේ. ඔවුන් පිටිපස්සෙන් එන්නේ ගිනි බෝල කරකවන්නන්. ඒක හරියට විදුලි කොටනවා වගේ. අලි ඇතුන් වැස්ස වහින්න ඉස්සෙල්ලා අහසෙ පෙනෙන මහා වැහි වලාකුළු වගේ. වැහි වලාකුළු අහස පුරාවටම තිබුණහම, එය මහා වැස්සක පෙරනිමිත්තක්. දළදා පෙරහැර පුරාවට අලි ඇතුන් සිය ගණනක් යොදා ගන්නා නිසා පෙරහැරේ අලංකාරය වගේම , වැසි වහින බලය වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ. " Read more...

White Tiger ; ඉන්දියාව උස්සා පොළවේ ගැසීම

 

White tiger

සල්මන් රැෂ්ඩි එයාගේ මැදියම් දරැවෝ ​කෘතියේ එක තැනක ඊනියා නිදහස් මැදියම් රාත්‍රියෙන් පසුව එළබෙන "නව ඉන්දියාව" සම්බන්ධව මෙන්න මේ විදිහට සදහනක් කරනවා.

"දෙවියන් සහ මුදල් ; ඉන්දියාව කියන්නේ ඉතා බලවත් සහ සමව පවතින ෆැන්ටසි දෙකකට උපමා කරන්න පුලුවන් ඕනෑම දෙයක් සිදුවිය හැකි මිත්‍යා-ප්‍රබන්ධ සමූහයක එකතුවක්."

1947 පස්සේ එළබෙන පශ්චාත් අධිරාජ්‍යවාදී යුගයෙන් පසුව එන නව ඉන්දියාව තුළ පවතන තවත් ඉන්දියාවන් ගණනාවක සමාජ සංගටකයන් වැඩ කරන ආකාරය සම්බන්ධව අර්වින්ද් අඩිගා විසින් ලියන "White Tiger" නවකථාව අපේ භාෂාවෙන් කියනවානම්, ඉන්දියාව උස්සා පොළවේ ගැසීමක්.

ඉන්දීය සමස්ථ සමාජයම වෙළාගෙන ඇති දුප්පත්කම, කුළවාදය, වාර්ගික බෙදීම්, සමාජ ප්‍රශ්ණ, ලිංගික පීඩනය, මේ සියල්ලක් අර්වින්ද් සිය කෘතිය තුළ හරි ලස්සනට අතිශය උපහාසත්මක විදිහට අපි ඉස්සහට ​ගේනවා.

එක පැත්තකින් ඒක හරි අමාරැ වැඩක්. මොකද ඉන්දීයාව වැනි විසිරැ පැතිරැණු ගතියන් සහිත සමාජයක් සංස්කෘතික විවේචනයක් දක්වා දිගුකිරීමට ලේඛණයක් වෙත ගෙනයාමට කථාකරයෙක් දරන උත්සහය තුළ ඔහුට හෝ ඇයට මගහැරිය හැකි තැන් බො​​හෝමයක් නිසා. නමුත් අර්වින්ද් ඒ අභියෝගය ජයගන්නවා කියලයි මට හිතෙන්නේ.

White Tiger හී කථා සංරාංශයට අනුව සමස්ථ කථාව කියන්නේ ඉදිරියේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත චිනයේ ප්‍රධානියාට. ඒ ලියන හැම වචනයක් එක්කම ඉන්දියාව නිරැවත් වෙනවා. ඉන්දියාව විතරක් නෙමෙයි, සමස්ථ දකුණු ආසියාවම නිරැවත් වෙනවායි කියලයි මගේ අදහස. මොකද දකුණු ආසියාව පුරාම මේ මොඩල් අඩු වැඩි විදිහට ක්‍රියාත්මක වෙන නිසා.

කථාවට එළඹීම,

උපන් සෑම අයෙක්ටම විශේෂ වූ නමක් දුන්නද මුන්නාට විශේෂ නමක් තිබ්බේ නැත. මුන්නා කියන්නේ උගේ භාෂාවෙන් කොල්ලාටය. ඒ නිසාම මේ කොල්ලාට අනෙක් කොල්ලන් සහ කෙල්ලන් විසින් කථාකලේ කොල්ලා කියාය. දහසකුත් ප්‍රශ්ණ තියෙන තැලෙන පොඩිවෙන මුන්නාට නමේ ප්‍රශ්ණය එන්නේ ඉස්කොලේ ගිය දවසේය. ගුරැවරයා විසින් හැමෝගෙම නම් අසමින් සිටින විට එක් කොල්ලෙකු තමන්ගේ නම කොල්ලා කියා කියයි.එක් නමක් නොවේ කියා කියමින් ගුරැවරයා විසින් මුන්නා "බාල්රාම්" ලෙස නමක් තිබයි.

