19 January 2018
RSS Facebook Twitter   

පකයා සහ බඩුව

 

Bandula--Vasuශ්‍රී ලංකා දේශපාලනය දැන් පකෙන් පයියට ගොස් තිබෙන්නේ හිටපු භාෂා ඇමතිගේත් අධ්‍යාපපන ඇමතිගේත් බස, බස බස ගාමින් රුපවාහිනී නාලිකා ඔස්සේ ජාතියේ ආලින්දවලට දෝරගලා එද්දීය.

 

දැන් අපේ දරුවන්ට දිවා ආහාරයට පකක් පයීයේ දමාගන බන්දුල ගුණවර්ධන පකයා ගේ ආර්ථික විද්‍යා පන්තියට යා හැක. 

බඩගින්නට රඹ පකක් පයියෙන් ගෙන කාගෙන කාගෙන යාමටද භාධාවක් නැතුවා මෙන්ම තිඹිරි පක කපමින් අනෙකුත් සිසුවන් හා බෙදා හදා ගන්නටද පාසැල් විනය නීති එරෙහි නොවේ. කොළොඹ

රාජකීය විද්‍යාලයේ උගත් අගමැති වරයා මෙන්ම විදේශ ඇමති තුමා මේ ක්‍රියාවලි ගැන වාසු ගෙන් උගත යුතු මට්ටමක සිටී යයි ද සිතිය නොහැක.

අගමැති වරයා වාසු සහෝදරයා වට්ටක්කා ගෙඩියකට සමාන කිරීමේදී සහෝදරයා යනු බෑයා වීම තුල වාසු දැන් පකයා නොවී පක බෑයක් බවට පත්වී ඇත.

ඒත් ගරු කටයුතු වාසු බෑයා අපේ මහේන්ද්‍ර රජතුමාට පකයා කිව්වේ නම් බෑයා ගේ ඉතුරු බෑයට අත් වෙන ඉරණම.........

පසුගියදා වාසු තම පක බම්බුවේ දමාගත් චිත්තාකර්ෂණීය ආකාරය ජාතියට ආඩම්බරයකි.

බන්දුල හිටපු ඇමති වරයා කියන්නේ මේ වචන පැරණි සිංහලේ සුඛෝඋච්චාරණයේ සුලභව වැහැරුනු බවයි.පැරැණි බස අනුව සුඛෝඋච්චාරණය සඳහා "ස" අකුර "හ" බවට පත්වේ. "සු", "හු" වන ඇමති තුමා ගේ සුඛෝඋච්චාරණය පිලිබඳ රීතිය තවත් පැහැදිළි වන බව බස් වඩුවන ගේ මථයයි.

මේ ගැන හොයා බලද්දී පැරණි බස නව බසට බලපෑ අපූරු අවස්තාවක් සිහියට නැගේ.

උරණ නොව හැම කල
යෙහෙන් රකිතත් පණ සෙ නීතියෙන්
බඩුවක් මෙන් විකිණී
පහස දෙත් කාට වත් අගනෝ

මෙලෙස ස්ත්‍රී ය බඩුවක් ලෙස හඳුන්වන්නේ 1799 දී රචිත ලෝකෝපකාරය උපදේශ කාව්‍ය සංග්‍රහයේයි. නැතුව කොළඹ බජාර් එකේ සුළුදිය කොල්ලෝ නොවේ.

ලෝකෝපකාරය රචකයා හරිහැටි හඳුනා ගෙන නැති හෙයින් එය ලීයූ පකයාට දෙස් දෙවොල් නොතියා ලෝකෝපකාරයත් ලොකු පයියක දමාගන බඩුවක් බලන්නට යෑම යහපාලිත ජනතාවට නොකර බැරි ආස්වාදයක් වනවා නිසැකය.

එසේ යද් දී පක හොඳවයින් පිරිසිඳු කර ගෙන ගියොත්, ...........
--- පයිය අත ගාමින් සා ගින්දරට පකක් සොයමින් සිටිද්දී පයිය පතුලේ තිබී ලෝකෝපකාරය හමුවුණු සුත්ත පාඨකයෙක් විසින් හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා ලියා එව්වේ නොලියාම නොහැකි කැසිල්ලට බව නොකියා නොහැකියි ---

- පකට පුඟුලෙකු විසිනි

 

 

 

සිව් මංසල