හල්වායි නම් "රසකැවිලි කුළයේ" රික්ෂෝ තල්ලුකරන්නෙකුගේ පුතකුව ලෙස ඉපිද බැං​ගලෝරයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය << ඉන්දීය ක්‍රමය >> පිළිබද විස්තර ඔහු එකින් එක චීන ආණ්ඩුවේ ප්‍රධානියාට විස්තර කරයි. ( අප ඒ ඉන්දීය කුමය දකුණු ආසියාතික ක්‍රමය කියා නම් කරමු)

ඉතා දිළිදු රික්ෂෝ තල්ලුකරන්නෙකු වූ පියාගේ පරම්පරාවට පමණක් නොව තමන්ගේ පරම්පාරාවටද මුහුණ දීමටට සිදුවන කටුක අත්දැකීම්ද ලෝකයේ ඊනියා විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ ප්‍රජාතන්වාදය මුදල් ඇති තැනට පමණක් සීමා වීමේ කටුක යථාර්ථය එකින් එක බාල්රාම් විසින් විස්තර කරනු ලබයි.

ඔහු තම ජීවිතය හදුන්වනු ලබන්නේ "හාෆ්බේක් හෙවත් බාගෙට පිළිස්සූ ඉන්දියානුවෙකුගේ ජීවිත කථාව ලෙසය"


<< මං විතරක් නෙවෙයි. මේ රටේ ඉන්න දහස් ගණනක් උන් මං වගේම බාගෙට පිලිස්සුන උන්. මොකද අපිට සම්පූර්ණ අධ්‍යාපනයක් ලබාගන්න අවසර නෑ. අපේ ඉස්කොලෙකට පුංචි ​පෑන් ලයිට් එකක් ගහලා බලන්න. කෘතුකාගරයක තියෙන්න ඕනේ තරම් පැරණි අදහස් වලින් තමයි ඒවා පිරිලා තියෙන්නේ. >>

ලෝකයේ විශාලම ප්‍රජාතන්වාදය කියනා ඉන්දියාවේ නමට ඉස්කොල දහස් ගණනක් තිබුණද අධ්‍යාපනයේ සම අයිතිය සැමට නැත. අධ්‍යාපන ප්‍රතිපත්ති ගල් යුගයේ ඒවාය. දකුණු ආසියාතික අධ්‍යාපනය යනු ප්‍රශ්ණ කිරීමේන් තොරයටත් වීමකි. පවතින සියලු සමාජ සංස්කෘතික යන්ත්‍රයන් බාල්රාම්ට පමණක් නොව මේ මොහෙ​ාතේ අපට බලකර සිටින්නේ එවැනි ගනයේ යටත් වීමකි.

කථාවේ එක කොටසක එක් තැනක බාල්රාම්ගේ සිය පියාට අවම වශයෙන් ගෞරවනීය මිනිසෙකු ලෙස මියැදීමටද අහිමි වීම විස්තර කරයි. ​ඊනියා නිදහස් සෞඛ්‍ය සේවය කෙසේ වෙතත් ඉන්දියාව යනු දැවැන්ත ඔෟෂධ මාෆියාවක මූලස්ථානය වෙයි. එම නිසා මුදල් ඇති අයට පමණක් ජීවත් වීමේ අයිතිය හිමි අතර අනෙක් සියල්ලෝ නිරැවත් මහ පොළව මත දැගෑවී මියැදීමට නියමිතය.

සුදු කොටියෙකුගේ සිට සුදු කොලර් සමාජයට


"White Tiger" හෙවත් මේ සුදු කොටියා තමන්ට බැංගලෝරයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට හැකි වූ අයුරැ මොනවාට පැහැදිලි කරයි. දුෂ්කර ගමක තේ කඩයක ටී-​ෙකාලුවෙකු ලෙස වැඩකර දිල්ලියේ සල්ලිකාර නිවසක රියදුරෙකු වීමේ සිට සිය ස්වාමියා ඝාතනය කර එම මුදල් රැගෙන සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දක්වා වන ගමනේ සෑම සුවිෂේශී සංධිස්ථානයක්ම ඔහු චීන ප්‍රධානියාට ලියන ලිපියේ සදහන් කරයි.
එ් තුළ සුවිශේෂීම තැන වෙන්නේ දේශපාලනය සහ මුදල් අතර තියෙන සම්බන්ධය හෙළිදරව් වන අයුරැය. ඉහතින් සදහන් කල රැෂිඩිගේ මැදියම් දරැවෝ හී කියන ලෙසම දෙවියන්ට සහ මුදල් වලට සියලුම දේවල් වෙනස් කළ හැකිවන ලෙසය ගාන්ධිලා විසින් ඉන්දියාව ගොඩනැගුහ.

ටැක්ස් වංචා වලින් බේරීමට දහස් ගණනක් සන්තෝසම් මුදල්, මැතිවරණ සදහා වියදම් කිරීම වැනි ඉතා සාමාන්‍ය "දකුණු ආසියාතික ව්‍යෘපාරික" උපක්‍රම සුදු කොටියා විසින් පොත් තුළ හරි ලස්සනට විස්තර කරනවා.

කුණු වුනු දේශපාලන - සමාජ සම්ප්‍රදායට සමාන්තරව සමාජය කුණු වීමේ යථාර්තය පොත පුරා එක රේඛාවක් විදිහට නොකඩවා ගමන් කරනවා.ඉන්දියාවේ පමණක් නොව දකුණු ආසියාතික සමාජය තුළ අඩු වැඩි විදිහට අපට යෝජනා කරන ප්‍රධානම කාරණය "සල්ලි වලින් ඕන ගේමක්" ගහන්න පුලුවන් කියන එක.

ඒ සදහා වන "White Tiger" හී උදාහරණය අපට මේන්න ​ෙම් විදිහට සංෂිප්ත කරන් පුලුවන්.

>> බාලරාම් හෙවත් "White Tiger" ගේ ස්වාමියා මිස්ටර් අශෝක් ටැකස් වංචා වහන්න මුදල් විසිකරා වගේම රසකැවිලි කුලයේ බාල්රාම් එයාගේ ස්වාමියා මරලා ඔහුගේ මුදල් අරගෙන ඒ මිනීමැරැම වහන්න තමන්ව සොයන පොස්ටරයක් ගහලා තියෙන පොලීසියටම ගිහින් සල්ලි දීලා පොලීසිය ෂේප් කරගෙන බැංගලෝරයේ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වෙනවා. <<

මේක පොත් කියවනගෙන යද්දී හින්දි චිත්‍රපටයක් වගේ පෙනුනත්, මේ ක තමයි ඉන්දියාවේ විතරක් නෙමෙයි අපි පවා අත්විදිමින් ඉන්න ගද ගහන සත්‍ය.

ඒකට ළගම උදාහරණ සපයන්නේ නූතන ඉන්දියාවේ අගමැති. නරේන්ද්‍රා මූඩි. මූඩිගේ ඉතිහාසය සහ අපේ කථානායකයාගේ ඉතිහාසය එකට තියලා බැලූවාම අරවින්ද්ගේ "White Tiger" කෘතියේ බාල්රාම් අනාගතය හැටියට අපට උපකල්පනය කරන්න පුලුවන් වෙන්නේ ඉන්දියාවේ නූතන අගමැති සහ පත්වීමට නියමත සියලු අගමැතිවරැ.

තේහදපු, RSS නම් අත්වාදී සංවිධානයේ වසර 10 ක් ෆුල්ටයිම් කරපු, ගුජරාටයේ දහස් ගණනක් මුස්ලිම්වරැවන් ඝාතනයට වගකිවයුතු මූඩි අවසානයේ අම්බානිලාගේ සල්ලි බලයෙන් ඉන්දියාවේ අගමැති වෙනවා. ඒක තමයි සත්‍ය.

"White Tiger" කියවනගෙන යද්දී මට එකදිගටම දැනිච්ච දේ තමයි අර්වින්ද් 2008 දී ලියුපු "White Tiger" පොතේ කථානයකයා හෙවත් බාල්රාම්ගේ කථාව ඉන්දියාවේ අලුත් දේශපාලන තූල තවත් දිගටම ගලාගෙන යනවා කියලා.

එක තැනක බාල්රාම් තමන්ව සොයන පොස්ටරය දිහා බලාගෙන මෙන්න මේහෙම කියනවා.

" මේ පොස්ටරේ තියෙන්නේ මගේ රෑපේ වුනාට මේ තියෙන්නේ දහස් ගණනක් ඉනිදියානුවගේ රෑපේ."

මුදල් සහ දෙවියන් එකක් වෙච්ච ​ෙලා්කයක ඒ තියෙන් අපි හැමෝගෙම රෑපේ වෙන්න ගත වන්නේ තත්පර ගානක විතරයි.

ඉන්දියාවේ විතරක නෙමෙයි දකුණු අාසියාවෙම අලුත් දේශපාලනය සහ නිදහස ගැන බාල්රම් මෙන්න මෙහෙම චීන ප්‍රධානියාට විස්තර කරනවා.

" ඉන්දීය විප්ලවය ??

සමාවෙන්න සර්. ඒක වෙන්න නියමිත එකක් නෙමෙයි. මේ රටේ මිනිස්සු තවම විශ්වාස කරන්නේ එයාලගේ නිදහස ලබා ගන්න කරන්න වෙන යුද්ධය කොහෙන් හරි උඩින් පත්වෙයි කියලා. කන්දකින් හරි , කැලෑවකින් හරි එහෙම නැත්නම් චීනයෙන් , නැත්නම් පකිස්ථානයෙන්. ඒ හිංදා මේවා එකක්වත් වෙන්න නියමිත දේවල් නෙමෙයි. ඒ නිසා හැම මිනිහම තමන්ගේ බරණැසක් හදාගතු යුතුයි."

ඉන්දියාවෙන් පමණක් නොව දකුණු ආසියාව පුරාම නිදහස සම්බන්ධව ඇත්තේ මෙවන් අදහසකට වැඩි යමක් නොවේ. බොහෝ මිනිසුන් සිතන්නේ නිදහස උඩින් පාත්වේයැයි හෝ තමන්ගේ සතුරෙකු විසින් තමන්ගේ නිදහස පැහැරගෙන ඇති බවයි.

කෙසේ හෝ අර්වින්ද් අඩිගා එයාගේ "White Tiger" කෘතිය හරහා කරන්නේ සමස්ථ සමාජ යාන්ත්‍රණය නිරැවත් කිරීමක්. එක් එක විදිහකින් පවත්න සිසිටම් එකට කරන විවේචනයක්.


බාල්රාම් අපි උඹගේ ​විවාහයේ සියලු වියදම් දරන්නම්

බාල්රාම් අපි උඹගේ ​විවාහයේ සියලු වියදම් දරන්නම්

අපි උඹගේ බිරිදටත් හුකන්නම්

අපි උඹගේ බිරිදටත් හුකන්නම්

පවතින ක්‍රමය ඇතුලේ කිසිදු දෙයක් නිකමට හෝ අහිංසක ලෙස සිදුවීමට නියමිත නෑ . පොතේ සමස්ථ කථාව කියන්නේ අන්න ඒක.


කතෘ ගැන හැදින්වීමක් - අර්වින් අඩිගා ඉපදෙන්නේ 1984 දී චෙන්නායි හිදීය. ඉන්දීයාවේ මෙන්න ඕට්‍රේලියාවේ,ඇමරිකා එක්සත් ජනපදයේ,එක්සත් ජනපදයේ වරින් වර ජීවත් වූ ඔහු මේ වනවිට මුම්බායි හී ජීවත් වෙයි. "White Tiger" කෘතිය 2008 වර්ෂයේ Man Booker සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානනීය කෘතිය විය.


පසන් ජයතිලක

 

උල්පතෙන් අලූත් ගඟක් !

 

awardසයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල 2015

2014 වසරේ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය සංග‍්‍රහය මුද්‍රණයෙන් පළ කළ සාහිත්‍යකරුවන් අතරින් අනාගත විශිෂ්ට සාහිත්‍යකරුවා තෝරා සම්මාන ප‍්‍රදානය කෙරෙන සාහිත්‍ය සම්මාන උළෙලක් www.tidbilanka.com මෙහෙය වීමෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read more...

පකයා සහ බඩුව

 

Bandula--Vasuශ්‍රී ලංකා දේශපාලනය දැන් පකෙන් පයියට ගොස් තිබෙන්නේ හිටපු භාෂා ඇමතිගේත් අධ්‍යාපපන ඇමතිගේත් බස, බස බස ගාමින් රුපවාහිනී නාලිකා ඔස්සේ ජාතියේ ආලින්දවලට දෝරගලා එද්දීය.

Read more...

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය

 

White paper

" ඔබ සමග මේ බෙදා ගන්නේ කලාව සහ සංස්කෘතිය උදෙසා නව ජාතික ප්‍රතිපත්තියක් සඳහා අප විසින් සම්පාදිත යෝජනා සහ නිර්දේශ කෙටුම්පත ජනගත කිරීම අරබයා නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශයයි .

මාධ්‍ය ප්‍රකාශය

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය;
ධවල පත්‍රිකාව සඳහා යෝජනා සහ නිර්දේශ

කලාව සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රය තුළට උචිත හා නිරවද්‍ය ලෙස රාජ්‍යයේ මැදිහත් වීම සහතික කරන්නාවූ ජාතික ප්‍රතිපත්තියක් වූ කලී මෙතෙක් ඉටු නොවූ ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවකි . එනමුත් නිදහසින් පසු ඉකුත් වූ පසුගිය දශක හය තිස්සේ බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම මේ සම්බන්ධයෙන් පෙන්වා ඇත්තේ දැඩි උදාසීන සහ අසංවේදී පිළිවෙතකි. මේ තත්ත්වය නිසා දිගින් දිගටම මතුවන ගැටළු වර්ග දෙකකට මුහුණ දීමට ශ්‍රී ලාංකික සමාජයට සිදුවී ඇත.; ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ සිදු විය යුතු පරිද්දෙන් නූතන රාජ්‍යයක් විසින් අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැරිය යුතු වගකීම් නිරන්තරයෙන් පැහැර හරිනු ලැබ ඇත . එසේම, අනිත් අතට බලයට පැමිණෙන ආණ්ඩු මෙන්ම තනි දේශපාලනඥයන් විසින් නියාමනයට ලක් නොවන අයථා සහ හානිකර මැදිහත් වීම් මේ ක්ෂේත්‍රය තුළට කරනු ලැබේ . මේ නිසා දේශපාලනික වශයෙන් මෙන්ම සංස්කෘතික - අධ්‍යාත්මික වශයෙන් සමාජයට සිදු වී ඇති හානිය ඉමහත්ය .
මේ ගැටළු ගැන දීර්ඝ කාලයක් තිස්සේ උනන්දු වන අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් සහ වෘත්තිකයන් පිරිසකගේ මූලිකත්වයෙන් පසුගිය 2014 දෙසැම්බර් මස සිට ආරම්භ කරන ලද තීව්‍ර සාකච්චා ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙන් කලාව සහ සංස්කෘතිය සඳහාවූ ජාතික ප්‍රතිපත්තියක් සඳහා ධවල පත්‍රිකාවක් සම්පාදනය කරනු සඳහා ස්වෙච්චා කෙටුම්පත් කමිටුවක් 2015 පෙබරවාරි මාසයේදී නිර්මාණය විය . අද එම කෙටුම්පත් කමිටුව විසින් ජනගත කරනු ලබන්නේ එකී ධවල පත්‍රිකාවේ ආරම්භක කෙටුම් පතයි . මෙම ආරම්භක කෙටුම් පත 2015 මැයි මස 08දා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටද , මැයි මස 18 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ටද ඉදිරිපත් කරන ලදී . කෙටුම්පත් කමිටුවේ අභිලාෂය වන්නේ ඉදිරි මාස 06 ක කාලය තුළ මෙම කෙටුම්පත රට පුරා විසිරී සිටින කලා කරුවන් , විද්වතුන් සහ අනෙක් පරදු දරන්නන් ගේ මෙන්ම පුළුල් මහජනයාගේ අවධානයට යොමු කොට විධිමත් සාකච්චා සම්මන්ත්‍රණ ක්‍රියාවලියක් ඔස්සේ අවසාන ධවල පත්‍රිකා කෙටුම්පත සම්පාදනය කිරීමටයි .
අද මේ මොහොතේ රටේ අවධානයට යොමු කෙරෙන කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය උදෙසාවූ ධවල පත්‍රිකා කෙටුම් පත පරිච්චේද කිහිපයකින් සමන්විත වේ ; ප්‍රස්තාවනාව , දැක්ම, සන්දර්භ විශ්ලේෂණය, ප්‍රතිපත්තියේ පරිදර්ශනය සහ යෝජිත ප්‍රමුඛ ක්ෂේත්‍ර ( සඳහා යෝජනා සහ නිර්දේශ ) වශයෙනි . ඊට අමතරව කෙටුම් පත් කමිටුව සහ ක්‍රියාවලිය සහ ඉදිරි ගමන් මග ගැන තොරතුරු සහිත උපලේඛණ ද මීට ඇතුළත්ය .
මෙම කෙටුම්පත ඉදිරිපත් කරන දැක්ම , නව ජාතික ප්‍රතිපත්තියට අවශ්‍ය කෙරෙන කේන්ද්‍රීය අරමුණ , එහි කේන්ද්‍රීය මතවාදයද මෙන්ම කේන්ද්‍රීය දැනුම් ප්‍රවේශයද හකුලා අඩංගු කරගනී . මෙහි සංග්‍රහ කෙරෙන සන්දර්භ විශේල්ෂණය විසින් මෙවැනි ප්‍රතිපත්තියක් අවශ්‍ය කෙරෙන්නේ මන්ද යන ප්‍රශ්නය විධිමත්ව විමසන අතර, යෝජිත ප්‍රතිපත්තිය ගත යුතු දිශානතිය මෙන්ම එය ආමන්ත්‍රණය කළ යුතු ගැටළු සමුච්චය ගැනද සංඥා කරයි . ප්‍රස්තාවනාව තුළ මෙම අදහස් මාලාව මෙසේ සම්පිණ්ඩනය කර ඇත ‘අපි ජාතියක් වශයෙන් වැදගත් කාලසන්ධියක සිටින්නෙමු. සිවිල් සහ දේශපාලන ජීවිත මාන ශක්තිමත්ව හා කඩිනමින් යහපාලනය කරා ගමන් කිරීමට අරමුණු කර ඇත. ඉදිරියට තබන ලද මෙම පියවර තුළ අප බලාපොරොත්තු වන සමාජ, ආර්ථික හා දේශපාලනික පරිවර්තනය පසසන, එය ප්‍රකට කරවන හා ඊට පිටුබලය දෙන පරිවර්තනීය සංස්කෘතික දැක්මක් අත්‍යවශ්‍ය වේ. මෙම සංස්කෘතික පදනම නොමැතිව ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා අවශ්‍ය වන නූතන ශ්‍රී ලාංකික පුරවැසියාගේ සාකල්‍ය සංවර්ධනය ඵල නොදරනු ඇත.’
මෙම ධවල පත්‍රිකා කෙටුම් පතේ ප්‍රධාන අන්තර්ගතය තුළ අනාගත ජාතික ප්‍රතිපත්තිය විසින් ආමන්ත්‍රණය කළයුතු ප්‍රමුඛ ගැටළු ක්ෂේත්‍ර 09ක් සහ ඒවා යටතේ ගත යුතු ප්‍රධාන තේමා හඳුනා ගෙන ඇත . ඒවා නම් ;
1. කලාව හා සංස්කෘතියේ භූමිකාව
ජනතාවගේ සහ ජාතියේ සංවර්ධනයේ කේන්ද්‍රීය භුමිකාවක් ඉටුකරන ක්ෂේත්‍රයක් බවට කලාව හා සංස්කෘතිය පත්කිරීම,
.2. සංහිඳියාකරණය සහ සමාජ- සංස්කෘතික අන්තර්කරණය
පශ්චාත්-යුධ සමයේ කලාව හා සංස්කෘතිය නිසි ලෙස ස්ථානගත කිරීම
3. රාජ්‍ය සංස්කෘතික ආයතන හා යටිතලව්‍යුහ ප්‍රතිසංස්කරණ
මෙරට ජනතාවගේ සංස්කෘතික ශක්තීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රාජ්‍ය සංස්කෘතික ආයතන පුනරීක්ෂණය කිරීම හා පරිවර්තනය කිරීම.
4. කලාත්මක නිදහස
මෙය පරම හා මූලික අයිතිවාසිකමක් ලෙස සහතික කිරීම
5. සංස්කෘතික අරමුදල් හා හැකියාවන්.
කලා හා සංස්කෘතික කටයුතු උදෙසා අරමුදල් රැස්කිරීම ක්‍රමවත් හා වැදගත් කොට සලකන මූලධර්මයන්ට හා භාවිතාවන්ට කැපවීම.
6. කලා අධ්‍යාපනය
කලා අධ්‍යාපනය සඳහා පර්යේෂණ කිරීම සහ ඒ සඳහා ආයෝජනය.
7. කලාව හා සංස්කෘතිය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය / සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික අඩවිය
ශ්‍රී ලංකාවේ හා ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ජාත්‍යන්තර සංස්කෘතික ප්‍රතිරූපය, භූමිකාව හා හිමි ස්ථානය පරිවර්තනය කිරීම, ශක්තිමත් කිරීම හා ආයෝජනය.
8. සාම්ප්‍රදායික කලා හා ශිල්ප කළමනාකරණය
කලාව හා සංස්කෘතික සංරක්ෂණය කිරීම රජයේ වැදගත් හා වෙනමම වගකීමක් ලෙස හඳුනාගැනීම
9. කලා හා සංස්කෘතික විශිෂ්ටතම භාවිතා.
කලාව හා සංස්කෘතිය අරබයා 'විශිෂ්ටතම භාවිතා' යනුවෙන් සංකල්පයක් හඳුන්වා දී, ඒවායේ භාවිතා හා සංවර්ධනය සඳහා ආයෝජනය. යනාදී වශයෙනි
ඉහත කී සෑම මුඛ්‍ය තේමාවක්ම යටතේ යෝජිත නිර්දේශ මෙම කෙටුම්පත විස්තරාත්මකව දක්වයි.

මෙම කෙටුම්පත සම්පාදනය කරන ලද්දේ පහත සඳහන් මඩුල්ල විසිනි .
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
පරාක්‍රම නිරිඇල්ල
ලූෂන් බුලත්සිංහල
රුවන්ති ද චිකේරා
එම්. සෆීර්
හසිනි හපුතන්ත්‍රී


ආරම්භක සාකච්චා සඳහා කලාකරුවන් සහ විද්වතුන් පුළුල් පිරිසක් වරින් සහභාගි වී ඇත . ඒ අතර වූ මහාචාර්ය සින්නයියා මෞනගුරු , සබාපති සිවගුරුනාදන් ගේ දායකත්වය විශේෂයෙන් සඳහන් කළයුතුය. මෙම ක්‍රියාවලිය සඳහා තනි පුද්ගලයින් මෙන්ම සංවිධාන ගණනාවක් විවිධ ආකාරයෙන් සහයෝගය ලබා දී ඇත .. ඒ සියලු දෙනා වෙත සිය කෘතඥතාවය පළකරන කෙටුම් පත් කමිටුව ඒ අතර TVT ආයතනය , පුංචි තියටර් රඟහල , ඉන්ටරැක්ට් ආර්ට් සංවිධානය සහ ෆ්ලික්ට් යන ආයතන වෙත සිය විශේෂ ස්තුතිය පළකර සිටී ."

සටහන - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිය ෆෙස් බුක් පිටුවේ තබා තිබූ සටහනකකින් උපුටා ගන්නා ලදී

 

ආදරණීය ජේ.එච්.

 

JH

මෙයින් සිය වසකට පමණ පෙර තලංගම කොස්වත්තේ විසූ එල්.එම්.පී. ජයවර්ධන නොතාරිස් රාළහාමි සහ බිරිය චාලට් ලිසී පෙරේරා යුවලගේ වැඩිමල් පිරිමි දරුවා ලෙස ජිනදාස හරිස්චන්ද්‍ර ජයවර්ධන මෙළොව එළිය දුටුවේ 1921 අපේ‍්‍රල් 15 දින කඩුවෙල කොතලාවලදීය. දකුණු තලංගම සිංහල විද්‍යාලයෙන් පස්වන ශ්‍රේණිය දක්වා
අධ්‍යාපනය ලද ඔහු පසුව කොළඹ නාලන්ද විද්‍යාලයටද, අනතුරුව කුරුණෑගල මලියදේව විද්‍යාලටද ඇතුළත්ව සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කළේ ලන්ඩන් විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබමිනි.

එහෙත් විදෙස් ගතවීමට බලවත් අකමැත්තක් දැක්වූයෙන් උසස් අධ්‍යාපනය සඳහා ඔහුට ලැබී තිබූ අවස්ථාව අහිමිවිය.

අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවාගැනීම සඳහා එවක පැවැති විභාගයකට පෙනී සිට ඉන් සමත් වූ ඔහුට ප‍්‍රථම පත්වීම ලැබෙන්නේ රත්නපුරයටය. කෙටි කලක් සිය පවුලෙන් දුරස්ව රත්නපුරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස කටයුතු කරන අතර එවක රජයේ ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනීමේ විභාගයකට පෙනී සිටි ජයවර්ධන තරුණයා එයින්ද සමත්විය. රජයේ ලිපිකරු සේවයේ ඔහුගේ ප‍්‍රථම පත්වීම ලැබෙන්නේ කොළඹ විදුලි දෙපාර්ථමේන්තුවටය. පසුව රජයේ දෙපාර්තමේන්තු ගණනාවකම සේවය කිරීමෙන් අනතුරුව ඔහු රජයේ සේවයෙන් විශ‍්‍රාම යන්නේ 1975 වසරේදීය.

ජිනදාස හරිස්චන්ද්‍ර ජයවර්ධන එලෙස රජයේ සේවයෙන් විශ‍්‍රාම ගත්තද ඉන් පසුව ඔහුට විවේක සුවයෙන් ගෙවන ජීවිතයකට හිමිකම් කියන්නට අවස්ථාවක් නොලැබුණි. ඒ වන විට ඔහු ජේ.එච්. ජයවර්ධන යන නමින් ප‍්‍රකට කලාකරුවකු බවට රූපාන්තරණය වී සිටීම ඊට හේතුවයි. කලා ලෝකයට ජේ.එච්. ගේ ආගමනය සිදුවන්නේ ඔහු
රජයේ සේවයේ ලිපිකරුවකුව සිටියදී හදුනාගන්නට ලැබුණු වෘත්තීය සගයකු මාර්ගයෙනි. පේ‍්‍රමරත්න වැලිකළ (පී. වැලිකල) නම් වූ මේ වෘත්තීය සගයා පසු අවස්ථාවක ලිපිකරු සේවයෙන් ඉවත්ව ගුවන් විදුලි සංස්ථාවේ රැකියාවට ගොස් ජේ.එච්.ට ද ගුවන් විදුලියේ නාට්‍ය අංශයට සම්බන්ධ වෙන ලෙස. ඉල්ලීමක් කළේය. ඒ අනුව හේ
ගුවන් විදුලි නාට්‍ය හඩ කැවීම් ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියේ මහගෙදරට පා තැබුවේය.

එවක ගුවන්විදුලියේ අතිශය ජනප‍්‍රිය නාට්‍යයක් වූ ‘මොණරතැන්න’ නාට්‍යයේ රජ්ජුරුවන්ට පණ ලැබුණේ ජේ.එච්. ගේ හඩිනි. පසුව ගුවන් විදුලියේ නාට්‍ය අංශයේ නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ තනතුරද හෙබවූ ජේ.එච්. ‘විසි පැණ’, ‘පද පෙරළි’, ‘දැනුම මිනුම’ වැනි ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් මෙහෙයවමින් නිවේදකයකු ලෙසද සිය අනන්‍යතාවය සටහන් කිරීමට සමත්විය.

ජේ.එච්. ජයවර්ධන එලෙස කලා ලෝකයේ ඇරඹූ ගමන අවසන් වන්නේ වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ සුවිශේෂී රංග ප‍්‍රතිභාවක් ප‍්‍රකාශනයට පත්කළ සම්මානනීය චරිතාංග නලූවෙකු ලෙසිනි. හඩකැවීම් ශිල්පියෙකුගෙන් අරඹා ගුවන් විදුලි නාට්‍ය රචකයකු, නිෂ්පාදකයකු ලෙස දැක්වූ කුසලතාවයන් නිසාම
පසුව පී වැලිකළ විසින්ම ජේ.එච්. වේදිකාවටද හදුන්වා දුන්නේය. ගුවන් විදුලිය මෙන්ම වේදිකාවද දිග්විජය කළ ජේ.එච්. ගේ මුල්ම වේදිකා නාට්‍ය වූයේ ‘කෝන්තරය’ යි. පසුව ඔහු විසින් නිෂ්පාදනය කළ ‘දොන් සිමන්’ නාට්‍ය 1966 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල ද නියෝජනය කළේය. ‘හිරු නැති ලොව’ (1974), ‘ඉඩම’ (1975), ‘කැළණි පාලම’(1978), ‘සිහින සාප්පුව’(1991), ‘මකරාක්ෂයා’(1985) ඔහුගේ රංග ප‍්‍රතිභාව වේදිකාවේ ප‍්‍රදර්ශණය කළ නාට්‍ය නිර්මාණ අතරින් කීපයකි. ආර්.ආර්. සමරකෝන්, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල ආදී කෘතහස්ත නාට්‍යවේදීන්ගේ නාට්‍ය නිර්මාණවලට සම්බන්ධ වෙමින් සිය රංග ප‍්‍රතිභාව විදහා දැක්වීමේ ප‍්‍රතිපලයක් ලෙස ඔහුට සිනමාවට සම්බන්ධවීමට ද අවස්ථාව ලැබුණි.

ජේ.එච්. සිනමාවට පිවිසෙන්නේ ශාන්ති කුමාර සෙනෙවිරත්නගේ ‘එදා ?’ චිත‍්‍රපටියෙනි. පසුව ධර්මසිර් බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප‍්‍රමුඛ නිර්මාණකරුවන්ගේ සිනමා නිර්මාණයන්ට රංගනයෙන් දායක වූ ඔහු ‘අධිෂ්ඨානය’ චිත‍්‍රපටියේ කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

මේ සියලූ භූමිකාවන්ගෙන් මිදී වියපත්බවත්, රෝගී කයත් උරුම කරගත් ජේ.එච්. වසර කීපයක් තිස්සේ සිය ජීවිතයේ සැදෑ සමය ගෙවා දමමින් සිටියේ බොහෝ වෙහෙසකර ආකාරයෙනි. 2011 වසරේ මැද භාගයේ දිනෙක කඳානේ ඔහුගේ දියණියකගේ නිවෙසේදී අවසන් වතාවට මම ඔහු හමුව ආ ගිය තොරතුරු කතා බහක යෙදුණෙමි. ඒ වන විට ඔහු ඇඳට සීමා වී සිටියේය. එදින ඔහු මා සම`ග පැවසුවේ දැන් තම එකම ප‍්‍රාර්ථනය ‘මරණය’ බවය.

වසර දහතුනකට පමණ පෙර ග්ලූකෝමා නම් රෝගය වැලදීමෙන් ඇස් පෙනීම මුලූමනින්ම අහිමිවීමත්, පසුව අංශභාග රෝගයට ගොදුරුවීමත් නිසා එතෙක් ගත කළ සමාජීය ජීවිතයට සමුදී ලෙඩ ඇදට වැටුණු ජේ එච්ගේ රැකවරණයට එතැන් සිට සිටියේ බිරිය ස්වර්ණා සුමේධා ජයවර්ධනය. එදා ඔහුගේ අපේක්ෂාව වූ මරණය පොසොන් සඳ බැස යන රාත‍්‍රියේ ඔහු සොයා පැමිණීම අප කාට වේදනාවක් වුවද ඔහුට එය සැනසීමක් වූ බව නිසැකය.

ආදරණීය ජේ.එච්. ඔබ මියගියේ නැත. අප හදවත් තුළ සදාකාලික මතකයක් වූවා පමණි.

සටහන හා ඡායාරූප – ශ්‍රිලාල් සෙනෙවිරත්න

courtesy - Colombopost

 

‘සරැළි නො නැගෙන ගං දිය''

riverමම අඩවන් වූ දෑසින් ඈ දෙස බලා යළි ඉවත බලා ගනිමි. අන් කවරදාකටත් වඩා ඇය හැඟීම් විරහිත වූ ඩමියක සේයාවෙන් සාගරය දෙස බැලුවාය. ගලන දිය පහරක මතකයක් හරහා තවත් යමක් මගේ මතකයට ඒ. හෙරක්ලීටස් කියූ ඒ ආප්තය, එනම් එකම ගඟකට ඔබට දෙවරක් බැසිය නොහැක යන්නය. අනිත් අතට බුදුන්ද අරක නම් ශාස්තෘවරයෙකු විසින් එම ආප්තයම උගන්වන ලද බව කීවායි කියා ත්‍රිපිටක සාහිත්‍යයයේ සඳහන් වේ. Read more...

 

 

සිව් මංසල